IMG-LOGO

2025 ජනවාරි මස 17 වන සිකුරාදා


කිසිදු චක‍්‍රලේඛයක් මහජන සේවා ප‍්‍රමාද කරන්න අකාර්යක්ෂම කරන්න හේතු නොවිය යුතුයි

(පොළොන්නරුව ක.ග. කරුණාරත්න)

කිසිදු චක‍්‍රලේඛයක් මහජන සේවා ප‍්‍රමාද කිරීමට හෝ අකාර්යක්ෂම කිරීමට හේතු නොවිය යුතු බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුවේ දී ඊයේ (9) පැවැසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ලෝක තැපැල් දින 143 වැනි සැමරුම් උත්සවය අමතමිනි.

ලෝක තැපැල් දින 143වන සැමරුම් උත්සවය පොළොන්නරුව බුද්ධි මණ්ඩපයේ දී ඊයේ උදේ පැවැත්විණි.

ලෝක තැපැල් දිනය නිමිත්තෙන් නව මුද්දරයක් සහ මුල් දින කවරයක් ද නිකුත් කෙරිණි.

පොළොන්නරුව තැපැල් සංකීර්ණය සඳහා මුල්ගල් තැබීම ද මෙම උත්සවයට සමගාමීව ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි. ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 307ක් පමණ වේ.

උත්සව සභාව ඇමතූ ජනාධිපතිවරයා මෙසේ ද කීවේය.

අද ලෝක තැපැල් දිනය මුල් කරගනිමින් පවත්වනු ලබන ජාතික වැඩසටහන පොළොන්නරුවේ පවත්වන අවස්ථාවට ඔබ සමග එක්වීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. මේ උළෙල ආරම්භ කිරීමට පෙර පොළොන්නරුව නගරයේ නව තැපැල් සේවාව සඳහා රුපියල් කෝටි තිස් එකකට ආසන්න මුදලක් වැයකරමින් ඉදිකරන ගොඩනැගිල්ලේ වැඩ කටයුතු ආරම්භ කළා. මෙවැනි වැදගත් ව්‍යාපෘතියක ආරම්භයත් සමග ඔබ සියලූ දෙනා හමුවීම මම ඉතා වැදගත් කොට සලකනවා.

තැපැල් සේවය යනු, මුළු ලෝකයේම පණිවුඩ හුවමාරු ක‍්‍රමවේදයයි. අපේ රට වගේම ලොව බොහෝ රටවල්වලත් වසර දහස් ගණනකට එහා අතීතයට විහිදි යන තොරතුරු හුවමාරු කිරීම පිළිබඳ ඓතිහාසික තොරතුරු හමුවෙනවා.

ඇතැම් වෙලාවට අපි දන්නවා මේ සඳහා සතුන් භාවිත කළා. පරවියා වැනි පක්ෂීන් භාවිත කළා. අපි කවුරුත් දන්නා සැළලිහිණි සංදේශයේ සැළලිහිණියාව පණිවුඩය යැවීම පිළිබඳව භාවිත කර ඇති ආකාරය තොටගමුවේ ශ‍්‍රී රාහුල හාමුදුරුවෝ ඉතාමත් රසවත් ලෙස සඳහන් කර තිබෙනවා. එදා මෙදා තුර ඈත අතීතයේ සිටම මානව සමාජයේ මේ සේවාවන් පිළිබඳව තිබුණු කැපවීම එහි ප‍්‍රගමනයට, දියුණුවට, සංවර්ධනයට විශිෂ්ට ලෙස ඉවහල්වී තිබෙනවා.

අධි තාක්ෂණයත් සමඟ තොරතුරු සන්නිවේදනයේ ඉහළම දියුණුවක් තිබෙන අද වැනි යුගයක අධි තාක්ෂණය භාවිත කරමින් පණිවුඩ හුවමාරුවේ කාර්යක්ෂමභාවය තවදුරටත් ශක්තිමත්වී තිබෙනවා. තැපැල් පණිවුඩය වරක ඉතාමත් සතුට දනවන කාර්යයක් මෙන්ම වරක අසතුට දනවන කාර්යයක් බවත් බොහෝ වේලාවට අප අත්දැකීමෙන් දන්නවා. විභාගයක් සමත්වී ගෙදරට ලිපියක් ආ විට ලිපිය කඩා බැලූ විට ඉහළම ප‍්‍රීතියකින් කෑ ගසා කියනවා මම විභාගය සමත් වෙලා කියලා. රැකියාවක් ලැබී ලිපියක් ආ විටත් ඉතාමත් සතුටට පත් වෙනවා. අපේ සමාජය ගෙදරට ලිපි එන තැපැල් සේවාවට සීමාවී සිටි කාලයන් ගත්විට ඇතැම් වේලාවට තමන්ට අවශ්‍ය දේ තොරතුරු බලාපොරොත්තු වන දේ ලබා ගැනීම සඳහා තැපැල් මහත්මයා ගෙදරට එනකල් බලා සිටිනවා. මේ සේවාවේ සිටින සෑම කෙනෙක්ම මහජනයාට ඉතාමත් සමීපයි.

මහජන සම්බන්ධතාව සමීපතාව ඉතාමත් ඉහළ කැපවීමක් තිබෙන සේවාවක්. ඇතැම් වේලාවට ලිපියක් තැපෑලෙන් ආ විට සතුටට පත්වූ අවස්ථා මෙන්ම සමහර තරුණ පිරිස් ලිපිය බලා සියදිවි නසාගත් වෙලාවල් ද තිබූ බව අපි දන්නවා. තමාගේ තිබෙන ආදර සම්බන්ධතා මෙතනින් ඉවරයි කියා ලිපියක් ආ විට බෙල්ලේ වැල දා ගන්නවා, ළිඳට පනිනවා. ඒකටත් එක කොනක සිටින්නේ තැපැල් මහත්මයායි. මේ සෑම දෙයකම යහපත් දේ වගේම අයහපත් දේ තිබෙනවා. නමුත් සියල්ල භාවිත කළ යුත්තේ යහපත් දේ සඳහා යහපත් සුබවාදී මනසකින්.

මට තැපැල්පතිතුමා කිව්වා, අපේ රටේ විවිධ ක්ෂේත‍්‍ර හරහා අවශ්‍ය තොරතුරු ලබා දෙන්න, අවශ්‍ය දැනුම, පණිවුඩ ලබා දෙන්න වර්ෂයකට මිලියන දහනව දාහක් ස`දහා මේ සේවාවේ සිටින ඔබ ස්වේච්ඡාවෙන් කටයුතු කරන බව. සේවා ගාස්තුවක් නොමැතිව මිලියන දහනව දාහකට වසරකට ඔබ හරහා යන පණිවුඩය අඩු ආදායම්ලාභී පවුල්වලට රජයෙන් ලැබෙන විවිධ යැපීම්, දීමනා සඳහා කටයුතු කිරීමේ දී ඒ සඳහා ඔබ දක්වන සහයෝගය අපි ඉතාමත් අගය කරන්න  ඕන.

තැපැල් සේවාව පිළිබඳව කතා කළ විට එදා මෙදා කාලය තුළ බොහෝ දේ අපිට කතා කිරීමට හැකියි. ඒ ඉතිහාසය සමග තව තවත් මේ සේවාවන් කාර්යක්ෂම කිරීම මේ සේවාවන්වල විධිමත්භාවයක් ඇති කිරීම පිළිබඳව අප සියලූ දෙනාගේම අවධානය යොමුවීම ඉතා අවශ්‍ය වෙනවා. මටම මතකයක් නැහැ වර්ෂයකට මම උත්සව කීයකට සහභාගි වනවාද කියා. තැපැල් සමරු මුද්දර නිකුත් කිරීම පිළිබඳව. එය තමාගේ ආයතනික වශයෙන්, සේවාවන් වශයෙන් ඉන් බාහිරව පෞද්ගලිකවත් බොහෝ අයට තමාගේ ජීවිතයට සම්බන්ධ වන විශිෂ්ට අවස්ථාවක් ලෙස තැපැල් සමරු මුද්දර නිකුත් කිරීම හඳුන්වන්න පුළුවන්. මේ පිළිබඳවත් යම් යම් ගැටලූ සහ ප‍්‍රශ්න තිබෙනවා. පසුගිය කාලවලදී තැපැල්පතිතුමා සහ මම දුරකථනයෙන් කතා කළ වේලාවන්වල දී පාසල්වල අවුරුදු සියය, අවුරුදු එකසිය පනහ පිරීම වැනි අවස්ථාවල දී යම්කිසි ප‍්‍රතිපත්තියක අවශ්‍යතාව මතුවුණා. පසුගිය දවස්වල සමහර පාසල්වල විදුහල්පතිවරු මට කතා කළා තැපැල් මුද්දරය නිකුත් කිරීම පිළිබ`දව. මම කිව්වා, මට අයිති නැහැ මෙය. තැපැල්පතිතුමාගෙන් අහන්න. මම  ඕවා නවත්වලා නැහැ. ඒ තිබෙන චක‍්‍රලේඛ අනුව කටයුතු කිරීමයි අවශ්‍ය වන්නේ කියා.

මේ ක්ෂේත‍්‍රය ගත්විට ඔබ සෑම කෙනෙක්ම ඉතා විශිෂ්ට රාජ්‍ය ආයතනයක් විදියට ස්වේච්ඡාවෙන් සහ රාජකාරී වශයෙන් විශිෂ්ට කාර්යභාරයක් ඔබ සෑම කෙනෙක්ම ඉටුකරනු ලබනවා. ලෝක තැපැල් දිනය ලෙස දිනයක් නම් කර තිබෙන්නේ ඇයි? එසේ නම් කර තිබෙන්නේ ජාත්‍යන්තර වශයෙන් මුළු සමස්ත ප‍්‍රජාවගේ අවධානය යොමු කිරීමට. මෙහි තිබෙන වැදගත්කම සාකච්ඡා කිරීම. අතීතයේ මතක සටහන් සමග අනාගතය සකස් කර ගැනීම. ඒ පිළිබඳව ගත යුතු තීන්දු තීරණ ගැනීම. ආයතනික වශයෙන් මේ සඳහා ප‍්‍රමුඛත්වය දීම ප‍්‍රතිපත්තිමය කරුණු මෙන්ම සැලසුම් සහගත කාර්යයන්, පිළිබඳව සෑම කෙනෙකුගේම අවධානය යොමු කිරීම සඳහායි ලෝක තැපැල් දිනයක් නම් කර තිබෙන්නේ.

විවිධ සේවාවන්වල තත්ත්වයන් ගත්විට තැපැල්පතිතුමා කිව්වා, තැපැල් දෙපාර්තමේන්තුව හරහා තිබෙන යම් යම් ගැටලූ සහ ප‍්‍රශ්න සම්බන්ධයෙන් වෘත්තීය සමිති සමග කටයුතු කිරීමේදී එන යෝඡනා අදහස් සමඟ ඇතැම් චක‍්‍රලේඛ හරස්වීම තුළ චක‍්‍රලේඛවල තිබෙන කරුණු මුල් කරගෙන යම් යම් කාර්යයන් පිළිබඳව තිබෙන ගැටලූ පිළිබඳව. තැපැල් දෙපාර්තමේන්තුව වගේම දුම්රිය දෙපාර්තමේන්තුවේ ආයතනික වශයෙන් තිබෙන කරුණු 2006 චක‍්‍රලේඛය පිළිබඳව ප‍්‍රශ්න තිබෙනවා නම් සාකච්ඡා කරලා ඒවා නිරාකරණය කරගත හැකියි. කිසිදු රාජ්‍ය චක‍්‍රලේඛයක් මහජන සේවාවන් ප‍්‍රමාද කරන්න, අකාර්යක්ෂම කරන්න බලනොපාන විදියට සකස් කර ගැනීම අවශ්‍යයි. වෘත්තීය සේවාවන්වල තිබෙන තත්ත්වයන් විධිමත් කර ගැනීමට හෝ ඒවා කාර්යක්ෂම කරගෙන වැඩි මහජන සේවාවක් ලබා දීමට චක‍්‍රලේඛ යම් හරස්වීමක්, බාධාවක් වෙනවානම් එම ගැටලූව අප විසින් සාකච්ඡා කරලා නිරාකරණය කරගත යුතු වෙනවා. ඒ නිසා ඇමතිතුමාගෙන්, අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතු`එ තැපැල්පතිතුමාගෙන් මම ඉල්ලීමක් කරනවා එහි තිබෙන ගැටලූ මට ඉදිරිපත් කරන්න ලබන සතියේ. මම සුදානම් ඔබ සමග සාකච්ඡා කරලා එම ගැටලූ නිරාකරණය කර ගන්න.

තැපැල් දෙපාර්තමේන්තුවේ විවිධ වෘත්තීය සමිති විදියට වැඩ වර්ඡුන වලටත් බොහෝම ප‍්‍රසිද්ධයි. වෛද්‍යවරුන්ගේ වාර්තාව තවම කඩා නැහැ. ඒ නිසා එම තරගකාරීත්වය ගැන ද සිතා අඩුවෙන් වර්ජනය කරලා වැඩියෙන් වැඩ කරලා ප‍්‍රශ්න විසඳා ගන්න. සුහදව සහ මිත‍්‍රශීලීව සාකච්ඡා කරලා කටයුතු කරමු කියා මා ඉල්ලා සිටිනවා.  ඕනෑම වෘත්තිය ක්ෂේත‍්‍රයක තිබෙන්නාවූ වෘත්තීමය ගැටලූ සේවාමය ගැටලූ අපිට සාකච්ඡා මගින් විසඳා ගැනීමට හැකියාව තිබෙනවා.

ඔබ වැනි විශිෂ්ට මහජන සේවාවක් කරන දෙපාර්තමේන්තුවක් ආයතනයක් අමාත්‍යාංශයක් විදියට වර්තමාන ඇමතිතුමාත් ලේකම්තුමා ඇතුළු සියලූම කාර්යය මණ්ඩල සහ වෘත්තීය සමිතිවලටත් මේ වැඩසටහන ශක්තිමත් කිරීමට දායක වූ ටෙලිකොම් ආයතනයටත් ජාතික ඉතිරි කිරීමේ බැංකුවටත් ස්තූතිය පුදකරමින් ඔබෙන් සමුගන්නවා.

උතුරුමැද හා නැගෙනහිර දෙපළාතේ ප‍්‍රධාන සංඝනායක උඩගම ධම්මානන්ද නාහිමියෝ ද, තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු ඇමැති එම්.එච්.ඒ. හලීම්, හිටපු මහ ඇමැති පේෂල ජයරත්න යන මහත්වරු ද, තැපැල්පති රෝහණ අබේරත්න මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීහු ද මෙම අවස්ථාවට සහභාගි වූහ.



අදහස් (0)

කිසිදු චක‍්‍රලේඛයක් මහජන සේවා ප‍්‍රමාද කරන්න අකාර්යක්ෂම කරන්න හේතු නොවිය යුතුයි

ඔබේ අදහස් එවන්න

 

 

දේශපාලන

දුන් ප්‍රතිඥා එලෙසම ඉටු කරනවා
2025 ජනවාරි මස 13 2550 14

රටත්, ජනතාවත් වෙනුවෙන් බොහෝ යහපත් දේ ඉටු කිරීමට දුන් ප්‍රතිඥා එලෙසම ඉටු කිරීමට පසු නොබස්නා වීර්යෙන් කැප වී සිටින බව ජනාධිපති අනුර දිසානායක මහතා තෛපොංග


‘එකිනෙකා අගය කිරීම සහ කෘතගුණ සැලකීමේ උතුම් ගුණාංයක්‘
2025 ජනවාරි මස 13 454 3

එකිනෙකා අගය කිරීම සහ කෘතගුණ සැලකීමේ උතුම් ගුණාංග උදෙසා දමිළ ජනප්‍රජාව විසින් සෑම වසරකම ජනවාරි මාසයේ සැමරෙන තෛපොංගල් උත්සවය සැබෑ සංස්කෘතික වටිනාකම් ක



සෞඛ්‍ය දියුණුවට පංචවිධ වැඩපිළිවෙලක්
2025 ජනවාරි මස 09 902 5

ගුණාත්මක, ප්‍රශස්ථ සහ විධිමත් නිදහස් සෞඛ්‍ය සේවාවක් මෙරට ජීවත්වන ජනතාවට අඛණ්ඩව ලබා දීම සඳහා ඉදිරි වසර තුන තුළදී ප්‍රධාන ධාරාවන් පහක් ඔස්සේ මෙරට සෞඛ්‍


ආණ්ඩුවේ නව බදු ක්‍රමය ජනතාවට විශාල බරක්
2025 ජනවාරි මස 02 2891 21

ආණ්ඩුවේ නව බදු ක්‍රමය ජනතාවට විශාල බරක් මෙන්ම රටේ ආර්ථිකයට ද අහිතකර බලපෑමක් ඇති කළ හැකි බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහ


දරුවන් පාසලෙන් ඈත්වීම ගැන සොයා බැලිය යුතුයි
2025 ජනවාරි මස 02 1365 11

උසස් පෙළ අධ්‍යාපනය ලබන දරුවන් පාසලෙන් ඈත්වීම පිළිබඳ සොයා බැලිය යුතු බවත් කුමන හේතුවක් මත හෝ දරුවන්ගේ අධ්‍යාපන අවස්ථා මගහැරීම නතර විය යුතු බවත් අග්‍රා


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 300 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 576 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 321 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site