IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


ජනපති ක්‍රමයත් අහෝසි කළොත් රට අස්ථාවර වෙයි

(නිමල කොඩිතුවක්කු)

පවතින ජන්ද ක‍්‍රමයත් වෙනස් කර ජනාධිපති ක‍්‍රමයත් අහෝසි කළහොත් රට අස්ථාවර වන බවත් මෙමගින් රටට පාලනයක් නැති තත්ත්වයක් ඇති වන බවත් ජාතික හෙළ උරුමයේ මහලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

බත්තරමුල්ල පන්නිපිටියේ ජාතික හෙළ උරුම කාර්යාලයේදී අද (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

“බොහොම දෙනෙක් මේ ආශ්වාදයට වගේ මෑත කාලයේ කියන කථාවක් තමයි මේ බුද්ධාගමට තිබූන තැන නැති කළා කියළා.  බොහොම පැහැදිලිව අපි ජාතික හෙළ උරුමය විදියට කියනවා මේ රටේ නමවන වගන්තියේ බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය ලබාදීලා තියෙනවා කියන එක කොහේවත් විධිමත්ව අර්ථ නිරූපනය වෙලා නැහැ. ඒ මගින් බුද්ධාගමට මොනම විශේෂ වරප‍්‍රසාදයක්වත් ලැබිලා නැහැ. ඒක ව්‍යවස්ථා සැරසිල්ලක් පමණයි. බුද්ධාගම රාජ්‍ය ආගම කරලයි රට ලෞකික රාජ්‍යයක් කරන්න  ඕනැයි කියළා යම් යම් අය කියනවා. ඇත්ත වශයෙන් මේ දැන් තියෙන ව්‍යවස්ථාව යටතේ කිසිම ආගමකට එහෙම විශේෂ සැලකිල්ලක් ලබාදීලා නැහැ.

නමවන වගන්තිය 10 සහ 14 වගන්තිත් එක්ක කියන කොට සෙසු සියලූ ආගම්වලට ඒ අයිතිය ලබා දීලා තියෙනවා. හරයාත්මකව ගත්තොත් එහෙම ලංකාවේ බුද්ධාගමට ලැබිච්ච දෙයක් නැහැ. හැබැයි මේ ව්‍යවස්ථා සැරසිල්ල හරි දිය කරනවනම් ඒක වැරදියි. මොකද මේක අතීතයේ ඉදන් ආපු අපේ උරුමයේ කොටසක්. ඒ උරුමය නිසා වෙනත් ආගම්වලට කොහේවත් කවදාවත් හානි වෙලා නැහැ. ඒනිසා සම්බුද්ධ ශාසනය රැකගැනීම රජයේ වගකීමක්. ඒ වෙනුවෙන් මෙයට වඩා ශක්ති සම්පන්න ඒවා එන්න ඕන කියන එකයි අපි විශ්වාස කරන්නේ. ලේකම්වරු යෝජනා කරලා තියෙන ඒ යෝජනාවෙන් කිසියම් දුරකට ඒ වගන්තිය දියකර හැරීමකට උත්සාහ කරලා තියෙනවා කියන එක අපිට පේනවා.“


පළවෙනියට ජනාධිපතිගේ බලය ඉවත් වූණේ 13 වන සංශෝධනය හරහා. ඊළඟට ස්වාධීන කොමිෂන් සභා ඇතුළු කාරණා නිසා 19 වැනි සංශෝධනය හා 17 වන සංශෝධනය නිසා ජනාධිපතිගේ බලතල තවත් විශාල ප‍්‍රමාණයක් ඉවත් වූණා. ජනාධිපතිගේ බලතල ඉවත් කරලා ජනාධිපතිධුරය ප‍්‍රජාතන්ත‍්‍රකරණය කිරීමක් තමයි දැන් සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා දැන් තියෙන ජනාධිපති ධුරය අහොසි කළ යුතුයි - මේක ඒකාධිපතියි කියලා කියන්න කාටවත් බැහැ. කෙළින්ම ජනාධිපති ජනතාව පත්කරළා තියෙන්නේ ඒ ජනාධිපති පාර්ලිමේන්තුවට වගකියන ජනාධිපති කෙනෙක්, උසාවියට වග කියන ජනාධිපති කෙනෙක්. රජයේ නිලධාරීන්ට වග කියන ජනාධිපතිධුරයක් ඇති කරලා ජනාධිපතිධුරය ප‍්‍රජාතන්ත‍්‍රකරණය කරලා තියෙන්නේ. මේ ජන්ද ක‍්‍රමයත් වෙනස් කරලා ජනාධිපති ක‍්‍රමයත් අහෝසි කළොත් නම් රට අස්ථාවර වෙනවා. ඒක වළක්වන්න බැහැ .රටට පාලනයක් නැති වෙලා යන තත්ත්වයක් ඇති වෙනවා  “යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.

 



අදහස් (1)

ජනපති ක්‍රමයත් අහෝසි කළොත් රට අස්ථාවර වෙයි

Rahula Senanayake Wednesday, 04 October 2017 02:59 AM

ජනාධිපති ධූරය අහෝසි නොකල යුතුයි එය රටට උවමනයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31339 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13559 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11007 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 954 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 282 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site