IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


‘ජවිපෙ රටේ ඒකීයභාවය නැති කරන්න හදනවා‘ - මුසම්මිල්


 
(මුදිතා දයානන්ද)

දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සටන් කර එදා ජීවිත පරිත්‍යග කළ හැටදාහක් දෙනාගේ මළ කඳන් උඩින් ගිහින් විධායක ජනාධිපති ධූරය අහෝසි කිරිමේ යෝජනාව හරහා බෙදුම්වාදීන්ගේ වුවමනාව ඉටු කරමින් ජවිපෙ රටේ ඒකීයභාවය නැති කරන්න උත්සාහ දරන්නේ යැයි ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මහතා අද (22) පැවසීය.

මුසම්මිල් මහතා මෙසේ පැවසුයේ පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ දී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මෙසේ ද පැවසීය.

ආණ්ඩුව තුළ අවුල් ජාලාවක් නිර්මාණය වෙලා තියෙන වෙලාවක තමයි ජනතා විමුක්ති පෙරමුණ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරිමේ යෝජනාව අරන් එන්නේ. එයින් ආණ්ඩුවේ අර්බුදය සමනය කරනවා. ඒ වගේම විපක්ෂය ශක්තිමත්ව සිටින වෙලාවක මෙවැනි සංවාදශීලි මාතෘකාවක් ගෙනත් දාලා විපක්ෂයේ එකමුතුව සමගිය බිඳ දැමීමත් එය දුර්වල කිරිමත් ජවිපෙ තවත් අරමුණක්. ඒ නිසා මේ යෝජනාව හරහා ජවිපෙ ආණ්ඩුවේ අවශ්‍යතාවය ඉටු කරනවා.

දෙමළ බෙදුම්වාදයේ අරමුණු ඉටු කරගැනීම පහුගිය කාලය තුළ පනත් කෙටුම්පත් රැසක් සම්මත කරගත්තා. අතුරුදන්වූවන් පිළිබඳ කොමිසම පත්කළා. අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය පිහිටෙව්වා, බලහත්කාරයෙන් අතරුදන් කිරීම පිළිබඳ පනත් කෙටුම්පත සම්මත කර ගත්තා.

එයින් ඔබ්බට ගොස් දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කරගනිමින් පුර්ණ ෆෙඩරල් රාජ්‍යයක් ඇති කරගැනීමට බාධාකාරීවන ප‍්‍රධාන සාධක වන විධායක ජනාධිපති ධූරය අහෝසි කරගැනීම ඔවුන්ගේ මීළඟ අවශ්‍යතාවයයි. ජවිපෙ එක පැත්තකින් ඉටුකරන්න යන්නේ ඒ බෙදුම්වාදීන්ගේ වුවමනාවයි. මේකට ඉඩදෙන්න බැහැ. ඒ නිසා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරිමේ යෝජනාවක් ගෙන එනවා නම් ඒ සමඟම දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයත් අහෝසි කිරිමේ යෝජනාවක් ගෙන ආ යුතුයි. 
 



අදහස් (5)

‘ජවිපෙ රටේ ඒකීයභාවය නැති කරන්න හදනවා‘ - මුසම්මිල්

Sugath Monday, 23 April 2018 03:52 AM

රටේ ඒකීය බවය ආරක්ෂා කරන්නේ මේවගේ අයද? මෙවැනි පුද්ගලයන් බලයටනම් ගෙන්න එපා. එය ඔබගේ රටටත් ජාතියටත් කරන අසාධාරනයක්.

:       111       216

dileepa jayaruwan Monday, 23 April 2018 09:45 AM

රටට වින කරපු විධායක ජනාධිපති ක්‍රමය උපයෝගී කරගෙන පෙර රජය රට විනාශ කළා. මුස්සමිල්ල කරන්නේ තව දුරටත් ජනතාව නොමග යවන එක... ඒවා තොරා බේරා ගැනීමට ජනතාව බුද්ධිමත් විය යුතුයි.

:       269       256

BamunuarachchiTuesday, 24 April 2018 04:50 AM

විධායක ජනාධිපති ක්‍රමය රටට විනයක් උනේ කොතනද කියා පැහැදිලි කනවානම් අපිටත් දැනගන්න. ජනතාව කොහොම උනත් ඔබ තොර බේරා ගත්ත දේ අපිට කියන්න. උත්තර දෙන්න බැරි නම් මම කියන්නේ දන්නා දෙයක් කතා කොරන්න කියලා.

:       0       9

jathi hithayishi Monday, 23 April 2018 11:19 AM

බලවත් ප්‍රාදේශීය සභා පිහිටුවා විධායක ජනාධිපති බලය නැති කළොත් අනිවාර්යෙන්ම ජාතින් හා ආගම් මත වෙන වෙනම පාලන ප්‍රදේශ බිහිවේ. අවසාන වෙනවෙනම රාජ්‍යයන් වේ.

:       139       253

Bamunuarachchi Tuesday, 24 April 2018 04:45 AM

විධායක ජනාධිපති ක්‍රමය නැති කරන්න එපා. මේ අවුරුදු 3 ට මෙරටේ සිදුවූ දේවල් බලන විට විධායක ජනාධිපති ක්‍රමය නොතිබෙන්නේ බැංකු හොරකම අල්ලන්න කොමිසමක් එන්නේ නැත. එහෙනම් 2005- 2009 අතර කාලයේ LTTE එකට ප්‍රහාරයක් දීමට පාර්ලිමේන්තු අවසර ගතයුතුව තිබුණාය.

:       0       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 60 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 722 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site