IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


‘දකුණු ආසියාවේ නවීනතම අධ්‍යාපනය ඇත්තේ ලංකාවේ’

  (නිමල කොඩිතුවක්කු)
 

දකුණු ආසියාවේ නවීනතම  අධ්‍යාපනය මෙරට ආරම්භ කර ඇති බවත් ඒ ඔස්සේ රට දියුණු කිරීමට අවශ්‍ය සැලසුම් ක‍්‍රියාත්මක කරන බවත් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කොළඹදී අද(03) පැවැසීය.
 
ස්මාර්ට්  අධ්‍යාපන ක‍්‍රමවේදයක් ඔස්සේ තාක්ෂණය හා දැනුම පදනම් කරගත් සමාජයක් ගොඩනැගීමට කටයුතු කරන බවද අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
 
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව පැවසූවේ මිලාගිරිය ශාන්ත පාවුලු බාලිකා වද්‍යාලයේ  නව පාසැල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත්කිරීමේ සහ ත්‍යාග ප‍්‍රදානෝත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේද කිය.
   
‘‘ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ මෙම ගොඩනැගිල්ල අලුත්වැඩියා කරලා විවෘත කරන්න මට ආරාධනා කළා. මේක ඓතිහාසික  ගොඩනැගිල්ලක්. විද්‍යාලයේ ඉතිහාසයේ මෙතනින් ආරම්භ වෙනවා. ඒ නිසා  සාමාන්‍ය ගොඩනැගිල්ලක් විදියට මම මේක සැලකුවේ නැහැ.
 
ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලය අවට තිබුණු ඒ  දේවස්ථානය සමග ඇති කරපු පාසලක්.  මේ පාසල පිහිටි මිලාගිරියේ එවක නිවාස තිබුණේ නැහැ. පොල්වතු තමයි තිබුණේ. අද  ලෝකය බැලුවත් ඉදිරියෙන් සිටින්නේ දැනුම, තාක්ෂණය  තියෙන පාසල්. ඒ රටවල වැඩිහිටි අය, ශිෂ්‍යයන්,  දූ දරුවන් හැම කෙනාම තාක්ෂනයත් එක්කයි වැඩ කරන්නේ. තාක්ෂණය පදනම් කරගත්ත,  දැනුම පදනම් පකරගත් සමාජයක් අවශ්‍යයි. අපිත් දැන් ස්මාර්ට්  අධ්‍යාපනයකට යන්න  ඕන.
 
පළමුවැනි  ස්මාර්ට් පන්ති කාමරය ශ්‍රී ජයවර්ධනපුර  කෝට්ටේ මධ්‍ය මහා විද්‍යාලයේ ආරම්භ  කළා. දැන් පාසැල් ගණනාවක ක‍්‍රියාත්මකයි. අපි පළමුවැනි  ස්මාර්ට් විද්‍යාලය කුරුණෑගල ආරම්භ කළා. දැන් ගුරුවරුන්ට  ඒ පුහුණුව වැඩි වැඩියෙන් ලබා දෙනවා.

අපිට අවශ්‍ය දැනුවත් ශ‍්‍රම පිරිසක්. අද ඇත්ත  වශයෙන්ම පාසැල්වලින් 50%ක් සාමාන්‍යපෙළ  නැතුව පිටවෙලා යනවා. ඒ නිසා අවුරුදු 13ක් අධ්‍යාපනය අනිවාර්ය කරන්නත් අවශ්‍ය අවට වෘත්තීය විෂය ධාරාවට  ඇතුළත් කරලා අවශ්‍ය පහසුකම් ලබාදීලා තියෙනවා. ඒ අනුව  අවුරුදු 13ක් පාසැලේ ගතකිරීමේ හැකියාව තියෙනවා. විද්‍යාලවලට  තාක්ෂණ විෂය හදුන්වලා දීලා තියෙනවා. ටැබ් පරිගණකයත් සෑම විද්‍යාලයකටම ලබා දෙන්න පුලුවන්ද කියලා දැන් සලකා බලමින් යනවා.  මේ තාක්ෂණය පිළිබඳව අද තරඟයක් පවතිනවා.
 
මේ පාසලේත්  තාක්ෂණික සංගම් දෙක තුනක් තියෙනවා මම දැක්කා. මෙතනින් තමයි මූලික දැනුම ලබා ගන්න පුලුවන්.  ඒ දැනුම ලබා ගෙන විදුහලෙන් පිටවුනාට පසුව  ඒ දැනුම  යොදාගන්න පුලුවන්. රැකියාවක් කරන්න පුලුවන්. ඒ දැනුම දියුණු කරන්න පුලුවන්.
 
 
අද ගිහින් සේවකයෙක්, කම්කරුවෙක් විදියට රැකියා කරනවනම්  බර උස්සන්න වෙනවා. හුඟක් තැන්වල යන්ත‍්‍රයකින් එම කටයුතු සිදු කළ හැකියි.  නැත්නම් වෘත්තීය පුහුණුව ලබා ගන්න පුලුවන්.නව තාක්ෂණය සමග තියෙන වෘත්තිය  පුහුනු පාඨමාලා අඩුයි. ඒ නිසා ඒවා වැඩි කරන්න කියලා තමයි  අපි දැන් ඊළඟ අවුරුදු පහේ ක‍්‍රියාත්මක වෙන්නේ.
 
 
විශ්වවිද්‍යාලවලින්  පසුවත් සමහරු නිවසේ ඉඳන්  සේවය කරයි. සමහරු රැකියාවට යනවා.  මේක කරන ගමන් තව එකක් කරන්න පුලුවන්. දැනුම අරගත්ත ශ‍්‍රම පිරිසක් අවශ්‍යනම් අපේ ශ‍්‍රම  පිරිසට කාන්තා සහභාගීත්වයත්  වැඩි කළ යුතුයි. අද ඒක  තියෙන්නේ  38% යි. ඒක අඩු ගානේ  65%ක්වත් කළ යුතුයි.  මේක අපිට විශාල ප‍්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා.
 
 
අද  කාන්තාවන්ට අධ්‍යාපනය ලැබෙනවා. සමහර  පාසැල්වල හොඳම අධ්‍යාපනය  ලැබෙන්නේ කාන්තාවන්ටයි. ඒත් ශ‍්‍රම බළකායේ නියෝජනය අඩුයි. අපි ඒ ගැන සොයා බැලිය යුතුයි. සමාජ සේවය කරන්න, කාලයක් ගෙදර ඉන්න, කාලයක් වැඩ කරන්න ඒ වගේම දිවා සුරැකුම් මධ්‍යස්ථාන ඇති කරන්න පියවර ගත යුතුයි. කාන්තාවන් වැඩි වැඩියෙන් ශ‍්‍රමබලකායට ඇතුළුවෙන්න  ඕන.
 
 
අන්න  මේ නිසා තමයි අපි  බලන්නේ අලුත් අධ්‍යාපන ක‍්‍රමවේදය දියුනු කරන්න.  අපි හැමවෙලාවේම දකුණු ආසියාවේ නවීනතම අධ්‍යාපන  ක‍්‍රමය භාවිතා කරනවා.  අපි හැමවිටම ඒ අධ්‍යාපන ක‍්‍රමය ක‍්‍රියාවට  නංවනවා.
 
 
ඉගැන්විම්, පාසැල් අධ්‍යාපනය  අතින් අපි ඉහලින්ම ඉන්නවා. ඒත්  අපි දැන් ලබන අධ්‍යාපනය කල් පැනපු යල් පැනපු අධ්‍යාපනයක්  බවට පත් වෙන්න යනවා.
 
ඒ නිසා  තමයි විශාල වැඩපිළිවෙළක් අධ්‍යාපනය වෙනුවෙන් කරගෙන යන්නේ.  අධ්‍යාපන විද්‍යාපීඨවල ගුරුවරු දහ දාහක් ඇති කරලා තියෙනවා.  තවත් විද්‍යාපීඨ ඇති කරමින් යනවා.  විදුහල්පතිවරුන්ට අලුත් දැනුම ලබා දිය යුතුයි.

ඒ අනුව  අවුරුදු 13ක් පාසැලේ ගත කිරීමේ හැකියාව තියෙනවා. විද්‍යාලවලට  තාක්ෂණ විෂය හදුන්වලා දීලා තියෙනවා. ටැබ් පරිගණකත් සෑම විද්‍යාලයකටම ලබා දෙන්න පුලුවන්ද කියලා දැන් සලකා බලමින් යනවා.  මේ තාක්ෂණය පිළිබඳව අද තරඟයක් පවතිනවා. මේ පාසලේත්  තාක්ෂණික සංගම් දෙක තුනක් තියෙනවා මම දැක්කා. මෙතනින් තමයි මූලික දැනුම ලබා ගන්න පුලුවන්.  ඒ දැනුම ලබා ගෙන විදුහලෙන් පිටවුනාට පසුව  ඒ දැනුම  යොදාගෙන රැකියාවක් කරන්න පුලුවන්. ඒ දැනුම දියුණු කරන්න පුලුවන්.

 

(ඡායාරූප ගයාන් අමරසේකර)
 



අදහස් (0)

‘දකුණු ආසියාවේ නවීනතම අධ්‍යාපනය ඇත්තේ ලංකාවේ’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1163 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1168 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 433 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site