IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ජාතීන් අනෝන්‍ය වශයෙන් යා කරන පාලම භාෂාවයි - අගමැති

(සුජිත් හේවාජුලිගේ)

ප්‍රධාන පක්ෂ දෙකට එකට එකතුවීමට සිදු වුණේ යුද්ධය අවසන් වුවත් රටේ සාමය ඇති නොවුණ නිසා යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

රටේ ලොකු සංහිදියාවක් ඇති කිරීමට පසුගිය අවුරුදු තුනේදී හැකියාව ලැබුණු බව කී අගමැතිවරයා ජාති භේද ආගම් ‍භේද උපරිම දුරකට සීමා කරගෙන ඇතැයිද ප්‍රකාශ කළේය.

ජාතීන් අනෝන්‍ය වශයෙන් යා කෙරෙන පාලම භාෂාව යැයිද ඔහු කීය.

අගමැතිවරයා මේ බව පැවසුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අද (26) පැවැති සිංහල දෙමළ ද්වි භාෂා තරගවලින් ජයගත් පාසල් සිසු සිසුවියන්ට ත්‍යාග සහතිකපත් පිරිනැමීමේ උත්සවයේදීය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවය සංවිධාන කරනු ලැබුවේ ජාතික එකාබද්ධතා සංහිදියා හා රාජ්‍ය භාෂා අමාත්‍යංශය විසිනි.

ගුවන් විදුලි සේවාවන් නවයක් ඔස්සේ විකාශනය කෙරුණු ද්විභාෂා තරගවලින් ජයගත් පාසල් සිසු සිසුවියෝ 3789 දෙනෙක් මෙහිදී ඇගයීමට ලක්වූහ.

(ඡායාරූප - ඉෂාන් සංජීව)



අදහස් (0)

ජාතීන් අනෝන්‍ය වශයෙන් යා කරන පාලම භාෂාවයි - අගමැති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site