ඩයනා උදයංගනී
ඒකාබද්ධ විපක්ෂයේ අය දේශපාලන වාසි තකා රණවිරුවන් ගැන කියා කිඹුල් කඳුළු හෙළමින් මාධ්‍ය සංදර්ශන පවත්වන බවත්, ඔවුන් රණවිරුවන්ට සැලකූ දෙබිඩි පිළිවෙත හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා, මේජර් ජෙනරාල් ජානක පෙරේරා වැනි අයට සැලකූ ආකාරයෙන් හෙළිවන බවත් ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
ඕනෑම හමුදාවක, ඕනෑම ආයතනයක කවුරුන් හෝ වැරදි ක්‍රියාවකට සම්බන්ධ වුණා නම් ඒ සම්බන්ධ පරීක්ෂණ පැවැත්වීම, නීතිය ක්‍රියාත්මක වීම හා විනය ක්‍රියාමාර්ග ගැනීම සිදුවන බව කී අමාත්‍යවරයා අතීතයේදීත් එවැනි දේ සිදුව ඇතැයි සඳහන් කළෙAය.
රණවිරුවන්ගේ ගෞරවය රැකෙන්නේ වැරදි කළ අයට දඬුවම් දීමෙන් බව කී අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා රණවිරුවන්, දේශපාලනඥයින් හෝ මාධ්‍යවේදීන් ආදී සෑම ක්ෂේත්‍රයකම වැරදි කරන අයට දඬුවම් නොදුන්නොත් සියලූ දෙනා වැරදිකරුවන්ගේ ගොඩට වැටෙන බව ද කියා සිටියේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ‘සිරිකොත‘ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී අද (24) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
2025 දෙසැම්බර් මස 18
645
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
308
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඒකාබද්ධය කිඹුල් කඳුළු හළනවා - ඇමැති ගයන්ත