
( +++ ඩයනා උදයංගනී)
රටේ ජනතාවගේ අවශ්‍යතා ක්‍රියාත්මක කිරීමේදී රාජ්‍ය නිලධාරීන්ගෙන්, ව්‍යවස්ථාදායකයින්ගෙන් හෝ අධිකරණයෙන් කිසිම බාධාවක් තමා බලාපොරොත්තුවන්නේ නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඊයේ (4) කොළඹ නිදහස් චතුරශ්‍රයේ පැවති 72 වැනි ජාතික නිදහස් සැමරුම් උළෙලේ දී ජාතිය අමතමින් පැවසීය.
රටේ ජනතාවගේ අවශ්‍යතා ක්‍රියාත්මක කිරීමට තමන් බැඳී සිටින බවත් එය තමාගේ වගකීම හා යුතුකම බවත්, ගෝඨාභය රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.
නීතිගරුකව, විනයගරුකව, ගුණගරුකව ජීවත්වීම සඳහා ජනතාවට සැබෑ නිදහසක් ලබාදීම අවශ්‍ය බව කී ජනාධිපතිවරයා වැරදි කරන සුළු පිරිසට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරනවා මිස බහුතරය මත අනවශ්‍ය සීමාවන් පැනවීම නොකළ යුතු බව ද කියා සිටියේය.
තමන් කරන කියන දේවලින් රටට සිදුවන්නේ යහපතක් ද අයහපතක් ද යන්න දේශපාලන අවශ්‍යතා ගැන පමණක් නොසිතා සිතා බලන්නැයි ද ජනාධිපතිවරයා මෙහිදී දේශපාලනඥයින්ගෙන් ඉල්ලා සිටියේය.
ත්‍රස්තවාදීන්, අන්තවාදීන්, සොර සතුරන්, මැරයන්, කප්පම්කරුවන්, කාන්තා හා ළමා හිංසකයන් නිසා සාමාන්‍ය ජන ජීවිතයට බාධා පැමිණෙනවා නම් එතැන ජනතාවට නිදහසක් නැතැයි කී ජනාධිපතිවරයා ත්‍රස්තවාදයට මගපාදන අන්තවාදී සංවිධානවලට තවදුරටත් මේ රට තුළ ක්‍රියාත්මක වන්නට ඉඩ දෙන්නේ නැතැයි ද කීවේය.
තමන් රටේ සියලු දෙනාගේ නිදහසට ගරු කරනවා මෙන්ම අර්ථවත් ප්‍රජාතන්ත්‍රවාදී රටක දේශපාලන හා ආර්ථික නිදහස තහවුරු කිරීමට කටයුතු කරන බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කළේය.
මත්ද්‍රව්‍ය, රාජ්‍ය ආයතනයන්හි පවතින දූෂණය ඇතුළු ජන ජීවිතයට බලපා ඇති සියලු සමාජ උවදුරු තුරන් කිරීම සඳහා නීතිය තදින් ක්‍රියාත්මක කරන බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා කීවේය.
එම කටයුතු කාර්යක්‍ෂම කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ ආරක්‍ෂක අංශ තුළ දැනටමත් ආරම්භ වී ඇතැයි ද ජනාධිපතිවරයා කීවේය.
ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක යහපැවැත්ම හා ප්‍රගමනය සඳහා ශක්තිමත් විධායකයක්, ව්‍යවස්ථාදායකයක් හා ස්වාධීන අධිකරණයක් අවශ්‍ය බව ද කී ජනාධිපතිවරයා මෙම ප්‍රධාන ආයතන සම්බන්ධයෙන් ඇති ජනතා විශ්වාසය කුමන ආකාරයකින් හෝ පළුදුවන්නේ නම් එය රටක අරාජිකත්වයක් ඇතිවීමට හේතුවන බව ද සඳහන් කළේය.
නිසි අධ්‍යයනයකින් හෝ සම්බන්ධීකරණයකින් තොරව පනවා ඇති නීතිරීති හා රෙගුලාසි නිසා ජනතාව හිරිහැර රාශියකට මුහුණ දී ඇතැයි ද පැවසූ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මිනිසුන්ගේ එදිනෙදා ජීවිතයට බලපාන බොහෝ දේවල් සඳහා බලපත්‍රයක් ලබාගැනීමේ අවශ්‍යතාව යළි විමසා බැලිය යුතු යැයි ද කීවේය.
ජනතාවට නිදහසේ ස්වයං රැකියාවක්, පාරම්පරික කර්මාන්තයක්, ව්‍යාපාරයක් කර ගන්නට බාධා පමුණුවන යල්පැනගිය නීතිරීති රෙගුලාසි, බදු හා ගාස්තු කඩිනමින් සංශෝධනය විය යුතු බව ද ජනාධිපතිවරයා පැවසීය.
ජනතාව මත පනවා අති අනවශ්‍ය තහංචි ඉවත් කර ඔවුන්ගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීම සඳහා කටයුතු කරන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
තම ධුර කාලය තුළ රටේ බෞද්ධ දර්ශනය ආරක්‍ෂා කොට පෝෂණය කිරීමට කැපවන බවත්, බෞද්ධ දර්ශනයේ මඟපෙන්වීම අනුව කිසිදු පුරවැසියකුට අගතියක් නොවන ධර්මානුකූල රාජ්‍ය පාලන තන්ත්‍රයක් සඳහා යොමු වන බවත් කී ජනාධිපතිවරයා දිනූ නිදහස තවත් ශක්තිමත් කිරීමට ප්‍රතිඥා දෙන බව ද කියා සිටියේය.
ජීවත් වීමේ නිදහස තහවුරු කිරීමේ දී පළමුව කළ යුත්තේ ජනතාවගේ ආර්ථික ගැටලු විසඳා දීම බවත් ජනතාවගේ දරිද්‍රතාව තුරන් කිරීම රජයේ ප්‍රමුඛතාවක් ලෙස සලකන බවත් ජනාධිපතිවරයා පැවසීය.
COMMENTS
ජනතා ගමන........ ගුවන් සමාගමට අධ්‍යක්ෂලා හැටියට පවුලේ අය දැම්මේ ජනතා ගමනටද?
අනේ මන්දා... නිකම් වහල් ආණ්ඩුවේ කතාවක් වගේ කියලා හිතෙන්නේ මට විතරද? එකම වෙනස ව්‍යවස්ථාදායකයට සහ අධිකරණයට බරපතල තර්ජනයක් කරලා තියෙනවා.. තමන් යන ගමනට බාධා කරන්න එපා කියලා. ව්‍යවස්ථාදායකය සහ අධිකරණ තියෙන්නේ ජනාධිපති ඒකාධිපති ගමනක් යනවා නම් මහජන යහපත තකා ඒක නවත්තන්න. ඒ හින්දා යන ගමන මොකක්ද කියලා තාම රටටම වැටහෙන්නත් ඉස්සෙල්ලා පාර්ලිමේන්තුවට සහ අධිකරණයට තර්ජනය කරලා කරන්න හදන්නේ මොකක් වෙන්න පුළුවන්ද...?
මේ කියන බලපෑම් සේරම අයියට බලය තියෙනකොට සිදුවුණා මහා පරිමාණයෙන් එදා ඔබත් උසස් නිලයක් දැරුවා , සහෝදරයෝ බිරින්දෑවරු දරුවෝ සියලුම දෙනා බලය අතට අරන් වැඩ කෙරුවේ, දැනුත් පටන්ගෙන ඇගට නොදැනී කරගෙන යනවා, දැන් මේ කියන දේවල් කරන්න එපා කියන්නේ ජනතාවටද මේ කතාව.
රටේ බෞද්ධ දර්ශනය ආරක්‍ෂා කොට පෝෂණය කිරීමට ... ප්‍රසිද්ධ මාධ්‍ය වලින් බුදුදහම කෙසේවත් විවේචනය නොකළයුතු අතර එසේ සිදුවූ විට දැඩි දඬුවම් සකස් කිරීම විදේශීය අන්‍ය ආගමික ප්‍රචාරක ආයතන සහ පුද්ගල වීසා සුපරික්ෂාකාරීව නිකුත් කිරීම... මේ කරුණ සම්බන්ධව දීර්ඝ විස්තර ඇති නිසා... ඔබට සිතා බැලීමට අවස්ථාව...
ජනතාවාදී ගමනට බාධා කළොත් ජෝශප් ස්ටාලින්ගේ න්‍යායෙන් සලකමු. මොකද එවුන් ජනතා ද්‍රෝහීන්...
අයියට කිව්වොත් නරකද ?