(රංජන් කස්තුරි)
පොහොට්ටු පක්ෂයේ ප්‍රචාරණ කටයුතුවලදී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ රුව යොදානොගැනීම ගැන තමා කනගාටුවන බව කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති දයාසිරි ජයසේකර මහතා කොළඹ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (3) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවසීය.
මහාචාර්යතුමා කණ්ණාඩි පැළැඳ සිටින අලංකාර ඡායාරූපයක් ප්‍රචාරණ කටයුතුවලට යොදා ගත්තේනම් ඡන්දදායකයින්ට එය වැදගත් වනු ඇතැයි ඇමැතිවරයා කීය.
කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් හෙතෙම ඒ අදහස් පළ කළේය.
එහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න හා ඒවාට සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරුන් ලබාදුන් පිළිතුරු මෙසේය.
ප්‍රශ්නය:- දයාසිරි ඇමැතිතුමනි, ඔබ තුමාගේ ගුරුතුමා මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයා. එතුමාගේ පක්‍ෂයට වෙනත් නායකයන්ගේ ඡන්දය යොදා ගැනීම ගැන අදහස මෙකක්ද?
දයාසිරි ජයසේකර මහතා
අපටත් තියෙන කනගාටුව ඒකම තමයි. බලන්න කොච්චර ලස්සනද කණ්ණාඩි දෙකක් දාලා මහාචාර්යතුමා ඉන්න ලස්සන පින්තූරයක් දැම්මානම් කොච්චර හොඳද?
ප්‍රශ්නය- හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අයිති කුමන පක්‍ෂයටද?
රාජිත සේනාරත්න මහතා
කිසිම පක්‍ෂයකට අයිති නැහැ. එයා රිටයර්ඞ් නිකම්ම නිකම් මන්ත්‍රීකෙනෙක්. ඒවගේ 225 ක් පාර්ලිමේන්තුවේ ඉන්නවා.
දයාසිරි ජයසේකර මහතා:-
ඇත්තටම මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ශ්‍රීලනිපයේ අනුශාසකවරයෙක්. ශ්‍රීලනිපයට අනුශාසකවරු හතර දෙනෙක් ඉන්නවා. චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය, මහින්ද රාජපක්ෂ මහතා, දි.මු. ජයරත්න මැතිතුමා සහ චමල් රාජපක්‍ෂ මැතිතුමා.
ඒ වගේම හිටපු නායකයින් වන බණ්ඩාරනායක මැතිතුමා, සිරිමාවෝ මැතිනිය, චන්ද්‍රිකා මැතිනිය, මහින්ද රාජපක්‍ෂ මැතිතුමා අපේ පක්‍ෂයේ හිටපු නායකයෝ. අපි එම නායකයින්ගේ ඡායාරූප භාවිත කරනවා. කවුරු හරි ඒකට අකැමැතිනම් පක්‍ෂයට ලිඛිතව දැනුම් දුන්නොත් අපට ඉල්ලීම සලකා බලන්න පුළුවන්.
ප්‍රශ්නය- නාමල් රාජපක්‍ෂ මන්ත්‍රීතුමා කියනවා ඒ අයගේ ආණ්ඩුවක් යටතේ එෆ්.සී.අයි.ඩීයේ නිලධාරීන් විදේශ සංචාරවලට වියදම් කළ මුදල් ගැන සොයා බලනවාය කියා.
රාජිත සේනාරත්න මහතා
ඔව්.ඔව්. නාමල් මන්ත්‍රීතුමාද? එතුමාට බය ඇති ඩුබායි ගිහින් බැංකු ගිණුම් ගැන සොයානවාට. සොයා බලන්න ඕනේ ආණ්ඩුවක් ගත්තොත්නේ. ආණ්ඩුවක් ගන්න ඉන්න එපායැ. හෙට අනිද්දාම පිළිතුරු ලැබේවි. ඩුබායිවල බැංකු ගිණුම් සොයනවාට නාමල් බය ඇති. තවත් සමහරුත් බයයි එෆ්.සී.අයි.ඩී ය රටගිහින් කාගේ ගිණුම්ද සොයා ගත්තේ කියලා මේ අයට බය ඇති. පුතාගේ ගිණුම් ද, ලේකම්ගේ ගිණුම් ද මන්ත්‍රීගේ ගිණුම් ද එහෙමත් නැත්නම් සභාපතිගේ ගිණුම් ද කියලා දැන ගන්නකම් මේ අයට ඉවසිල්ලක් නැතිව ඇති.
ප්‍රශ්නය:-මේ ආණ්ඩුව දෙසැම්බර් මාසෙන් ඉවර කරනවා කිව්වා. ඊට පස්සේ තව අවුරුද්දක් දිග් කරනවා කිව්වා. මොකක්ද ඇත්ත කතාව.
දයාසිරි ජයසේකර මහතා
අපි පෙබරවාරි දහය දක්වා මේ විදියට යනවා. ඡන්ද ප්‍රතිඵලයෙන් පස්සේ තීන්දුවක් ගන්නවා. අපි ඡන්දයට හොඳින් මුහුණ දෙනවා. ශ්‍රීලනිප පාක්ෂිකයන්ට කිසිදු අසාධණයක් කරන්නේ නැහැ. පාක්‍ෂිකයින්ගේ ගෞරවය ආරක්‍ෂා වන පරිදි හොඳ තීන්දුවක් ගන්නවා.
රාජිත සේනාරත්න මහතා
මුකුත් වෙන්නේ නැහැ. අපි මේ විදියට 2020 දක්වාම යනවා. ඊට පස්සේ බලනවා 2025 වෙනතක් යන්නේ කොහොමද කියලා. ජනාධිපතිතුමාත් කිව්වා 2020 වෙනකන් මේ ආණ්ඩුව යනවා කියලා.
ගයන්ත කරුණාතිලක මහතා
නායකයෝ දෙන්නම ඒ ගැන ප්‍රකාශ කළා. අගමැතිතුමා කිව්වා 2020 වෙනකන්ම මේ ආණ්ඩුව මේ විදියට යනවාය කියලා.
අප රටේ ජනතාව මේ රටේ විශාලතම දේශපාලන හැරවුම ඇති කිරීමට දායක වුණා. ඒ වගේම පසුගිය මාස දෙකක කාලය තුල මේ රටේ දේශපාලන සංස්කෘතියේ සුවිශාල පරිවර්තනය ඇති කිරීමට
රටත්, ජනතාවත් වෙනුවෙන් බොහෝ යහපත් දේ ඉටු කිරීමට දුන් ප්‍රතිඥා එලෙසම ඉටු කිරීමට පසු නොබස්නා වීර්යෙන් කැප වී සිටින බව ජනාධිපති අනුර දිසානායක මහතා තෛපොංග
එකිනෙකා අගය කිරීම සහ කෘතගුණ සැලකීමේ උතුම් ගුණාංග උදෙසා දමිළ ජනප්‍රජාව විසින් සෑම වසරකම ජනවාරි මාසයේ සැමරෙන තෛපොංගල් උත්සවය සැබෑ සංස්කෘතික වටිනාකම් ක
ගුණාත්මක, ප්‍රශස්ථ සහ විධිමත් නිදහස් සෞඛ්‍ය සේවාවක් මෙරට ජීවත්වන ජනතාවට අඛණ්ඩව ලබා දීම සඳහා ඉදිරි වසර තුන තුළදී ප්‍රධාන ධාරාවන් පහක් ඔස්සේ මෙරට සෞඛ්
ආණ්ඩුවේ නව බදු ක්‍රමය ජනතාවට විශාල බරක් මෙන්ම රටේ ආර්ථිකයට ද අහිතකර බලපෑමක් ඇති කළ හැකි බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහ
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
පොහොට්ටුවේ ප්‍රචාරයට ජී.එල්.ගේ රුව යොදා නොගැනීම කනගාටුවක්
anura Thursday, 04 January 2018 02:30 PM
ඔබතුමාට පැවැරී ඇති විෂයන් වල සියළු ප්‍රශ්ණ වලට විසඳුම් සොයාගෙන ඊට පස්සේ පොහොට්ටුවේ ඇති පිංතූරය ගැන සොයන්න. පොහොට්ටුවේ ඇති පිංතූරය ඔබතුමන්ලාට දැවෙන ප්‍රශ්ණයක් උවත් ඒක මහජනතාවට ලොකු දෙයක් නොවෙයි.
බන්ඩා Friday, 05 January 2018 03:31 PM
අහක තිබෙන පෙහොට්ටුවකට හොට දාන්නේ නැතුව පැනලා වැඳලා බදා ගත්ත ක්‍රීඩාව ගැන බලාගන්න...
රාජුන් Saturday, 06 January 2018 08:23 AM
මට හිතා ගන්න බැරි දෙයක් තියෙනවා. ඇයි මේ දේශපාලකයෝ ඔක්කොම කතා කරනකොට අත් දෙක උඩරට නැටුමක් නටනවා වගේ හදාගන්නේ?
senewi Sunday, 07 January 2018 05:22 AM
එජාපෙන් පැනල ආපු අය තමයි අද ශ්‍රීලංනිපෙ අයිති කාරයෝ වෙලා තියෙන්නේ
Kerstin ranasinghe Sunday, 07 January 2018 03:28 PM
කළ යුත්ත, නොකළ යුත්ත මොකක්ද කියලවත් අපේ රටේ දේශපාලකයෝ දන්නේ නැහැ. ලෝකයේ අපි කොහෙද ඉන්නේ කියලා කිසිම දැක්මක් නැහැ...
sunil Monday, 08 January 2018 07:22 AM
අර ඉස්සර බෙරයක් එක්ක කොළඹ ටවුමේ නටපු පින්තුරේ දැම්මා නම් නියමයි. ජී.එල්ගේ පින්තූරේ වෙනුවට....
siri Monday, 08 January 2018 09:28 AM
දයාසිරි මහත්තයෝ, හරියට ඉගෙන ගෙනම බැලුවානන් ඊට වඩා හොදයි නේද? ඒ ෆොටෝ එක දාන්න කිව්වා නම් ... එතකොට ජනතාවට කුමක් හරි කරන්න පුළුවන්...
asanga Sunday, 14 January 2018 05:12 AM
බලමු
rocky Monday, 15 January 2018 02:57 AM
මාර අදහසක්! ජී.එල්.පිරිස් මහත්තයාගේ පින්තුරේ බැනර් වලට දැම්මා නම් පොහොට්ටුව කපෝති!
wijesundara france Tuesday, 16 January 2018 09:29 PM
අර ලසිත් මාලිංග කියපු කතාව හරියි වගේ !!!