IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


‘අගමැතිට එරෙහි විශ්වාසභංගය දේවාශිර්වාදයක් ‘

 

(විනීතා එම් ගමගේ)

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව එකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව දේවාශිර්වාදයක් යැයි බුද්ධශාසන අමාත්‍ය ගාමිණි ජයවික‍්‍රම පෙරේරා මහතා ප‍්‍රකාශ කළේය. 

ඔහු මේ බව කියා සිටියේ කටුගම්පල -පන්නල ප‍්‍රාදේශීය සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් පත් වු මන්ත‍්‍රීවරුන් දිවුරුම් දීම සඳහා කුරුණෑගල බෝපිටිය ශ‍්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරස්ථානයේදී පැවති රැස්වීමකදී ය.

පොදු ආණ්ඩුවක් පිහිටුවාගෙන තිබුණ ද කකුල් දෙක දෙපැත්තක තබා ගෙන කටයුතු කරන සමහරුන් නිසා කැබිනට් මණ්ඩලය තුළ පවා නිවැරදී තිරණ ගැනීමේ නොහැකියාවක් තිබූ බවත්  අමාත්‍යවරයා සඳහන් කළේය.

ස්ථිර සංවර්ධන වැඩපිළිවෙළ කරගෙන  යාමේදී කඹ ඇදිමක් පැවති බවත් එය රටේ සංවර්ධනයට එල්ලවු බ්රේක් පහරක් බවත් සඳහන් කළ අමාත්‍යවරයා පෙරේරා මහතා නරි හම් පොරොවාගෙන සිටින අයට එළියට පැමිණීමට මෙම විශ්වාසභංගයේදී අවස්ථාව උදාවී ඇති බවද කියා සිටියේය. 

අගමැතිවරයාට විරුද්ධව ඡන්දය ලබා දෙන අය වහාම ආණ්ඩුවේ තනතුරු වලින් ඉවත් විය යුතු බව ඔහු සඳහන් කළේය. 

හෙළ උරුමය, මුස්ලිම් කොංග‍්‍රසය, රිෂාඞ් බදුර්දින් අමාත්‍යවරයාගේ පක්ෂය ආදි පක්ෂ එක් කර දැඩි ප‍්‍රතිපත්තික සිට රටේ සංවර්ධනය වැඩපිළිවළ කිරීමට ඉදිරි මාස 18 හොදටම ප‍්‍රමාණවත් බවද පැවසු අමාත්‍යවරයා මින් ඉදිරියට මේ රට තුළ අන්තවාදයට ඉඩක් නොමැති බවද අවධාරණය කළේය.
 



අදහස් (5)

‘අගමැතිට එරෙහි විශ්වාසභංගය දේවාශිර්වාදයක් ‘

surath Friday, 23 March 2018 12:57 PM

රට කාබාසිනියා කරන ගමන් දේවාශිර්වාද ගැන කතා කිරීම විහිළුවක් ඇමතිතුමෝ ...

:       2102       4379

Raveendra Friday, 23 March 2018 04:40 PM

මේ අපේ මහජන නියෝජිතයන් ලෙස පත්වුණ මිනිසුන් කියන කතාද ?

:       814       1634

PerakumSaturday, 24 March 2018 08:25 AM

එහෙම කියන්න එපා රවීන්ද්‍ර, මේ අපි පත් කර යවපු නියෝජිතයින් අපි වෙනුවෙන් කරන කියන දේ. වැරැද්දක් ඇත්නම් ඒක අපේ අතේ...

:       0       65

Rusith Saturday, 24 March 2018 07:06 AM

ඒක වෙන්න ඇති අර අත්සන් එකතු කරන්නේ.... නේද?

:       6       176

Namal Saturday, 24 March 2018 07:18 AM

අගමැතියි ඉවත් වෙන්න ඕනේ? මොනවද මේ කියන්නේ.. බුද්ධ සාසනේ අනතුරේ වැටෙන්නේ මේකනේ ..

:       81       60

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 592 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site