(අනීෂා මානගේ)
තම ප්‍රාදේශීය සභාව, ආසනය සහ දිස්ත්‍රික්කය පරාද වූ පළමු ජනාධිපති අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක යැයි කියාගන්නා පුද්ගලයා බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අද(20) තංගල්ලේදී පැවසීය.
මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවසූයේ වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතශීලි සේවක සංගමය සහ ශ්‍රී ලංකා නිදහස් බැංකු සේවක සංගමයේ නිලධාරීන් සමඟ පැවැති හමුවකදීය.
මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.
“ජාතික ආරක්ෂාව මුල්කරගත් වැඩපිළිවෙළකට අපිට යන්න සිදුවෙනවා. එයට තෝරාගත් හොඳම අපේක්ෂකයා තමයි ගෝඨාභය රාජපක්ෂ. අනිත් අපේක්ෂකයා ගැන කතා කරන්නවත් වැඩක් නැහැ. එයා කතා කරන්න පටන් ගත්තාට පස්සේ ඒ කවුදැයි රට අඳුරගත්තා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ අය ඔහුව හඳුනගෙන හිටියා. ඒ නිසායි ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය සභාව ඔහුව පැරැද්දුවේ. ඔහුගේ ආසනය - තිස්සමහාරාම ආසනය චමල් රාජපක්ෂ මහත්තයා පැරැද්දුවා.
තමන්ගේ ප්‍රාදේශීය සභාව, ආසනය සහ දිස්ත්‍රික්කය පරාද වුණු පළමු ජනාධිපති අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක යැයි කියාගන්නා පුද්ගලයායි. දැනටම රනිල් වික්‍රමසිංහට මොනවා වෙලාද කියලා දන්නේ නැහැ. එතුමාට දැනටත් සජිත්ගේ ගෝලයෝ හූ කියා තිබෙනවා. මේ තත්ත්වය දිගටම ගියොත් වැඩි කලක් යන්න වෙන එකක් නැහැ. දර්ශනයක් නැති, ඉදිරි දැක්මක් නැති, රටක් ගැන හිතන්නේ නැති අයෙක්.
සජිත්ගේ තාත්තා දර්ශනයක් ඇතුව වැඩ කළා. ගම්උදාව තුළ දැක්මක් තිබුණා.
හම්බන්තොට සැලසුම්සහගත නගරයක් බවට පත් කරන්නයි අපේ බලාපොරොත්තුව තිබුණේ. වරාය තිබෙනවා. ගුවන්තොටුපොළ තිබෙනවා. කර්මාන්ත තිබෙන තැන දැන් ගෙවල් හදනවා. අලි මංකඩෙත් ගෙවල් හදනවා. මත්තල ගුවන්තොටුපොළෙන් බහිනකොට දකින්න තිබෙන්නේ මුඩුක්කු වගේ ගෙවල්. ලස්සනක් ගැන හිතන්නේ නැති මනුස්සයෙක්. දකුණු පළාතේ අය මට වඩා හොඳට එතුමා ගැන දන්නවා. එතුමා කතා කරන්න පටන් ගත්තට පස්සේ එතුමා කවුදැයි මිනිස්සු හඳුනාගනිමින් තිබෙනවා ” යැයිද ඒ මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 16
21
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
තමන්ගේ ආසනයත් පරාද වූ පළමු ජනපති අපේක්ෂකයා සජිත් බව මහින්ද කියයි
Rata Perata Sunday, 20 October 2019 07:49 AM
බොහොම ස්තූතියි. රට වෙනුවෙන් ඉතාම වැදගත් කරුණක් හෙළි කළේ.......