(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය නොමැතිව කිසිවෙකුට ජයග්‍රහණය කළ නොහැකිබවත් ආණ්ඩු හදන යන්තරෙයි මන්තරෙයි දෙකම තිබෙන්නේ තමා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ “මාතොට තීන්දුව හරි අතට”යන මැයෙන්වු මාතර දිස්ත්‍රික් සම්මේලනයේ දී ජනාධිපතිවරයා ඒ බව කීය.
වැලිගම නගර ශාලාවේ පැවැත්වු එම රැස්වීමේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙසේද කීවේය.
“2015 ජනවාරි 08වැනිදා මම අපේක්ෂකධුරය ලබා ගත් පෙරමුණ තමයි ජයග්‍රහණය කළේ. මහින්ද රාජපක්ෂ මහත්තයගේ රැස්වීම්වල විශාල වශයෙන් සෙනග පේන්න හිටියත් ඡන්ද ප්‍රතිඵලය ඊට වෙනස් වුණා. ඒ වර්ෂයේ අගෝස්තු මස පැවති මහමැතිවරණයෙදී මා කාටවත් සහාය දුන්නේ නෑ. එහිදී ප්‍රධාන පක්ෂ දෙකම පරාජයට පත් වුණා. එක්සත් ජාතික පෙරමුණ 106 යි. එක්සත් ජනතා නිදහස් සන්ධානය 96 යි ආසන දිනා ගත්තේ. ඒ කාටවත් 113ගන්න බැරි වුණා. ඒ නිසා ඉදිරියටත් ජනාධිපතිවරණයෙදිත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ මා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහයෝගය දෙන දේශපාලන පක්ෂයයි. ඒ නිසා ආණ්ඩු හැදීමේ යන්තරේ වගේම මන්තරේ තිබෙන්නෙත් අපේ ගාවයි” යැයිද පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුව හදන යන්තරෙයි, මන්තරෙයි අතේ තියෙනවා නම්..., හොරුන්, දූෂිතයන්... කොහොමද නිදැල්ලේ ඉන්නේ? ජනතාව දුක් විඳින්නත්, සැප විඳින්නෙත්. කොහොමද? යන්තරේ කිල්ලට අසුවෙලාද? දැන් මේ රටට... දෙවියන්ගේම පිහිටයි... මේ කපටි නරින්ගෙන් මේ රට නිදහස් වුණුදාට තමයි මේ රටට කිරි ඉතිරෙන්නේ... නඩේ කරන්නේ ජනතාව අල්ලේ නටවන එකයි. අධිකරණය නටවන එකයි, එකෙක් ඉන්නවද? මේ දෙගොල්ලන්ටම ආදරේ කරන එකෙක්... විදේශ රටවල හැමදේම කොපි කරනවා. නීතියයි, සාමයයි විතරයි කොපි නොකරන්නේ....
නොවැම්බර් 16න් පස්සේ ජප කරකර ඉන්න තමයි වෙන්නේ...
හොරු අල්ලන්නම් කියලා අපේ ඡන්දෙ අරන් අන්තිමේදී හොරුන් ආරක්ෂා කළා මදිවට තමන් යට යවන්න හිටිය කියපු කෙනාට අගමැතිකමත් දුන්නා. ආයෙත් මෙයා කියන දේවල් අහන්න මේ රටේ මිනිස්සු සූදානම් නැහැ. පුලුවන්නම් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා බලන්න. නාගානන්දටත් පැරදිලා පස්වෙනි තැනට එන්නේ. එතකොට තේරෙයි යන්තරේ තරම...
එජාපයෙන් දුන් කලිසමත් ඇඳගෙන එජාපයටම පහර දෙනවා. මෙහෙම කෙනෙක් හොයාගත්තේ මොන කරුමයකටද?
2015 දිනන හැටි බලන්න තිබුනා උතුරේ හා නැගෙනහිර සුළු ඡන්ද ගොඩ නොලැබුනානම් .ලංකාවට නිදහස ලැබී ගතවුන අවුරුදු ගණන දන්නේ නැති වුනාට කයිවාරුව නම් තිබෙනවා .
කරන කියන දේ අනුව ජනාධිපතිවරණයට ඔය යන්තරෙයි මන්තරෙයි හරි යන්නෙ නැති බව වත් නොදන්න කෙනෙක් වීම ගැන පුදුමයක් නැහැ. ජනාධිපතිවරණයේදී පක්ෂවල ඉන්න මන්ත්‍රී ගණන බල නොපාන බව ඡන්දය ලැබෙන්නෙ පක්ෂයට හා පුද්ගලයාට බව හැමෝම දන්නා සාමාන්‍ය දෙයක්.
අනේ මගේ කට !!! වැලිගම් ඉඳලා ගාල්ලට වැඩි දුරක් නැති නිසා ගාල්ලේ සුමනදාස ගුරාද මේ "පේන කියන්නේ" කියලත් අපට හිතෙනවා!!! පේන කියන සිරිසේන ගුරාගේ ප්‍රතිඵල ලඟදී දැකගත හැකියි නේද?