නාලක සංජීව දහනායක
ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ නායකත්වය නොපිළිගන්නා ඕනෑම අයකුට ඒකාබද්ධ විපක්‍ෂයට එක්විය හැකි බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කංචන විජේසේකර මහතා අද (22) පැවසීය.
ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 16 එය එසේම බලපාන බවද මන්ත‍්‍රීවරයා කීය.
එහිදී මන්ත‍්‍රීවරයා මෙසේද කීය.
අපි 2015 වසරේ ඉඳලා මහින්ද රාජපක්‍ෂ මහතා එක්ක කටයුතු කළා. අපේ ඒ ක‍්‍රියාමාර්ගය විවේචනය කළ උදවියත් පහුවෙලා හෝ අපිත් එක්ක එකතුවීමට ගත්තු තීරණය ගැන අපි සතුටුවෙනවා.
පොදුජන පෙරමුණ ගැන අද කතා කරන්නේ ඩිලාන් පෙරේරා. ඔහු කියන කතා මේ රටේ ජනතාව විශ්වාස කරන්නේ නැහැ. පුළුවන්නම් මහින්ද රාජපක්‍ෂ මහත්තයා අගමැති කරන්න ජනාධිපතිවරයා එකඟ කරගන්න කියලා අපි ඩිලාන් පෙරේරාට අභියෝග කරනවා. අපිට බලය ගැනීමට හදිස්සියක් නැහැ. තනතුරු ගැන කෑදර කමකුත් නැහැ. ආණ්ඩුව මැතිවරණයක් කැඳොව්වොත් අපි අපේ බලය පෙන්වනවා යැයිද කීය.
බත්තරමුල්ල, නෙළුම්මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී අද (22) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
41
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
129
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
928
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘ජනපති-අගමැතිගේ නායකත්වය නොපිළිගන්නන්ට ඒකාබද්ධයට එක්විය හැකිය’