IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ගුරු-විදුහල්පතිට එල්ල ප්‍රහාරය හෙළා දකිනවා

මුදිතා දයානන්ද                            

             
අධ්‍යාපන අමත්‍යාංශය ඉදිරිපිටදී ගුරු විදුහල්පතිවරුන්ට එල්ල කළ අමානුෂික ප‍්‍රහාරය තරයේ හෙළා දකින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී සිසිර ජයකොඩි මහතා අද (5) පැවසීය.


ජයකොඩි මහතා මේ බව සඳහන් කළේ බත්තරමුල්ල, නෙලූම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු තවදුරටත් මෙසේද පැවසීය.


දේශපාලන පළිගැනීම්වලට ලක්වුවන්ට සාධාරණය ඉෂ්ට කරන්න කියලා මේ ආණ්ඩුව තමන්ගේ පිරිසකට දේශපාලන උසස්වීම් ලබාදී තිබෙනවා. දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ගේ පැමිණිලි විභාග කිරිමට පත්කළ කමිටුවේ සාමාජිකයන් තමන්ටම උසස්විම් දෙන්න නිර්දේශ කරලා.

ඒ අයට මේ තනතුරුවලට පත්විමට සුදුසුකම් නැහැ. ඒ නිසා තමයි ගුරුවරු ඊයේ වැඩවර්ජනයක් ආරම්භ කරලා ඉසුරුපාය ඉදිරිපිට උද්ඝෝෂණයක් සිදුකළේ. එතනදී උසස්වීම් ලබාගත්ත ගුරුරවැන් ලවාම උද්ඝෝෂණය කළ ගුරුවරුන්ට පහර දුන්නා. 


මේ පහරදීම සිදුකලේ පාසල්වල පරිපාලනය භාර විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට. ඒ නිසා මේක ඔවුන්ගේ ගෞරවය කෙලෙසීමක් හැටියටයි අපි දකින්නේ. ආණ්ඩුව හදන්නේ අධ්‍යාපන ක්ෂේත‍්‍රය කඩා වට්ටන්නයි.

සුදුසුකම් නැති අය අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ ඉහළ තනතුරුවලට පත් කිරිමෙන් අධ්‍යාපනය අවුල් වෙනවා. මෙවැනි පත්වීම් ඉතිහාසයේත් ලබාදී තිබෙනවා. එදා සිටම කළ ඒ දේවල් නිසා තමයි අධ්‍යාපනය කඩා වැටෙන්නේ.



අදහස් (0)

ගුරු-විදුහල්පතිට එල්ල ප්‍රහාරය හෙළා දකිනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site