IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


‘‘ආරක්ෂාව ගැන හිතන්නැති ඇමතිවරු සිටින තුරා සුරක්ෂිත රටක් බිහිවෙන්නේ නෑ‘‘

(නාලක සංජීව දහනායක)

ජාතික ආරක්ෂාව ගැන තැකීමක් නැති ඇමති මණ්ඩලයක් සිටින තුරා සුරක්ෂිත රටක් බිහිවේ යැයි විශ්වාස කළ නොහැකි බව පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද (16) හොරණදී පැවසීය.

තමන් බලයට පත්වී සුරක්ෂීත රටක් බිහි කරන බවට ජනතාවට පොරොන්දු වන බවද ඔහු කීය.

හොරණ නගරයේ අද පැවැති පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියකට එක්වෙමින් හෙතෙම මේ බව පැවැසීය.

එහිදී ඔහු මෙසේද පැවසීය.

   ‘‘අපි එදා ත්‍රස්තවාදය අවසන් කරලා සුරක්ෂිත රටක් නිර්මාණය කළා.යුද්ධයෙන් පසුවත් බුද්ධි අංශ ශක්තිමත් කළා.නමුත් මේ රජයේ අධූරදර්ශී වැඩ පිළිවෙල නිසා නැවත බෝම්බ පුපුරන්න පටන් ගත්තා.

රණවිරුවන්  සිරගතකරලා බුද්ධි අංශ නිශ්ක්‍රීය කළා.ජාතික ආරක්ෂාව ගැන තැකීමක් නැති ඇමැති මණ්ඩලයක් පවතින තුරු සුරක්ෂිත රටක් බිහිවේයැයි විශ්වාස කළ නොහැකි ‘‘යැයැද ඔහු සඳහන් කළේය.

(ඡායාරූප - ගයාන් අමරසේකර)

 



අදහස් (2)

‘‘ආරක්ෂාව ගැන හිතන්නැති ඇමතිවරු සිටින තුරා සුරක්ෂිත රටක් බිහිවෙන්නේ නෑ‘‘

Chathuri Wednesday, 16 October 2019 07:14 PM

ආරක්ෂාව ගැන හිතන්නේ කොහොමද? ඇමතිවරු, ආරක්ෂක ඇමතිලා... අලුගෝසුවන් වුණාම, මතකද? හිටපු ආරක්ෂක ඇමති, උගත් මාධ්‍යවේදින්, රතුපස්වල සිද්ධිය, සිරකරුවන් මැරීම... කවුද මේවට වග කියන්නේ? මේවට අනුබල දුන්නු කෙනා අධිකරණයට වෙට්ටු දමනවා. මේවා කරපු නිලධාරින් හිරේ තපිනවා. නැවත පොහොට්ටුව පිපෙන්න කලින් සියලුම ජනතාව තම තමන්ගේ ආරක්ෂාව බලාගන්න. ඒ අයට සාක්ෂි තියෙනවා නම් ගොඩක් පරිස්සම් වෙන්න. මේ රට ආරක්ෂාව අතින් හොඳයි. මිනීමරු ඇමතිලා තමයි රට කන්නේ..! ඉහළ නිලධාරීන්ව අළුගෝසු තනතුරට යොමු කරන්නේ මේ කට්ටිය... මේකට පොහොට්ටුව නෙමේ කියන්න. ඕන වලිප්පුව කියලා අසරණ මිනිසුන්ව තිරිසන් විදියට පාලනය කරලා, දැන් නැවත බලයට එන්න සුරංගනා කතා කියනවා...

:       0       0

Chanak los angeles Wednesday, 16 October 2019 08:16 PM

කව්රු හරි ලියලා දුන්නම ටෙලිප්‍රොම්ටරය බලාගෙන කියන ඒවාද මේ ?අයියෝ ඝෝටා ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 115 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site