(ලක්ෂ්මී ජයකොඩි)
මෙරට දෙමළ ජනතාව කිසිඳු අනන්‍යතාවයක් නොමැති ජනතාවක් බවට පත්වෙනු ඇතැයි යන බිය මේවනවිට එම ජනතාවගේ හිත්වල ඇතිව තිබේ යැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා පැවසීය.
එමෙන්ම වර්තමානයේ දී දෙමළ ජනතාව යම් බියකින් ජීවත්වන බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
යාපනය උදයනිලා ක්‍රිඩා සමාජය විසින් සංවිධානය කර තිබුණු ක්‍රිකට් තරගවලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා මෙසේද කීවේය.
රටේ පවතින තත්ත්වය දෙස සමස්තයක් ලෙස බැලීමේදි රටේ සියලුම ජනතාවට යම් බියකින් ජීවත්වීමේ වතාවරණයක් ඇතිව තිබෙනවා. අද කුමක් වෙයිද? හෙට කුමක් වනු ඇද්ද? අනිද්දා කුමක් වනු ඇද්ද? යන්න සිතා ගැනිමටත් නොහැකිව අපට ජීවත්වීමට සිදුව තිබෙනවා.
අපගේ අනන්‍යතාවය නැතිකරගත් ජනතාවක් වශයෙන් හා කිසිඳු අනන්‍යතාවයක් නොමැතිව අනාගතයේ දි කවරෙකු අපව පාලනය කරනු ඇද්දැයි සිතමින් ජීවත්විමට අපට සිදුව තිබෙනවා. මේ අවස්ථාවේ අප තරුණයින්ගෙන් ඉල්ලා සිටින්නේ අප භුමියේම දෙමළ ජනතාව වශයෙන් අපගේ උරුමයන් අහිමි නොකරගනිමින් අපගේ හැගීම් වලට ගරුත්වය ලබාගත් ජනතාවක් වශයෙන් මේ භූමියේම ජීවත් විය යුතු බවයි.
පසුගියදා යාපනය විශ්ව විද්‍යාල සිසුන් විසින් පැවැත්වු මාරාන්තික උපවාසයට පාසල් ශිෂ්‍යයෙක්ද එක්ව තිබුණා. එම ශිෂ්‍යයා උපවාසයට එක්විම පිළිබදව මාධ්‍යවේදියෙක් ඔහුගෙන් ප්‍රශ්න කර තිබුණා.
හැඟීම් යන්න තමන්ගේ හදවතින්ම පැමිණිය යුත්තක්. ඒ නිසා උපවසායට එක්වීමට දේමාපියන්ගෙන් ඇසිය යුතුයැයි සිතුවේ නැහැ. මේ අවස්ථාවේ අපේ ජාතිය විනාශ වෙමින් තිබෙනවා. අපගේ උරුමයන් විනාශ වෙමින් තිබෙනවා. එබැවින් මම මේ උපවාසයට එක් වුණා යැයි එම පාසල් ශිෂ්‍යයා උත්තර දී තිබුණා. අපට ඉදිරියේදි තවත් මෙයාකාරයේ කරදර අභියෝග වලට මුහුණදීමට සිදුවනු ඇති. ඒ සියලු අභියෝග වලට නොබියව මුහුණදීමට අප සුදානම්ව සිටිය යුතුයි.
2025 දෙසැම්බර් මස 30
66
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
347
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
දෙමළ ජනතාව ජීවත්වෙන්නේ බියෙන් යැයි ශ්‍රීධරන් කියයි
Bamunuarachchi Wednesday, 20 January 2021 06:23 AM
හැබැයි සිරිදරන් සිංහල ප්‍රදේශවල සිටින දෙමළ ජනතාව කිසිඳු බියක් සැකක් නැතිව ජීවත් වෙනවා. ඔබත් වැඩිපුර ඉන්නේ කොළඹ නේද? ඔබ ඉන්නේ බියෙන්ද?