IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඉවත් කළාට ස්තූතියි - අනුර ප්‍රියදර්ශන

හර්ෂණ තුෂාර සිල්වා

පක්ෂයට ලෙන්ගතු වෙමින් වගකීම් ඉටු කිරීම සංවිධායක ධූරය අහෝසි වීමට හේතුවක් නම් අවසානයේ කියන්නට ඇත්තේ ස්තූතියි යන්න පමණක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා ලංකාදීපයට අද (21) පැවැසීය.

පක්ෂය සහ ජනතාව සමීප කරවීමට තමන් ඇතුළු පිරිස උත්සාහ කළ බව කී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පක්ෂය තමන් ඇතුළු කණ්ඩායම ඉටු කරන ලද වගකීම් නොසලකා හැර ඇතැයි ද කීවේය.

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු සංවිධායක ධූරවලින් ඉවත් කිරීමට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව ගත් තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා මෙසේ ද කීය.

         “පක්ෂයට ලෙන්ගතුව වැඩ කරන අයට ලැබෙන්නේ සංවිධායක ධූරය අහෝසි කිරීම නම් අවසානයේ කියන්නට ඇත්තේ ස්තූති කියලා විතරයි. මා ඇතුළු කණ්ඩායම පක්ෂය සහ ජනතාව සමීප කරවීමට උත්සාහ කළා.

අපි අපේ වගකීම් ඉටු කළා. අපි කරන ලද කැප කිරීම් නොතකා, නොසලකා හැරලා. අපට කියන්න තියෙන්නේ හොඳයි කියලා විතරයි. මොකද වෙන්නේ කියලා අපි බලාගෙන ඉන්නවා.

මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ වුණේ අවුරුදු 19 දී. අවුරුදු 35ක් පක්ෂය සමඟ හිටියා. මට සංවිධායකකම දුන්නේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය. අපි පක්ෂය කිව්ව හැමදෙයක්ම කළා. පක්ෂය වෙනුවෙන් අපේ වගකීම් ඉටු කළා. 

සංවිධායකකම ඉවත් කරන්න පක්ෂය තීන්දු කරනවා නම් අපට කියන්න දෙයක් නැහැ. කරන්න දේකුත් නැහැ. කොහොම වුණත් වාමාංශික අදහස් තියෙන උදවිය විදියට අපි දේශපාලනයෙන් ඉවත් වෙන්නේ නැහැ.

සුසිල් ප්‍රේමජයන්ත, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, ටී.බී. ඒකනායක ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සංවිධායකකම්වලින් ඉවත් කරලා. එසේ කිරීමෙන් පක්ෂයට අනාගතයක් නැහැ.  පක්ෂය වේගයෙන් දුර්වල වීගෙන යනවා. අපිට ඒ ගැන කණගාටුයි”.

 



අදහස් (3)

ඉවත් කළාට ස්තූතියි - අනුර ප්‍රියදර්ශන

rohan perera Saturday, 22 September 2018 05:21 AM

ශ්‍රීලනිපේ මහින්ද මහත්තයා සහ චන්ද්‍රිකා නෝනා කාපු තරම තමයි යාපාලාගෙන් ඔය කියැවෙන්නේ... අහිංසක අනුරව පන්නලා පක්ෂෙට කරපු විනයේ තරමක්..

:       20       0

Chandra Monday, 24 September 2018 01:06 AM

රටේ සහ මහජනතාවගේ කාලය නාස්ති නොකර දැන්වත් අයින් වෙලා ඉන්න මහජන මුදල් නාස්ති නොකර .

:       0       0

rohana Monday, 24 September 2018 01:45 AM

අයින් කළා කියන්නේ ඔබ තුමාල ගියා නේද පා.ම. මහින්ද ලඟට.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site