IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


බන්දුලගෙන් හර්ෂට අභියෝගයක්

(ඩයනා උදයංගනී)

නිදහසින් පසු මෙරට ආර්ථිකය මුළුමනින්ම විනාශ කළ එකම ආණ්ඩුව පසුගිය එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව බවත්, එය එසේ නොවේ නම් ඒ පිළිබඳ ප්‍රසිද්ධ විවාදයකට එන්නැයි එම රජයේ හිටපු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාට අභියෝග කරන බවත්, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන, තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

තමන් මෙම කරුණ සංඛ්‍යාදත්ත ද සහිතව ඔප්පු කර පෙන්වීමට සූදානම් බව ද ඇමතිවරයා සඳහන් කළේය.
ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ බත්තරමුල්ල ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දී අද (30) පැවති මාධ්‍ය හමුවකදීය.

මෙම වසරේ පළමු කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතය පිළිබඳ දත්ත ප්‍රමාද වී ඇති බව කියමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා රජය හා ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට පසුගියදා එල්ල කළ චෝදනාවකට පිළිතුරු දෙමින් ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේය.

වර්තමාන ගෝලීය වසංගතය නිසා රටේ සියළුම නිෂ්පාදන ක්‍රියාවලි නවතා දැමීමටත්, ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ද මාස තුනක් වසා දැමීමටත් සිදුවූ බැවින් මෙම වසරේ පළමු කාර්තුව තුළ සමස්ත නිෂ්පාදන ක්‍රියාවලියට අදාළ දත්ත ගෙන්වා ගැනීමේ හා ඒවා විශ්ලේෂණය කර නිරවද්‍යාතාවය තහවුරු කරගැනීමේ ක්‍රියාවලිය ප්‍රමාද වීමක් සිදුව ඇතැයි ද ඇමතිවරයා කීවේය.

වසංගත තත්වය හමුවේ ලොව පුරා රටවල ආර්ථිකය මෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථිකයත් ඍණ අගයක් ගැනීම සම්බන්ධයෙන් කිසිදු දත්තයක් සැඟවීමේ අවශ්‍යතාවයක් රජයට නැතැයි ද ගුණවර්ධන මහතා කීවේය.

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 2014 දී සියයට 7 ක් වූ බව කී ඇමතිවරයා ආචාර්ය හර්ෂද සිල්වා මහතා නියෝජනය කළ පසුගිය ආණ්ඩුව බලයට පත්වූ පසු එය 2015 දී සියයට 5 ක් 2016 දී සියයට 4.5 ක්, 2017 දී සියයට 3.6ක්, 2018 දී සියයට 3.3ක් හා 2019 දී සියයට2.3 ක් වශයෙන් එම වර්ධන වේගය පහත වැටුණු බවද සඳහන් කළේය.



අදහස් (1)

බන්දුලගෙන් හර්ෂට අභියෝගයක්

Rata Perata Friday, 31 July 2020 06:30 AM

මේ කතා වලින්ම මෙයාගේ මොලේ තරම පේනවා. මෙයත් එක්ක වාද කරන්න 10 වසරේ ළමයෙක් දැම්මා නම් ඇති..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 636 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site