IMG-LOGO

2025 මාර්තු මස 22 වන සෙනසුරාදා


පොහොට්ටුව සමග අලුත් දීගය කුමක් ද? ඉදිරි වසර පහේ රට පාලනය කිරීමට අවශ්‍ය ශක්තිමත්ම ආණ්ඩුව අපි ගොඩනගන

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම්, ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ සම ජාතික සංවිධායක  රාජ්‍ය ඇමැති 

දයාසිරි ජයසේකර  

  • ඊයේ පෙරේද‌ා දේශපාලනය පටන්ගත්ත පොඩි ළමයි කියන ඒවට මම උත්තර දෙන්න අවශ්‍ය නෑ.  
  • හිටපු ජනපතිතුමියත් අපේ සන්ධානයට එක්වෙයි කියා මම බොහෝ දුරට විශ්වාස කරනවා. 

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු අතර අලුත් සන්ධානයක් ඇති විය. මෙම දේශපාලන දීගය කුමක් පිණිස ද? කොපමණ කලකට ද? මේ ඒ ගැන විමසමින් රාජ්‍ය ඇමැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන ලේකම්, ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ සම ජාතික සංවිධායක දයාසිරි ජයසේකර මහතා සමඟ කළ කතාබහකි.

  
ප්‍රශ්නය:- කොහොමද අලුත් සන්ධානය?  


පිළිතුර:- අපිට පුළුවන්කම ලැබුණා මේ රටේ දැවැන්තම නායකත්වයන් එකතු කරපු සන්ධානය හදන්න. විශේෂයෙන්ම හිටපු ජනාධිපතිවරුන් දෙදෙනකු හා වත්මන් ජනාධිපතිතුමා මේ සන්ධානයට නායකත්වය දෙනවා. ඒ වගේම පක්ෂය විතරක් නොවෙයි රටක් මෙහෙයවන්න පුළුවන් බැසිල් රාජපක්ෂ මැතිතුමා වගේ නායකයොත් මේ ක්‍රියාවලියට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ නිසා මේක බොහෝම ශක්තිමත් සන්ධානයක්.  


 ඒ වගේම පක්ෂ ගණණාවක්, දැනටමත් පක්ෂ 10 කට වැඩි සංඛ්‍යාවක් පළමු වටයේදී අපි එකතු කරගෙන තියෙනවා. ඊළඟට තවත් පක්ෂ විශාල සංඛ්‍යාවක් මේකට සම්බන්ධ වෙයි. ඉතිහාසයේ දැවැන්තම සන්ධානය අපි ගොඩ නගලා ඉවරයි. ඉදිරි අවුරුදු පහේ රට පාලනය කිරීමට අවශ්‍ය ශක්තිමත්ම ආණ්ඩුව අපි ගොඩ නගනවා.  


ප්‍රශ්නය:- ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධ කර ගන්නවට පොහොට්ටුවෙන් බරපතළ විරෝධයක් මතුවුණා? මොකද වුණේ?  


පිළිතුර:- ඒක ඉතින් ඒගොල්ලන්ගෙන්ම තමයි අහන්න ඕනැ.  


ප්‍රශ්නය:- ඒ විරෝධතාකරුවන් කිව්වේ ඡන්ද ලක්ෂ 3- 4 ක් තියෙන පක්ෂයක් මොකටද කියලය?  


පිළිතුර:- ඒකත් ඒගොල්ලන්ගෙන් අහන්න ඕනැ. එහෙම නම් ඉතින් මේ සන්ධානය හැදෙන්නේ නැහැනේ. බැසිල් රාජපක්ෂ මැතිතුමා බොහොම පැහැදිලිව ඔබ පුවත්පතටම කියලා තිබුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වටිනාකම කොච්චර ද කියලා. පොහොට්ටුවේ ප්‍රබලයෝ නොවෙයි ඔය පොඩි පොඩි ඊයෙ පෙරේද‌ා දේශපාලනය පටන් ගත්ත පොඩි ළමයි කියන ඒවට මම උත්තර දෙන්න අවශ්‍ය නෑ.  


ප්‍රශ්නය:- අලුත් සන්ධානයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනයි. සභාපතිකම කියන්නේ ‘ක්ලාක්’ තනතුරක් කියලා ඒකට සමච්චල් කරන අයත් ඉන්නවා.  


පිළිතුර:- ඒක ‘ක්ලාක්’ වුණත් ‘සී.ඕ.’ වුණත් අපට ප්‍රශ්නයක් නෑ. අපි එකමුතුවෙලා තියෙනවා. එච්චරයි. අපට තනතුරුවට නොවෙයි ප්‍රශ්නය තියෙන්නේ. අපිට අවශ්‍ය රට වෙනුවෙන් අපි බෙදෙන්නේ නැතිව එකමුතු වෙන්නයි. ගමේ මිනිහට ඕනෑ වෙලා තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, ශ්‍රී ලංක පොදුජන පෙරමුණත් එකට එකතුවෙලා වැඩකරන එකයි. ඒ වෙනුවෙන් අපිට කරන්න තියෙන කැප කිරීම අපි කරලා ඒ අරමුණ කරා යනවා.  


 ඉදිරියේ ගොඩ නගන ආණ්ඩුව මේ ප්‍රතිවාදීන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කරනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අත්පත් කරගත් අති විශිෂ්ට ජයග්‍රහණය මේ රටේ ජාතික බලවේගවල මෙන්ම සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනයාගේ ජයග්‍රහණයක්. ඒ ජයග්‍රහණය ආපසු හරවන්න අපි ඉඩ තියන්නේ නෑ. මොකද අපි මේකේ කොටස්කාරයෝ හැටියට වැඩ කළා.  


ප්‍රශ්නය:-ඔබලා බොහොම පැහැදිලිව කිව්වා. ‘අලුත් සන්ධානයක් හදනවා නම් අලුත් ලකුණක් අවශ්‍යයි.’ කියලා. නමුත් ඔබලාත් ඒ සටන් පාඨය හකුලා ගත්තා?  


පිළිතුර:- ඔව්. අලුත් ලකුණක් අවශ්‍යයි කියන කාරණය අපි විතරක් නොවෙයි හැම කෙනෙක්ම ඒක ප්‍රකාශ කළා. ඒ මතයේ අපිත් ඉන්නවා. මොකද හේතුව. සන්ධානයක් නම් ඒකට පක්ෂයක ලකුණක් ගන්න බෑ.  


ප්‍රශ්නය:- නමුත් අන්තිමට වුණේ ඒකයි?  


 පිළිතුර:- ඒක මෙහෙමයි. ඒ හැම තර්කයකටම වඩා වටින්නේ අපේ එකමුතුකමයි. ඒ සඳහා අවශ්‍ය කරන කැප කිරීම අපි කරලා තියෙනවා. දැන් තියෙන්නේ මැතිවරණයට මුහුණ දීලා ශක්තිමත් ආණ්ඩුවක් හදන්න කැපවෙන එකයි.  


ප්‍රශ්නය:- හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකටත් මේ අලුත් සන්ධානයට ආරාධනා කරනවා කියලා ඔබ කියලා තිබුණා?  


පිළිතුර:- ඔව්. ඇත්ත වශයෙන් එතුමියත් මේ සන්ධානයට එකතු කරගත්තොත්, ලොකු ශක්තියක් වෙයි. එහෙම වුණොත් පළමු වතාවට ලංකා ඉතිහාසයේ හිටපු ජනාධිපතිවරුන් තුන් දෙනෙකුත් ඉන්න ජනාධිපතිත් එකට එකතු වුණු දැවැන්තම සන්ධානය ගොඩ නැගෙයි. අපි කවුරුත් කැමැති නෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැඩිලා යනවට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යම් යම් වැරැදි අඩුපාඩු ඉතිහාසයේ කරලා තිබුණා නම් ඒවා නිවැරදි කරගෙන පක්ෂයක් විදියට ඉදිරියට යා යුතුයි කියලයි අපේ අදහස.  


චන්ද්‍රිකා මැතිනිය කියන්නෙත් මේ රටට ආදරය කරන කෙනෙක්. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් ගන්න 1994 දී විශාල කැප කිරීමක් කරපු නායිකාවක්. ඒ නිසා එතුමිය අතින් වෙලා තියෙනවා නම් යම් යම් අඩුපාඩු ඒ මත පදනම් වෙලා එතුමිය සම්පූර්ණයෙන්ම බැහැර කරන්න මම නම් සූද‌ානම් නැහැ. අපිට අවශ්‍යයි එතුමියත් එකතු කරගෙන මේ ගමන යන්න.  


ප්‍රශ්නය:- නමුත් පහුගිය කාලය ගත්තොත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා පෙන්නුම් කළේ රාජපක්ෂ විරෝධි භූමිකාවක්?  


පිළිතුර:- ඒකට අපි අපේ විවේචනය එල්ල කළා. එතුමියට අපි අපේ විරෝධය පළ කළා. ඒ විතරක් නොවෙයි. එතුමිය ඒ ගත්ත ක්‍රියාමාර්ගය පරාජයටත් පත්වුණා. දැන්වත් ඒ වැරැදි ක්‍රියාමාර්ගය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අත්වුණ බලපෑම නවත්වන්න පුළුවන් වෙන්නේ එතුමියත් එක්ක ගිය කණ්ඩායමක් නැවත පක්ෂයට එකතුකර ගැනීමෙනි.  
 එතකොට තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් වෙන්නේ. ඒ සඳහා එතුමියත් නිවැරැදිව දේශපාලන විඤ්ඤානයක් සහිතව කල්පනා කරන කෙනෙක් නිසා එතුමිය අපේ සන්ධානයට එක්වෙයි කියලා මම බොහෝ දුරට විශ්වාස කරනවා.  


ප්‍රශ්නය:- 2015 මහ මැතිවරණ වේදිකාවේදී අපි දැක්කා මහින්ද විරෝධී මන්ත්‍රීවරුන්ට පාක්ෂිකයන්ගේ විරෝධය එල්ල වෙනවා. ‘අපිව පරාජය කරන්න යටින් ගේමක් ගැහුවා.’ කියලා ඔවුන් කිව්වා. මෙවර මැතිවරණ ව්‍යාපාරය තුළ එවැන්නක් නොවේවි යැයි ඔබට සහතිකයක් තියෙනව ද?  


පිළිතුර:- මහින්දවාදීන් හා මහින්ද විරෝධීන් කියලා ප්‍රශ්නයක් මෙතැන නෑ. හේතුව තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසක් ගිහින් වෙන පක්ෂයක් හැදුවා. ඒ පක්ෂයේ නායකත්වය මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා බාර ගත්තා. අපි එකතු වීමේදී රට වෙනුවෙන් එකතු වෙනවා මිසක් මහින්දවාදීද මහින්ද විරෝධී ද කියලා එකක් නෑ. මොකද මහින්ද රාජපක්ෂ මැතිතුමා අපේ හිටපු ජනාධිපතිතුමා. 2015 ජනාධිපතිවරණයේදී අපි වැඩ කළේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට. වෙන කාටවත් වැඩ කළේ නෑ.  
 මහින්ද රාජපක්ෂ මහත්මයාම තමයි අපේ පක්ෂයේ නායකත්වයට මෛත්‍රීපාල සිරිසේන මහත්මයාව ගෙනල්ලා ඒ වැඩ කටයුතු ටික කළේ. ඉතින් ඒ නිසා කිසිම වෙලාවක අපි පුද්ගලවාදීව කටයුතු කළේ නෑ. අපි කල්පනා කරන්නේ බොහොම පැහැදිලිව රට හා පක්ෂය ගැනයි.  


ප්‍රශ්නය:-ඔබේ ආණ්ඩුවට මාස තුනයි. නමුත් ආණ්ඩුවේ ජනප්‍රියත්වය වේගයෙන් පිරිහිලා කියලා කිව්වොත්?  


පිළිතුර:- ඕක ඔය එළියේ ඉඳන් කියන කතාවක්නේ. කොහේද අපේ ආණ්ඩුවේ ජනප්‍රියත්වය කඩා වැටිලා තියෙන්නේ. ජනාධිපතිතුමා විශාල පියවර රාශියක් මේ කෙටි කාලයට ගත්තා. විශේෂයෙන්ම දැවැන්ත බදු බරකට යට කරලා හිටපු ව්‍යාපාරිකයන් මෙන්ම සාමාන්‍ය ජනතාව ඒ බරෙන් නිදහස් කරගත්තා. ඒ වගේම තවත් ඵලද‌ායි යෝජනා රාශියක් ගෙනල්ලා තියෙනවා. රටට හිතකර ප්‍රතිපත්ති ගණනාවක් එතුමා ක්‍රියාත්මක කරන්න බැරිවෙලා තියෙනවා.  


ඒ නිසා අපි පුළුවන් තරම් ඉක්මණින් ආණ්ඩුවක් හද‌ාගෙන ඉදිරියට යනකොට මේ ස්ථාවරත්වය තව තවත් ශක්තිමත් වෙයි. ඒ හරහා අපේ සැලසුම් ක්‍රියාත්මක කළ හැකි දියුණු පරිසරයක් නිර්මාණය කර ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා කෙටි කාලයක් තුළදී අපේ ආණ්ඩුවේ ජනප්‍රියත්වය තීරණය කරන්න බෑ.  


ප්‍රශ්නය:-මීගමුවේ කඩොලාන පද්ධතියක ක්‍රීඩා පිට්ටනියක් හදන්න රාජ්‍ය ඇමැතිවරයෙක් කතාකළා. චක්‍රලේඛයට පිටින් ළමයෙක් පාසලට ගන්න කියලා බද්දේගමදී තවත් රාජ්‍ය ඇමැති කෙනෙක් විදුහල්පතිවරයකුට බලපෑම් කළා. මෙහෙමද ආණ්ඩු කරන්න බලාපොරොත්තු වෙන්නේ?  


පිළිතුර:- පැහැදිලිවම ඔබ දන්නවා ඔය මීගමුව කඩොලාන ප්‍රශ්නයේදී ජනාධිපතිතුමත් අගමැතිතුමා ඇතුළු කැබිනට් මණ්ඩලය ඉතාම තද ස්ථාවරයක හිටියා ඒ රාජ්‍ය නිලධාරිනියගේ පැත්ත අරගෙන. වෙනස් ආණ්ඩුවක් තිබුණා නම් රාජ්‍ය නිලධාරිනිය එහෙට මෙහෙට මාරු කරලා අැයට තර්ජනය කරලා ලොකු ලෙඩක් ද‌ා ගන්නවා. නමුත් මේ ආණ්ඩුව එහෙම ක්‍රියා කළේ නෑ. අතිගරු ජනාධිපතිතුමත් අගමැතිතුමත් ආණ්ඩුවත් බොහොම පැහැදිලිව ඉන්නේ ඉතාම හොඳ ස්ථාවරයක.  


 එවැනි සිදුවීම් නැවත සිදුවිය යුතු නෑ කියන එකයි අපේ ස්ථාවරය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඉතාම දැඩිව ඒ ස්ථාවරයේ ඉන්නවා. මෙවැනි සිදුවීම් වුණාම ඒ සිදුවීම් ඇතිකළ අයටයි ප්‍රශ්න ඇතිවෙන්නේ. ඒ නිසා අපි ඒකට හොඳින් මුහුණ දීලා තියෙනවා. නීතියට පිටින් කිසිවක්ම වෙන්න ඉඩ තියන්නේ නෑ.  


ප්‍රශ්නය:-සයින්දමරුදුවලට මහ නගර සභාවක් දුන්නෙත් දේශපාලන කප්පමක් වශයෙන් කියලත් කියනවා?  


පිළිතුර:- දේශපාලන කප්පමක් වශයෙන් දුන්නා නම් ඒක අනිවාර්යයෙන්ම ඡන්දයට පෙරාතුව. ඒක දෙන්න මහා ඡන්දයට පෙර ජනාධිපතිතුමා බොහොම පැහැදිලිව ඔවුන්ට පොරොන්දුවක් වුණා එතැන යම් ප්‍රශ්නයක් වුණා. නමුත් දීපු පොරොන්දුවක් තමයි ඉෂ්ඨ කළේ. එහෙම නැතිව කප්පමක් නොවෙයි. මෙතැනදී යම් යම් ප්‍රශ්න ගණනාවක් මතුවෙයි. නමුත් අවුරුදු ගානක් පුරා ඔවුන්ගේ ඉල්ලීමක් තමයි මේ ඉෂ්ට කළේ.  


ප්‍රශ්නය:-ඒ තීරණයට කැබිනට් අනුමැතිය ලැබුණේ නෑ කියලා සමාජ ජාලාවල පළවෙනවා?  


පිළිතුර:- මම නම් දන්නේ නෑ. මොකද මම කැබිනට් මණ්ඩලයේ නැති නිසා. එතැන මොකද වුණේ කියලා මම හරියටම දන්නේ නැහැ. කොහොම වුණත් සමාජ ජාලා පහර දෙන එක ඔබට මට කියලා වෙනසක් නෑ හැමෝටම පහර දෙනවා.  


ප්‍රශ්නය:-- ජිනීවා යෝජනාවලින් ආණ්ඩුව ඉවත් වුණා කියලා ආණ්ඩුව කිව්වා. මේ නැවතත් ජාත්‍යන්තර අවුස්සා ගැනීමක් කියලා කියන අයත් ඉන්නවා.  


පිළිතුර:- අපි රටක් විදියට අපේ ස්වෛරීභාවය විනාශ කරන්න ඉඩදීලා කටයුතු කරලා තිබුණා පහුගිය කාලයේ. මංගල සමරවීර මැතිතුමත් ඒ වගේම ඒ ආණ්ඩුවම ඒකට වගකිව යුතුයි. නමුත් ඒ යෝජනාවලට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවෙලා තිබුණෙත් නෑ. පෞද්ගලිකව ඒ යෝජනාවලට සහාය දෙනවා කියලා කීම රටක් විශාල අර්බුදයකට ලක් කිරීමක්. ඒ නිසා එයට එරෙහිව කටයුතු කරන්න අපි ලෑස්තියි. ඒ එන ඕනෑම අභියෝගයකට අපි මුහුණ දෙන්න සූද‌ානම්.  


ශ්‍රී ලාංකේය ජනතාව විදියට අපි ඒකට මුහුණ දිය යුතුයි. එහෙම නැතිව කිසිම බලවේගයකට රට පාවා දෙන්න අපි කටයුතු කරන්නේ නෑ. මුල ඉඳලම අපි කියපු දෙයක් තමයි රටේ ආරක්ෂාව, භෞමික අඛණ්ඩතාව, ස්වෛරිභාවය ආරක්ෂා කරනවා කියලා. එතැනින් පිට ගමනක් අපිට නෑ.  


ප්‍රශ්නය:- මුලදී නම් කිව්වේ මහ මැතිවරණයෙන් තුනෙන් දෙක ගන්නවා කියලා. දැන් නම් එහෙම කතාවක් නෑ?  


පිළිතුර:- මෙහෙමයි තුනෙන් දෙක ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ නෑ. ඒකට හේතුව මේ ඡන්ද ප්‍රතිශත වැටිලා තියෙන ප්‍රමාණය අනුව එහෙම ඉලක්කයකට යන්න බෑ. අපි යථාර්ථවාදී විය යුතුයි. තුනෙන් දෙකක බලයක් ගන්න මේ ක්‍රමය තුළ අමාරුයි. නමුත් අපි බලමු. ජනතාවනේ තීන්දුව දෙන්නේ.  


 

 

 

සාකච්ඡා කළේ - ප්‍රසන්න සංජීව තෙන්නකෝන්  



අදහස් (0)

පොහොට්ටුව සමග අලුත් දීගය කුමක් ද? ඉදිරි වසර පහේ රට පාලනය කිරීමට අවශ්‍ය ශක්තිමත්ම ආණ්ඩුව අපි ගොඩනගන

ඔබේ අදහස් එවන්න

 

දේශපාලන

ආණ්ඩු මට්ටු කළ ආහාර තහනම
2025 මාර්තු මස 12 434 0

යම් යම් යුගවල ඇතිවුණු ආහාර හිඟය නිසා නොයෙක් අණපනත් පනවා ආහාර පාරිභෝජනය ප්‍රවාහනය සහ සංග්‍රහයට සීමා නීති පැන වූ අවස්ථා රැසක් මෙරට දේශපාලනයෙහි විය.


මහත්මා ගාන්ධිගේ යාපනය සංචාරය
2025 මාර්තු මස 12 238 0

1920 දශකයේ මැද භාගයේ බිහිවූ , ආරම්භයේ දී යාපන ශිෂ්‍ය කොංග්‍රසය නමින් හැඳින්වූ “යාපන තරුණ කොංග්‍රසය” එම යුගයේ බිහිවූ දේශපාලන සංවිධාන අතුරින් ඉතාමත් දියුණ


කටට බ්‍රේක් නැති දේශපාලකයෝ
2025 මාර්තු මස 12 318 0

රෝහිණී කවිරත්න නමැත්තියක රෝහිණී ළමාරත්න ලෙස නම වෙනස් කිරීමේ කතාවක් මුල් කර ගෙන ජාතික ජන බලවේග රජයේ නියෝජ්‍ය ඇමැතිවරයකු කළ කතාවක් ඉකුත් දිනවල දේශපාලන


ගැහැනිය සවිබල ගන්වන ජාත්‍යන්තර කාන්තා දිනය
2025 මාර්තු මස 12 70 0

කාන්තාව යනු පෘථිවි ලෝකය නමැති නෞකාව පදවන නැව් පතිනිය යි. ඇය විටෙක ආදරයෙන් පිපෙයි, ආදරයෙන් සුවඳවත් වෙයි, ආදරයෙන් පැහැගැන්වෙයි, අවසානයේ ආදරේ නාමයෙන්ම පර


වී අලෙවි මණ්ඩලය ගොඩගත හැකිද?
2025 මාර්තු මස 10 50 0

මෙරට සහල් සහ පොල් ප්‍රශ්නය ජාතික ප්‍රශ්නයක් ලෙස මතු වන්නේ එම ද්‍රව්‍ය දෙකම හිඟ වූ විටය. සහල් හිඟය හේතුවෙන් වත්මන් රජයට විවිධ අපවාද එල්ල වූ අතර, ජනාධිපති


මැති ඇමති ආරක්ෂාව
2025 මාර්තු මස 10 71 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විවිධ ජනහමු අතරතුර ජනතාව අතරට යාම ඔහුගේ ආරක්ෂාවට තර්ජනයක් බවට බුද්ධි අංශ හඳුනාගෙන ඇතැයි මේ වනවිට පුවත් පළ වී තිබේ. ඒ


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 47 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 491 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1095 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site