(මුදිතා දයානන්ද)
විශ්වාසභංගය අගමැතිට අවාසිදායක කියලා දැනගත්ත අගමැති වටේ හිටපු මැති ඇමතිවරු දැන් ගිලෙන නැවකින් මීයෝ පනිනවා වගේ එළියට පනින්න සුදානමින් ඉන්නවා යැයි ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මහතා ඊයේ (25) පැවසීය.
මුසම්මිල් මහතා මෙසේ පැවසූයේ පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ කාර්යාලයේදි පැවති මාධ්‍ය සාකච්ඡාවකදි අදහස් දක්වමිනි.
මෙහිදි තවදුරටත් අදහස් දැක්වු මුසම්මිල් මහතා මෙසේද පැවසීය.
දැන් විශ්වාසභංග යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සතියක් වත් ගියේ නැහැ, අගමැති වටේ හිටපු කට්ටිය දැන් එළියට පනින්න සූදානම් වෙලා ඉන්නවා. ගිලෙන නැවෙන් මීයෝ පනිනවා වගේ අගමැති ළග ඉන්න අය එක එක්කෙනා එළියට එනවා. මේක අගමැතිට එතරම් හිතකර නැති බව ඒ අය තේරුම් අරන් තිබෙනවා.
බල සුභ නිමිති පෙරමග නැකතටත් වැඩියි. විශ්වාසභංගය නැකතට බාර දුන්නාට පස්සේ සුභ නිමිති පේන්න පටන් අරන්. ආණ්ඩුව තුළ ඉඳගෙනම මහැබංකු සිදුවිම ගැන විවේචන කරපු, අදහස් ප්‍රකාශ කරපු අයට, අදහස් පළ නොකළත් වැරදියි කියලා හිතෙන් කියා ගත්තු අයට තමන්ගේ සුජාතභාවය ඔප්පු කරන්න ඕන හතරවැනිදාට අවස්ථාව උදා වෙනවා. නීතිය හා සාමය අමාත්‍යවරයා වශයෙන් වික්‍රමසිංහ අගමැතිවරයා අසාර්ථක විම සම්බන්ධයෙන් මහනුවර සිදුවීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙනවා.
තමන් කියපු දේ හරියට කරනවාද නැද්ද කියලා තීරණය කරන, සල්ලි මලුවලට තමන්ගේ අදහස් වෙනස් කරගන්නවාද නැද්ද කියලා තිරණය කරන දවස අප්‍රේල් 4. මුලු රටේම විශ්වාසය භංග වෙලා තිබෙන වෙලාවක තමන් එතැන ඉන්නවාද නැද්ද කියලා මහජන නියෝජිතයන්ට පෙන්වන්න තිබෙන අවස්ථාව තමයි අප්‍රේල් 04 එළැඹෙන්නේ.සල්ලි මළු සමග කෙළින් හිටගන්න අයට මේ විශ්වාසභංගයට පක්ෂ වෙන්න බැහැ.
ජීනිවා මානව හිමිකම් කොමිසමේ ශ්‍රී ලංකා ක්‍රියා කලාපය ඉතාමත් ශෝචනීයයි. මානව හිමිකම් කොමිසම සැලසුම් සකස් කර තිබෙන්නේ අපේ රටට තොණ්ඩුව දැමීමටයි. 2009 මැයි 19 වැනිදා යුද්ධයෙන් ජයග්‍රහණය කරපු වෙලාවේ පරාජයට පත්වුණ ශ්‍රී ලංකාව යුධමය වශයෙන් පරාජයට පත්කර ඊළම දිනාගැනිමේ සටන දේශපාලන පෙරමුණේ මානව හිමිකම් හරහා එය සාර්ථක කරගැනීමටයි උත්සාහ කරන්නේ.
දරුස්මාන් වාර්තාව කියනවා ශ්‍රී ලංකා හමුදා ප්‍රහාරවලින් උතුරේ සිවිල් වැසියන් හතළිස්දාහක් ඝාතනයට ලක්වුණා කියලා. ඒ හරහා තමයි මානව හිමිකම් කවුන්සිලයේ ක්‍රීයාකාරිත්වය එළියට එන්නේ. මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව මෙයට පිළිතුරු දීම සඳහා උගත් පාඩම් හා ප්‍රතිසංවිධාන කොමිසමක් පත් කරලා එහි යෝජනා වලට රුසියාව චීනය ඇතුලු අනෙකුතක් රටවල සහයෝගය ලබාගැනිමේ ක්‍රියාවලියක් ආරම්භ කළා. අවාසනාවකට මංගල සමරවීර මහතා විදේශ ඇමති ලෙස සිටියදි දරුස්මාන් වාර්තාව අනුව අපේ රටට එරෙහිව මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වුණු එක් යෝජනාවකට සම අනුග්‍රහය ලබාදුන්නා. එයින් ශ්‍රී ලංකාවට එරෙහි ජාත්‍යන්තර පරීක්ෂණයකට පාර කැපුවා.
චීනය, රුසියාව වැනි රටවල් ගණනාවක් අපේ රටට එරෙහිව ගෙනා යෝජනාවලට විරුද්ධව ඡන්දය භෘවිතා කිරීමට සුදානම්ව සිටියා. ඒත් අපේ විfදු්ශ ඇමතිවරයා කටයුතු කළ ආකාරය අනුව ඒ රටවලට ඒි තීන්දුව ගන්න බැරි වුණා. අපි අපි විසින්ම බෙල්ලට තොන්ඩුව දමාගත්තා. ඒ නිසා අපි වෙන කිසිවෙක් කෙසේද උදව් කරන්නේ?
ජාත්‍යන්තර පරික්ෂණයේ කොටස් හතරක් තිබෙනවා. පළමුව කාරණෘව තමයි වගවිම, ප්‍රතිකර්මය, සත්‍යයය සෙවීම, නැවත සිද්ධිදාමයන් ඇති වීම වැලැක්විම. ආණ්ඩුවය මේ සියල්ල අද ඉටු කරමින් යනවා. මානව හිමිකම් කොමිසමේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතයා භාරගන්නවා සියල්ල ඉටු කරන බවට. දැනට කොන්දේසි රැසක් සපුරා තිබෙනවා වගේම ඉදිරියේදි තවත් බොහෝ දේ ඉටුකරන බවට.
මේ යෝජනා එන්නේ ශ්‍රී ලංකා හමුදා මානව හිමිකම් කඩ කරපු බවට පවසමින්. අපි ඔවුන් කරන යෝජනාවලට එකග විමෙන් අපත් ඒ චෝදනා පිළිගෙන තිබෙනවා. මේ වන විටත් අතුරුදන්වූවන්ගේ ප්‍රඥප්තිය අප සම්මත කරලා අවසන්. ඒ වගේම අතුරුදන් වූවන්ගේ කාර්යාලයක්ද අපි ස්ථාපිත කර අවසන්. මේ කාර්යාලය හරහා සාක්සි සපයා ගන්නේ සාක්කි පනතටත් එරෙහිව යමිනුයි. මෙමගින් බොරු සාක්ෂි සකස් කිරිමට පවා ඉඩ කඩ විවර වෙනවා. ඒ වගේම මෙහිදි වරදකරුවන් වන අයට මෙරටදි නොව වෙනත් රටකදී වුවද නඩු පැවරිය හැකියි.
ආණ්ඩුව ශ්‍රී ලංකා හමුදාවට තිබු ගෞරවය නැති කරලා බිංදුවට බස්සනවා. ආරක්ෂක හමුදාව මානසිකත්වය බිංදුවට කඩා වට්ටනවා. ඉදිරියේදි සත්‍යය සෙවීමේ පනතකුත් ගේන බව කියනවා. දැන් මේ ආණ්ඩුව හදන්නේ මේ රට සම්පූර්නයෙන්ම මානව හිමිකම් උගුලක සිරකිරිමටයි. මෙයින් ඔවුන් උත්සාහ කරන්නේ කොටි සාමාජිකයන්ට දෙමළ ජනතාවට දැනුණ පීඩාව මොකක්ද කියලා පෙන්වන්නයි මානව හිමිකම් කොමිසමට උවශ්‍ය වී තිබෙනවා දෙමළ ජන සමාජය මානව හිමිකම් අහිමිවුණ ජන සමාජයක් බව පෙන්වීමට.
ඒක ඔප්පු කරගන්න හැකි වුණොත් යුදෙව්වන්ට ඊශ්‍රෘයලය ලැබුණා වගේ තමන් වෙනුවෙන් වෙනම රාජ්‍යයක ලබාගැනීමට ජාත්‍යන්තරය හමුවේ ඉල්ලා සිටීමේ අවස්ථාව දෙමළ ජනතාවට ලැබෙනවා. ආණ්ඩුව පූර්ණ සහයෝගය ලබාදෙන්නේ එවැනි අරමුණක් ජයග්‍රහණය කරවිමටයි.
2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල
ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක
වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය
මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
අගමැති වටේ හිටිය කට්ටිය පනින්න ලෑස්තියි
Chandra Monday, 26 March 2018 08:01 AM
ඔබටත් ඕනෑ තරම් පාස්පෝට් ඇති නේද? කොච්චර නැව් ගිලුණත් තව නැවකට පැනගන්න.
V.warnakulasuriya Monday, 26 March 2018 09:46 PM
අවු. 70 ක් තිස්සේ නැව් වලින් එහාට මෙහාට පනින මීයන් ගැන අපි දනිමු. ඒ අනුව දේශපාලනයේ ඉන්න බහුතරය මීයන්ය. රට කාලා තියෙන්නෙත් මේ මීයන්ය. මේ මී වසංගතය තුරන් කර ගැනීමට ජනතාවද කැමති නැත. කකුල් හතරක් ඇති මීයන් නැවෙන් පනින්නේ ජීවිත බේරා ගැනීමටය. මේ කියන සත්ව වර්ගය පනින්නේ කෑම ඇති තැන්වලටය.