IMG-LOGO

2025 ජනවාරි මස 23 වන බ්‍රහස්පතින්දා


දෙගොල්ලොම හොරුන් ආරක්ෂා කරනවා - අනුර කුමාර

(තිස්සමහාරාම රංජිත් එස්. ඩයමන්, කතරගම විශේෂ රුක්මන් රත්නායක)

තිස්ස සභාවේ වාර්ෂික ආදායම කෝටි හතරහමාරයි. බැඳුම්කර හොරකම මාස හයට කෝටි 1100 යි.
තිස්ස සභාව බැඳුම්කර හොරකම වාගේ සල්ලි හොයාගන්න නම් අවුරුදු 220 ක් බලන් ඉන්න ඕනෑ.. කොහොමද හොරකමේ තරම.

අපි තිස්සමහාරාම සභාව දිනලා පාලනය කරන්නේ කොහොමද කියලා පෙන්නුවා.. අපිට ඕනෑ ජනතාව රජ කරවන්න යැයි? ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පෙරේදා (10) පැවැසීය.
ඔහු මේ බව පැවැසුවේ තිස්සමහාරාමයේදී පැවැති මැතිවරණ ප්‍රචාරක රැලියක් අමතමිනි.

අනුර කුමාර මහතා මෙසේද කීය.

මෙවර මැතිවරණය සුවිශේෂී එකක්. කොට්ඨාසයට වග කියන අපේක්ෂකයෙක්, වැඩ කරන කෙනෙක් තෝරගන්න මෙවර අවස්ථාව තියෙනවා.

අපි ගොඩාක් මහන්සිවෙලා මේ ඡන්ද ක්‍රමය හදාගන්න කටයුතු කළා.

රටේ කාන්තාවන් සියයට පනස් එකක් ඉන්නවා. රටට වැඩිපුර විදේශ විනිමය ගේන්නේ කාන්තාවෝ. ඇඟලුම් තේ නිෂ්පාදනයේදී කාන්තාවෝ ඉහළ මට්ටමක ඉන්නවා. දේශපාලනයේදී එය අඩුවුණා. ගෙයි සිටිය කාන්තාවන්ට ප්‍රාදේශීය සභාවේ බලයට එන්න කටයුතු කරලා තියෙනවා. මේ පාර එම විශේෂත්වය ඇති කරලා තියෙනවා.

මෙදාපාර යූ.එන්.පී. එකට ඡන්දය දෙනවාද නැද්ද කිය කියා ජනතාව බලාගෙන ඉන්නවා. මේ පාලනයේ දක්ෂතා කොහොම වෙතත් දැන් අවුරුදු තුනක්ම ඉවරයි.

එදා බලය ගන්නකොට රනිල් කිව්වා හොරු අල්ලනවා කියලා. ඒ හොරුන්ගේ සල්ලිවලින් රට හදනවා කිව්වා. ඒත් රනිල් හොරු ආරක්ෂා කළා. රනිල්, සාගල, තිලක්, වජිර, හොරුන්ව ආරක්ෂා කරනවා.

අපිට ඉන්නවා පොලිස්පතිවරයෙක් පොලිසියේ අයට භාවනා පන්ති පවත්වනවාලු. මේ වාගේ රැස්වීමකදී සිදුවූ සිදුවීම මුළු රටම දන්නවා. පොලිස්පතිට කෝල් එකක් ආවා. ඔයාලා ටීවී එකෙන් දැක්කා නේද? ඔව් සර් හා සර් ෆයිල් එක ගන්නම් සර් ඕකේ සර්. කවුද මේ පොලිස්පතිට කතා කළේ. සාගල රත්නායක. මොකද්ද ප්‍රශ්නය දෙවුන්දර දේවාලයේ බස්නායක නිලමේගේ ප්‍රශ්නයක්.

ඒ නිලමේ නාමල්ගේ හොඳ මිත්‍රයෙක්. ඒ කාලේ නිලමේ පුල්මුඬේ ඛනිජ වැලි එකේ සභාපතිවෙලා සිටි සමයේ ලක්ෂ 400 කට වෙච්ච දෙයක් නෑ.

මේ දෙගොල්ලාම එකයි. දෙගොල්ලාම හොරු ආරක්ෂා කරනවා. බැඳුම්කර හොරකම කියන්නේ මොකද්ද? දීර්ඝකාලීන ණය දීමයි බැඳුම්කරය කියන්නේ..

බෑණා මාමට දෙනවා.. මාමා කොළයක් දෙනවා. ඒක නැවතත් සල්ලි දීලා ගන්නවා.

මාමා ඊ.ටී.එෆ්. සල්ලි ටික ගත්තා.. දැන් බලනකොට පාඩුව කෝටි 1100 යි. බැසිල් ඕස්ටේ්‍රලියාවෙන් ගෙන්වපු හරක් ආණ්ඩුව මාරු වුණාට පස්සේ හැරිසන් ලස්සනට බෙදනවා. ගොවීන්ට ඒකෙනුත් සහනයක් නැහැ. මුන් සහනාධාරත් අන්න ලස්සනට බෙදාගෙන.

රනිල්ට වඳින්න දන්නෙ නැතිලු. නියරේ ඇවිදින්න බෑලු. මේවා බරපතළ ප්‍රශ්න නොවෙයි. රනිල් ආවම ජාත්‍යන්තරය දිනාගෙන රටේ ආර්ථිකය හදනවා කිව්වා. කෝ ඒක සිදුවුණාද?

මේ දෙසැම්බර් මාසවල නගරවල කොච්චර බිස්නස් තියෙනවාද? අද මිනිස්සු කඩවලට ඇවිල්ලා බඩු අතගාලා යනවා විතරයි. රටේම ආර්ථිකය වැටුණා. හාල් 100 ට වැඩිවුණා. පොල් 100ට වැඩිවුණා. වෙන රටවල නම් ආහාර සඳහා නිෂ්පාදන කර්මාන්තශාලා ඕනතරම්. කෝ අපේ රටේ. ජෝන් කියනවා හාල්, පොල් පිටරටින් ගෙන්වනවා කියලා. මෙහෙ ඒවා අඩුවෙනකොට පිටරටින් ගෙන්වන්න ආණ්ඩු ඕනෑද? මේවා නිෂ්පාදනය කරන්න රජයට පුළුවන්නේ.

ඇයි හාල් ප්‍රශ්නය මෙච්චර උග්‍ර වුණේ. අද හාල් ටික පාලනය කරන්නේ මෛත්‍රීගේ මල්ලි ඩඞ්ලි සිරිසේන, නිපුන හාල්, රත්න මුදලාලිලානේ.

කිසිමදාක හාල් මිල රු. 72 ට වැඩියෙන් වැඩිවෙන්න බැහැ. අපිට හාල් ප්‍රශ්නයක් නැහැ. ඕන තරම් සහල් නිෂ්පාදනය තියෙනවා. මේ අයට මේවා කළමනාකරණයවත් කරන්න බැහැ. වී අලෙවි මණ්ඩලයක් තියෙන්නේ මේවා කළමනාකරණය කරන්නයි. 

රනිල් කිව්වා එයා රක්ෂාවල් දස ලක්ෂයක් දෙනවා කියලා. කෝ දුන්න රක්ෂාවක් කියන්න. මෙන්න මේ නිසා යූ.එන්.පියට නම් ඡන්දය දෙන්න එපා.

අද වෙනකොට පොහොර ප්‍රශ්නයක් තියෙනවා. පොහොර සහනාධාරය මේ අය කැපුවා.

අපේ නාමල් කරුණාරත්න සහෝදරයා පොහොර සහනාධාරය ගැන සටන් කරලා පොහොර සහනාධාරය ලබා ගත්තා. මේ රජය සහනාධාර සේරම කපාගෙන යනවා. පාසල් ළමයින්ගෙ නිල ඇඳුමත් එහෙමයි. එදා බන්දුල ගුණවර්ධනටත් චෝදනා එල්ල වුණා.

 මම පාර්ලිමේන්තුවේ මේ ගැන ඇහුවා බන්දුලගෙන්. එතකොට එදා බන්දුල කිව්වේ බැසිල් තමයි රෙදි ගෙන්වන්නේ කියලා. දැන් මේ අය අවුරුදු තුනක් තිස්සේ රෙදි දෙනවා. එදා කූපනයම තමයි අදටත් දරුවන්ට දෙන්නේ. රු 400 යි. රු 700 යි. දෙනවා. අවුරුදු තුනක්ම දරුවෙක් 400 ට රෙද්ද අඳියිද? ළමයි ලොකු මහත්වෙනවා. ඒත් මෙයාලාගේ කූපනයේ මිල තාමත් එතැනමයි. මේවාට නිසි කළමනාකරණයක් නැහැ.

මේ පාරත් ඡන්දය යූඑන්පියට දුන්නොත් කියයි ජනතාව ඡන්දය දීලා මේ අයව අනුමත කරලා තියෙන්නේ කියලා.
හම්බන්තොට වරාය විකිණීමට ජනතාව අනුමත කරලා තියෙන්නේ. ඒකයි වික්කේ. මත්තල විකුණන්න පුළුවන් ජනතාව ඡන්දය දීලා තියෙන්නේ අනුමතයි. කියයි.

මගුල් ගෙදරක් මළ ගෙදරක් වෙන්න බැහැ. ජනතාව රජයට හොඳටම බනිනවා. මේ අය එකට බෙදාගෙන කන්නේ. එස්.බී.  හැම ආණ්ඩුවේම සමෘද්ධි ඇමති.

මේ අය බෙදාගෙන කන්නේ මෙහෙමයි. අමරවීර ධීවර ඇමැති සන්ධානේ. දිලිප් ධීවර රාජ්‍ය ඇමති යූ.එන්.පීි සජිත් නිවාස ඇමැති යූඑන්පී ඉන්දික නියෝජ්‍ය සන්ධානේ. එස්.බී. සමෘද්ධි සන්ධානේ, රන්ජන් නියෝජ්‍ය යූ.එන්.පී. එකේ. මහාමාර්ග කිරිඇල්ල යූ.එන්.පී. මහාමාර්ග නියෝජ්‍ය ඩිලාන් සන්ධානේ මේ කට්ටිය එකට ආණ්ඩුව කරන්නේ. දෙකට බෙදිලා ඡන්දය ඉල්ලන්නේ.

මෛත්‍රීට ඡන්දය දුන්නොත් වෙන්නේ යූ.එන්.පියයි සන්ධානෙයි එකතුවෙලා ආයෙමත් මේ රට විනාශ කරන එකයි. ඒනිසා මෛත්‍රී කියයි ආණ්ඩුවේ වැඩ අනුමත කරලා කියලා. මේ අයට නම් ඡන්දය දෙන්න එපා. මේ රට තවත් විනාශ වෙන එකයි වෙන්නේ.

ඊළඟට රාජපක්ෂ නඩය හදන්නේ මෙදාපාර පොහොට්ටුවෙන් ඡන්දය අරගෙන මහින්ද අගමැති කර ගන්නයි. පොහොට්ටුවේ නායකයා ජී.එල්. පීරිස්. චන්ද්‍රිකාගේ කාලේ පැකේජය ගෙනාවේ මෙයා.

මෙයාට කියන්නේ පැකේජ් පප්පා කියලයි. එදා රනිල්ගෙ කාලේ ජී.එල්. පීරිස් නෝර්වේ ගිහිල්ලා ඇන්ටන් බාලසිංහම් බදාගත්තා. තායිලන්තේ සාම කතාවලට ගිහිල්ලා තමිල් සෙල්වම් එක්ක එක කාමරයේ නිදාගත්තා. ජී.එල්ගේ පක්ෂය තමයි පොහොට්ටුව.

මහින්ද මහත්තයාට ඕනෙ නම් බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවට තරග කරලා සභාපති වෙන්න පුළුවන්. එයාලා කියනවා මහින්ද අගමැති කරවන ඡන්දයක් කියලා මේක. දැන් එයාලාගේ අපේක්ෂකයින්ගේ මූණ මුද්දරයක් ගානට පොඩියට ගහලා මහින්දගේ මූණ පත්තරයක් වාගේ ගහලා පෝස්ටර් ගහලා. තව එකක් මේ පාර ඡන්දය දුන්නේ නැත්නම් ඊළම හැදෙනවා කියනවා. අද දෙමළ දේශපාලනඥයින්වත් ඊළම ගැන කතා කරන්නේ නැහැ.
2015 මහින්ද ඡන්දය ඉල්ලුවේ විදුලි පුටුවට ගෙනියනවා. මහින්ද පැරදුණොත් කියලා. අනේ අපොයි අපේ ගම්වල අම්මලාගේ පපුව හෝස් ගාලා පිච්චුණා. ඇයි රට බේරගත්ත නායකයාට මෙහෙම වෙයිද කිලා. බොරු කතා කියලා ඡන්දය ගත්තා.

කෝ අද විදුලි පුටුවට ගියාද ඔය බොරු වලට හසුවෙන්න එපා. මේ රට බෙදනවා කියලා බොරු ප්‍රචාර යවනවා.
අපි ජනතාවට කියනවා. ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ ඉන්නකම් රට බෙදන්න අපි දෙන්නේ නැහැ, නැහැ, නැහැමයි, කියලා.

මේ රටේ අපි හැමෝම සහජීවනයෙන් ජීවත්වෙනවා. ජනතාව බෙදුණොත් තමයි රට බෙදෙන්නේ. බැසිල් අයියා ජනාධිපති වුණාම ලංකාවට ආවා. මහින්දානන්දට, ජොන්ස්ටන්ට චෝදනා තියෙනවා. වීරවංශ ලක්ෂ 740 ක් උපයපු හැටි හොයනවා. එතකොට කියනවා එයා අවුරුදු 17 ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ඉඳලා සතෙන් සතය එකතු කරලා ටිකිරි ගිණුමේ දැම්මාලු.

රනිල්, මෛත්‍රී, මහින්ද එකම කණ්ඩායමක් එකට ඉන්නවා. වෙනම තරග කරනවා. හරියට අපි පොඩිඑවුන් ක්‍රිකට් ගහන්න ගියාම වාගේ.

තරග කරනකොට ගලද මලද කියලා කතා කරගෙන බෙදෙනවා තරගකරනවා. නැවත එයාලා පෙර පරිදි එකතු වෙනවා. මේ අයට ලැජ්ජ නැහැ. චන්ද්‍රිකාගේ කාලේ ඉඳලා මෛත්‍රී දක්වා කවුරුත් ඇමැතිවරු ලෙස වැඩ කරනවා. ඒ පැත්තෙන් මේ පැත්තට පැන පැන එයාලා හොරකම් කරනවා. ඒ විතරක් නොවේ පක්ෂ ලේකම්වරුත් එහාට මෙහාට පැන පැන මේ හොරකමට දායක වෙනවා.

සජිත් ප්‍රේමදාස තුට්ටු දෙකේ දේශපාලනය කරන්නේ. මහ ලොකුවට ජනාධිපති වෙන්න හීන මවනවා. සිමෙන්ති කොට්ට බෙදනවා. ගමේ කිසිම කෙනෙක් ගහමරා ගන්න එපා. ඇයි ලොකු අය ඩීල් දාගෙන ඉන්නේ. අපේ අය මෙහෙ මරාගන්නවා. එපා රණ්ඩුවෙන්න. චමල් සජිත් එකට බදා ගන්නවා. ඇයි අපි රණ්ඩුවෙන්නේ. රනිල්, මෛත්‍රී, මහින්දලා එකට ඉන්නේ. අපේ මිනිස්සු මරාගන්න එපා.

අපි තිස්ස බලයේ ඉන්නකොට කරපු වැඩ මේ වෙනකම් කවුරුත් කළේ නැහැ. අද ඩෙංගු හැමතැනම. අපි පුරවර පුබුදුව යටතේ කළ වැඩසටහන් ජනතාවට බොහෝම වටිනවා.

තිස්ස කුණු ටික නිසි කළමනාකරණයක් කළා. ප්‍රතිචක්‍රීයකරණය මගින් කසළ පොහොර හදන්න අපි කටයුතු කළා.  ගමට පරිගණක මධ්‍යස්ථාන සහ පුහුණුව අපි ගෙනාවා. මේවා කවුරුවත් කළේ නැති වැඩ. දැන් ආණ්ඩුව තොරතුරු තාක්ෂණ විෂය ළමයින්ට දෙනවා. අපි කලින්ම ගමට දරුවන්ට තොරතුරු තාක්ෂණය හඳුන්වා දුන්නා.
මේ අයගේ ගැහිල්ල කොහොමද කියනවා නම් ගලගෙදර පැත්තේ කිලෝමීටර් 31 ක් පාරක් කාපට් කරන්න කිලෝමීටරයකට කෝටි 450 ක් අරගෙන කිරිඇල්ලගේ වැඩක්.

ගිං නිල්වලා ව්‍යාපෘතිය සඳහා 2015 ජනවාරි 7 දා කෝටි 370 ක් වෙන්කරනවා. ඒ ඇමැති මෛත්‍රී වේදිකාවේ ඉන්නේ. මොකද වුණේ කෝටි 370 ට කිසිම කථාවක් නැහැ. ලැජ්ජයි මේ රටට කරනා විනාශය. අපිට තිස්ස බලය දෙන්න අපි හොරකම නැති කරනවා. අපි ජනතාව පැත්තේ ඉන්නේ. අම්බලන්තොට, සූරියවැව, අඟුණකොළපෑලැස්ස තිස්ස අපිට වාසියි. අපේ ජයග්‍රහණය ස්ථිර කරන්න අප හා එක්වන්න. ජනතාවට වටිනාකමක් දෙන්න අපි කටයුතු කරනවා යැයි ඔහු පැවැසීය.



අදහස් (6)

දෙගොල්ලොම හොරුන් ආරක්ෂා කරනවා - අනුර කුමාර

Bandaranayake Friday, 12 January 2018 07:15 AM

වංචා, දූෂණ කීපයකට එරෙහිව නඩු ගණනාවක් උසාවියේ විභාග වෙනවා. මට තේරෙන්නේ නැහැ ආරක්ෂා කරනවා කියන එක. එහෙම කරනවා නම් එය උසාවිය කරන්න ඕනේ. එහෙම වෙන්න එදා අඩුයි. ඒ නිසා නීතිය හැල්ලු කරන්න එපා. එහෙම ආරක්ෂා කරන ඒවා තිබේනම් ඔබලාට නඩු ගොනු කරන්න පුළුවන් ඔය ගන්න පඩියට හරියන්නටත් එක්කලා.

:       32       126

ධනුෂ්කFriday, 12 January 2018 05:34 PM

එහෙම කියන එකේ තේරුම තමා ඔබතුමා හෝ මම හොරකමක් කලා කියලා සැක කලානම් පොලීසිය දින දෙකෙන් ඔක්කොම අල්ලගෙන. හැබැයි දැන් අාණ්ඩුව අැවිත් අවුරුදු තුනයි. තාම නඩු විතරයි. චෝදනා ගොනු කරලා තියෙන්නෙත් සුළු පිරිසකට. එ් නඩු දැම්මෙත් ජේ.වී.පී එකෙන්. එතුමලා ගන්න පඩියට වඩා වටිනා යමක් කරන බව ඔවුන්ට ඡන්දය නොදෙන කෙනා පවා දන්නවා. මෙයාලා කරන්නේ එකපැත්තක කෙරුවාව ජනතාවට එපා වෙද්දි එ්කේ අඩුපාඩු පෙන්නලා අනික් පැත්ත බලයට එනවා. එයාලා හැමදාම දිනුම්. රටේ තුන්වෙන බලවේගයකට එන්න නොදී තම පැවැත්ම රැකගැනීම තමා මේ දෙපැත්තෙම අරමුණ. තුනවෙනි බලවේගය බලයට අාවොත් වෙන දේ එයාලා හොඳට දන්නවා.

:       109       0

Shan Friday, 12 January 2018 07:22 AM

මෙයත් කරන්නේ ඒ ටිකම තමයි. පහුගිය ජනාධිපතිවරණයේදී ඇඹරුණු හැටි අපිට තාම මතකයි.

:       246       555

de silva Friday, 12 January 2018 08:44 AM

යහපාලන ආණ්ඩුවේ ජනතාවට දුන් "මෛත්‍රී පාලනය " නමැති පොරොන්දු පත්‍රය දැන් කඩවුණු පොරොන්දුවක් බවට පත්වී ඇත. ජනාධිපතිතුමාට 5 මදිවෙලා 6 ක් ඉල්ලනවා. ආණ්ඩු පක්ෂයේ සහ පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙකුම බැඳුම්කර හොරු සමග ඩීල් දමපු එක දැන් රටම දන්නවා. මෙච්චර ලොකු හොරකමක් කරලත් බැඳුම්කර හොරා තවම උසාවි ගෙනවිත් නැහැ. අපිව රවට්ටන්න පාර්ලිමේන්තුවේ බොරුවට ගුටි ගහගන්නවා. රටේ මහපක්ෂ දෙක හවුලේ බලයේ ඉඳන් බෙදාගෙන කනවා. දෙමල සන්ධානය විපක්ෂ නායකකමේ වරප්‍රසාද භුක්ති විදිමින් ඉන්නවා මිසක් රටේ විපක්ෂයේ කාර්යභාරය ඉටු කරන්නේ නැහැ. පොහොට්ටුවට ඡන්දෙ දුන්නට එ්කේ දේශපාලකයෝත් මහා පක්ෂේ එක්ක ඩීල් දමලා එ්කේ එල්ලෙනවා. අහසේ මාලිගා හදන්න ඉස්සෙල්ලා, 2020 දී ජවිපෙට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකකම අරන් දෙන්න බලමු. ඉදිරියේදී පළාත් පාලන ඡන්දෙන් මේ ව්‍යාපෘතිය පටන්ගනිමු.

:       666       371

Bamunuarachchi Friday, 12 January 2018 12:17 PM

ඒ හොරු එළවලා මේ හොරු ගෙනාවේ ඔබලානේ. දැන් මොනවද කියන්නේ?

:       222       739

MP Saturday, 13 January 2018 01:23 AM

දේශපාලනය යනු හොරකමයි, හූරාකෑමයි දෙකම.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

දේශපාලන

‘‘හිටපු ජනපති නිවාස තක්සේරු කරනවා‘‘
2025 ජනවාරි මස 19 3309 23

අප රටේ ජනතාව මේ රටේ විශාලතම දේශපාලන හැරවුම ඇති කිරීමට දායක වුණා. ඒ වගේම පසුගිය මාස දෙකක කාලය තුල මේ රටේ දේශපාලන සංස්කෘතියේ සුවිශාල පරිවර්තනය ඇති කිරීමට


දුන් ප්‍රතිඥා එලෙසම ඉටු කරනවා
2025 ජනවාරි මස 13 2947 19

රටත්, ජනතාවත් වෙනුවෙන් බොහෝ යහපත් දේ ඉටු කිරීමට දුන් ප්‍රතිඥා එලෙසම ඉටු කිරීමට පසු නොබස්නා වීර්යෙන් කැප වී සිටින බව ජනාධිපති අනුර දිසානායක මහතා තෛපොංග


‘එකිනෙකා අගය කිරීම සහ කෘතගුණ සැලකීමේ උතුම් ගුණාංයක්‘
2025 ජනවාරි මස 13 657 8

එකිනෙකා අගය කිරීම සහ කෘතගුණ සැලකීමේ උතුම් ගුණාංග උදෙසා දමිළ ජනප්‍රජාව විසින් සෑම වසරකම ජනවාරි මාසයේ සැමරෙන තෛපොංගල් උත්සවය සැබෑ සංස්කෘතික වටිනාකම් ක



සෞඛ්‍ය දියුණුවට පංචවිධ වැඩපිළිවෙලක්
2025 ජනවාරි මස 09 965 5

ගුණාත්මක, ප්‍රශස්ථ සහ විධිමත් නිදහස් සෞඛ්‍ය සේවාවක් මෙරට ජීවත්වන ජනතාවට අඛණ්ඩව ලබා දීම සඳහා ඉදිරි වසර තුන තුළදී ප්‍රධාන ධාරාවන් පහක් ඔස්සේ මෙරට සෞඛ්‍


ආණ්ඩුවේ නව බදු ක්‍රමය ජනතාවට විශාල බරක්
2025 ජනවාරි මස 02 2913 21

ආණ්ඩුවේ නව බදු ක්‍රමය ජනතාවට විශාල බරක් මෙන්ම රටේ ආර්ථිකයට ද අහිතකර බලපෑමක් ඇති කළ හැකි බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහ


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 502 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 632 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 355 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site