(රන්න චන්ද්‍ර සේන ගමගේ)
රණසිංහ ප්‍රේමදාස මහතා විසින් පාසැල් සිසුන් සඳහා ලබා දුන් දිවා ආහාරය මහින්ද රාජපක්ෂ රජය පවතින කාලයේදී නතර විය. පසුගිය රජය විසින් නතර කරන ලද එම දිවා ආහාරය මේ රටේ හතලිස් ලක්ෂයක් වූ පාසැල් සිසුන්ට නැවත ලබා දෙන්නට තමා පියවර ගන්නා බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අද (26) පෙරවරුවේ ඇඹිලිපිටියේ පැවති ජනහමුවකදී පැවසීය.
කොළොන්න ආසනයේ එජාප ප්‍රධාන සංවිධායක පී.අබේනායක මහතා විසින් සංවිධානය කරන ලද එම ජනහමුවේදී වැඩිදුරටත් අදහස් දැක් වූ සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ මේ රටේ හත් වැනි විධායක ජනාධිපති වරයා වශයෙන් තමන් පත් වූ වහාම මෙම දිවා ආහාරය ලබා දෙන බවත් ඉන් නොනැවතී තමන් සෑම පාසැල් සිසුවෙකුටම නිලඇඳුම් කට්ටල දෙකක්ද, පාවහන් යුගල දෙකක්ද ලබා දෙන බවත් පැවසීය.
එමෙන්ම දේශපාලකයින් විසින් විනාශ කරන ලද ඇඹිලිපිටියේ කඩදාසි කම්හල තමා යටතට ගෙන එය දියුණුකර ඇඹිලිපිටියේ ජනතාවට රැකියා ලබා දෙන්නට පියවර ගන්නා බවද ඔහු පැවසීය.
COMMENTS
මෙයාගේ තාත්තත් දුන්නා.
කව්රු හරි සල්ලි දෙනවා නම්, ඕක මටත් කරන්ට පුළුවන්.
ඒ කාලේත් ඇට අටක් දෙනවා කියල නේද ඡචන්දෙ ගත්තේ?
අදහස නම් හොඳයි. ඒක කරගෙන යන්න රජයට අදායමකුත් ඕනෙ නේද. ඔය කියන දෙය කරන්න හැකි දෙයක් කියල හිතන්න අමාරුනේ. ඔය කතාව හරියට සිරිමාවෝ මතිනිය ඇටඅට දුන්නා වගේද
දරුවන්ට අහාර වේලක් දෙන එක ඉතාම වටිනවා. හැබැයි ඔහේ කියවන්න රුසියා.. සහ මෙයා කොහොමත් කටින් පිපිඤ්ඤා, ඇපල් අඟහරු ලෝකේ පෘථිවියට සමාන්තරව හිටවන හාදයනේ. කියනවකෝ කට ඇරලා නිධන් වදුල පරිශීලනය කරන අය... කොළ නැති වෘක්ෂයේ එල්ලා තබනවා කියලා නිකමට හරි... කීයටවත් මේ ගොයියට කියන්න බැහැ මෙයා තාත්තගේ කාලේ නිධන් වදුල පිළිබඳ පශ්චාත් උපාධිය හදාරලා තියෙන්නේ. දැන් මේ තොත්ත බබා වගේ කතාව...
ඊට කලින් පොරොන්දු වෙච්ච ටැබ් එක දීලා ඉන්න.
දෙන දේවල් ගැන කියනවා මිසක් ඒවා දෙන්න මුදල් සොයාගන්නේ කෙසේද යන්න වහාම හෙළි කල යුතුයි. බදු අඩු කරනවා වගේම බොහෝ දේවල් දෙන්න පොරොන්දු වී ඇති හෙයින් අද සිට ඉදිරියට මුදල් සොයා ගන්න හැටි කියන එක ඉතා වැදගත්. ඒ වගේම ඉටු කල නොහැකි බොරු පොරොන්දු දී ජනතාව රවටන්න එපා. පාසල් සිසුන්ට එක එක දේවල් දෙනවට වඩා රැකියා අවස්ථාවන් සපයා දීමෙන් ආර්ථිකය ඉහල යනවා මෙන්ම පවුල් සංස්ථාවටත් රැකෙනවා නේද?