(මුදිතා දයානන්ද)
බහුරතයක් සාමාන්‍ය ජනතාව අපි අතර සංස්කෘතික වෙනස්කම් වලට ගරු කරමින් සහයෝගයෙන් ජීවත් වීමට සුදානම් වුවත් ඇතැම් දේශපාලඥයින් පටු දේශපාලන අරමුණු වෙනුවෙන් මේ වෙනස්කම් බේද බවට පත් කරනවා. ඒ කෲර වෑයම වළක්වාගැනීමේ වගකීම අපි සියලූ දෙනාටම තිබෙනවා යැයි බෙල්ලන්විල රජමහා විහාරස්ථානාධිපති බෙල්ලන්විල විමලරතන හිමියෝ අද (10) පැපිලියානේදී පැවසුහ.
ලංකාව කියන්නේ ඉතාම කුඩා රටක්. අපි කවදාවත් ඒ බව අමතක නොකළ යුතුයි. මේක දියුණු කරන්න නම් අපි අතර සමගියක් පැවතිය යුතුයි. අපි පුද්ගලයන් හැටියට හෝ භූමිය හැටියට හෝ කොටස් වලට බෙදුනොත් මේ රට දියුණු කරන්න බැහැ.
අපේ රටටත් වඩා කුඩා, අපිට තිබෙන සම්පත්වලින් සීයෙන් එකක්වත් නැති සිංගප්පුරුව දියුණු වුණේ ඒ රටේ නායකයින්ට සෑම දෙනා අතරම ජාතික සමගිය පවත්වාගෙන යන්න හැකිවීම නිසයි. එහෙත් අපේ රටේ අවාසනාවට අපේ ඇතැම් දේශපාලඥයින් පටු දේශපාන අරමුණු වෙනුවෙන් අපි අතර තිබෙන සංස්කෘතික හා ආගමික වෙනස්කම් බේදයන් බවට පත් කරනවා. ඔවුන්ගේ ඒ කෲර වෑයම වළක්වාගැනීම අපි කාගෙත් වගකීමක් බව විමලරතන හිමියෝ සඳහන් කළහ.
COMMENTS
අතීතයේ මෙන් පක්ෂක්ග්රාහි නොවන ඔබවහන්සේලා වැනි හිමිවරු මේ සදහා නායකත්වය ගන්න අපි උපරිම සහය දෙන්නම්
ඔබේ අදහස වටිනවා අගය කරනවා. ඔබ වහන්සේ මෑතක දී බණකට වැඩියද? .......... පොඩ්ඩක් නමෝ විත්තියෙන් මෙනෙහි කරන්න. ඔබ වහන්සේගේ පන්සලේ තුළද ඔබේ පවුලේ කට්ටියට විශේෂ වරප්‍රසාද ,ඔබ සලසා දෙනවනේද? ඔබ වනසේ ධර්මයට කැපකර ඇති ඔය ජිවෙතේ, කුමකටද ?.ඔබ වහන්සේ සුපිරි ජිවිතක් ගතකරන ගමන් ,මේමොන විහිලු කතාද? ................
පරිස්සමෙන් අපේ හාමුදුරුවනේ. සෝම හාමුදුරුවො, මාදුලුවාවේ සොභිත හාමුදුරුවො අපවත් කරවූ අය අද රට පාලනය කරන්නේ. වෙන ආගම් වල නායකයන්ගෙන් උපදෙස් අරන් ඒව සාධාරණීකරනය කරන්න මහ නායක හාමුදුරුවො හම්බෙන්න යනව විතරයි. පරිස්සමෙන්.
බුද්ධ භාෂණයේ එක වැදගත් ප්‍රකාශනයක් තමයි "පූජාත පූජනීයානං". එහෙත් අසරණ කමට හෝ නොදන්නා කමට අදත් මිනිස්සු ගස් ගල් වැනි මිනිස්සුන්ට වඳිනවා. මෙතෙන කොමෙන්ට්ස් දාල තියෙන ඇතෙමෙකුට මේ වෙනස තවම වටහා ගන්න ට බැහැ.