IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


ජනපතිගෙන් ​ශ්‍රීලනිපයට පණිවිඩයක්

අගමැතිවරයාගේ සහ ඇමැති මණ්ඩලයේ බලතල අත්හිටුවමින් අභියාචනාධිකරණය ඉකුත් සඳුදා සවස දුන් තීන්දුව ආණ්ඩුව ද කිසිසේත් අපේක්‍ෂා නොකළ තීන්දුවකි. එදින හැන්දෑවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා සහ කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරුන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී හමුවූයේ අභියාචනාධිකරණයෙන් දුන් තීන්දුවත් සමඟ ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරීමටය. අභියාචනාධිකරණ තීන්දුව සම්බන්ධයෙන් මැති ඇමැතිවරුන්ගෙන් විවිධ තර්ක විතර්ක ඉදිරිපත් වුවද ජනාධිපතිවරයා කීවේ තීන්දුවට එකඟ නොවන නමුත් තමා අභියාචනාධිකරණ තීන්දුවට ගරු කරන බවය. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව එන තෙක් අමාත්‍යාංශවල කටයුතු ලේකම්වරුන් මාර්ගයෙන් සුපුරුදු පරිදි කරගෙන යන්නට සකාච්ඡා විය.   


ගිය අඟහරුවාදා පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ විශේෂ සම්මේලනය සංවිධාන කටයුතු ගැන සාකච්ඡා කරන්නට ජනාධිපතිවරයා සඳුද‌ා රාත්‍රියේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රීවරුන් කණ්ඩායම හමුවිය. මන්ත්‍රීවරුන්ට අමතරව පක්‍ෂයේ මහලේකම් රෝහණ ලක්‍ෂ්මන් පියද‌ාස මහතා ද පැමිණ සිටියේය. සම්මේලනයේ දී පාක්‍ෂිකයින්ට බෙද‌ාදීමට සූදානම් කර තිබූ ‘‘රට වෙනුවෙන් ගත් තීරණය’’ මැයෙන් වූ ප්‍රකාශනය ජනාධිපතිවරයාගේ අනුමැතියට ඉදිරිපත් කළේ මහලේකම්වරයාය. ජනාධිපතිවරයා, රනිල් වික්‍රමසිංහ ඉවත් කර මහින්ද රාජපක්‍ෂ අගමැති කිරීමට ගත් දේශපාලන තීන්දුව ගැන පාක්‍ෂිකයින් දැනුවත් කිරීම සඳහා එම ප්‍රකාශනය සකස් කර තිබිණි. එහි සුළු වෙනස්කම් කිහිපයක් කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා කීවේ එය ප්‍රකාශනයක් ලෙස බෙදීම ඉතා හොඳ බවය.   


පක්‍ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක සහ ලසන්ත අලගියවන්න ආවේ සාකච්ඡාව යන අතරවාරයේය. සම්මේලනයේ න්‍යාය පත්‍රය සකස් කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා සහ ශ්‍රීලනිප මන්ත්‍රී පිරිස රටේ අලුත් තත්ත්වය පිළිබඳ සමාලෝචනයක ද යෙදිණි.   


මහමැතිවරණයක් පවත්වන ලෙස බලකරමින් සඳුදා හවස මරදානේ දී ආණ්ඩුවට සම්බන්ධ වෘත්තීය සමිති හා සංවිධාන එක්ව ජනරැලියක් පැවැත්වූයේ විශාල පිරිසකගේ සහභාගිත්වයෙනි. ගම්මන්පිල, විමල්, බන්දුල, දිනේෂ්, ඩලස්, ලොකුගේ ඇතුළු මැති ඇමැතිවරුන් ගණනාවක් ද රැස්වීමට පැමිණිය ද ඔවුන් කිසිවකුත් වේදිකාවට ගොඩ නොවූයේ එය සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එක්ව කළ රැස්වීමක් බැවිනි. අගමැතිගේ හා ඇමැති මණ්ඩලයේ බලතල අත්හිටුවමින් අභියාචනාධිකරණය දුන් තීන්දුව ගැන ආණ්ඩුවේ මැති ඇමැතින්ට දැන ගන්නට ලැබුණේ මේ රැස්වීම යන අතරේය. එය නිමවීමත් සමඟ මන්ත්‍රීවරුන් පිරිස විජේරාම නිල නිවසට ගියේ මහින්ද රාජපක්‍ෂ අගමැතිවරයා හමු වී ඉදිරි ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරීමේ බලාපොරොත්තුවෙනි. පක්‍ෂ නායකයින් ඇතුළු මන්ත්‍රීවරුන් සියලු දෙනාම පාහේ පැමිණ සිටි අතර මහින්දගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාව පැවැත්විණි. මහින්ද කීවේ අපේ අගමැතිකමවත්, ඇමැතිකමවත් අයින් කරල නැහැ අභියාචනාධිකරණය කරල තියෙන්නෙ තනතුරේ කටයුතු කිරීම අත්හිටුවීම පමණයි. අපි තීන්දුවට එකඟ නැහැ. හෙටම අපි මේ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපීල් එකක් ඉදිරිපත් කරනවා කියාය. ඒ අනුව මහින්ද එහි සිටි නීතිඥයින් වන මන්ත්‍රීවරුන්ට එම කටයුත්ත පවරා මේ තීන්දුව සම්බන්ධයෙන් මාධ්‍යයට යැවීමට ප්‍රකාශයක් හදන්නැයි ඩලස්ට පැවරීය.  


අගමැතිගේ සහ කැබිනට් මණ්ඩලයේ බලතල අභියාචනාධිකරණයෙන් අත්හිටුවා ඇති බැවින් වෙනද‌ා අඟහරුවාද‌ා උදේ සුපුරුදු පරිදි පැවැත්වෙන කැබිනට් රැස්වීම මෙවර නොපැවැත්විණි. එදින උදේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම විජේරාම මාවතේ පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේ දී රැස්වූවේ එදින සවස පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමට සහභාගි වන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමටය. එම රැස්වීමට මේ දිනවල ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්ව සිටින කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා ද පැමිණ සිටියේය. එහෙත් ඔහු කිසිවක් කතා නොකර සිටිනු දක්නට ලැබිණි. මන්ත්‍රී කණ්ඩායම තීරණය කළේ කලින් දින කිහිපයේ මෙන් එදින ද පාර්ලිමේන්තු රැස්වීමට සහභාගි නොවීමටය. එදින සවස පාර්ලිමේන්තු රැස්වීමට සන්ධාන මන්ත්‍රීවරුන් කිසිවකුත් සහභාගි නොවුව ද කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණ සිටියේය. වෙල්ගමගේ පැමිණීම මාධ්‍යයට ද ප්‍රවෘත්තියක් වූ බැවින් මාධ්‍යවේදීහු ඔහු ලුහුබඳින්නට වූහ. වෙල්ගම කීවේ තමා පාර්ලිමේන්තුවට පැමිණියේ බැංකුවට යාමට බවය.  


 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ සම්මේලනය අඟහරුවාද‌ා හවස කොළඹ සුගතද‌ාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වූවේ පාක්ෂිකයන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙනි. ජනාධිපතිවරයා විශේෂ සම්මේලනය අමතා කළ කතාව දේශපාලන කරළිය ගිනියම් කළේය. රනිල් ඉවත්කර මහින්ද අගමැති කිරීමට ගත් තීරණය පාක්ෂිකයින් හමුවේ සාධාරණීකරණය කළ මෛත්‍රී ඇතිවී තිබෙන අර්බුදය සතියක් ඇතුළත විසඳන බවට ද රට හමුවේ ප්‍රතිඥාවක් දුන්නේය.  


 බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයා ගිය සතිය පුරාම දේශපාලන පක්ෂ නායකයින් ඇතුළු ජ්‍යෙෂ්ඨයන් වරින් වර බත්තරමුල්ල නෙළුම් මාවත කාර්යාලයට කැඳවා මහමැතිවරණයට මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කළේ මහ ඡන්දයට යන ලෙස අධිකරණ තීන්දුව ලැබුණහොත් ඊට පෙර සූද‌ානම් වීමක් වශයෙනි. පොදුජන පෙරමුණේ මාධ්‍ය මධ්‍යස්ථානයක් ද ගිය සතියේ නෙළුම් මාවත කාර්යාලයේ දී විවෘත වූයේ බැසිල්ගේ ප්‍රධානත්වයෙනි. ජී.එල්. පීරිස් මහතා ද ගාමිණී ලොකුගේ සහ ලක්ෂ්මන් යාපා, එස්.එම්. චන්ද්‍රසේන, සුදර්ශනී යන මන්ත්‍රීවරුන් ද එම අවස්ථාවට පැමිණ සිටි අතර එම පිරිස එහි පැවැති පළමු මාධ්‍ය හමුවට ද එක්වූහ.  


 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ සම්මේලනය පසුගිය 4 ද‌ා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.  
 මෙම සම්මේලනයේ සුවි​ෙශ්ෂී අවස්ථාවක් වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල පුවත් අඩවිය ජනාධිපතිතුමන් අතින් සයිබර් අවකාශයට මුද‌ාහැරීමයි. මෙම කටයුත්තේ වගකීම මධ්‍යම කාරක සභාව විසින් පවරනු ලැබ තිබුණේ රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරයාටයි. පැවැරූ රාජකාරිය අකුරටම ඉටු කරමින් ප්‍රවෘත්ති අඩවිය හා සමාජ ජාලා පුවත් විකාශය ආරම්භ කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිය දෑතින්ම සියඹලාපිටිය අමාත්‍යවරයා අල්ලා ගනිමින් සිය සතුට ප්‍රකාශ කළේය.  


 ඊට අමතරව මේ කටයුත්ත සාර්ථක කරගැනීමට උරදුන් සියඹලාපිටිය අමාත්‍යවරයාගේ කාර්ය මණ්ඩලයට ද ජනාධිපතිවරයා විසින් සිය ස්තූතිය පුද කරනු ලැබීම විශේෂ අවස්ථාවක් විය.  



අදහස් (0)

ජනපතිගෙන් ​ශ්‍රීලනිපයට පණිවිඩයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 242 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 738 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 140 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site