IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


අගමැතිගේ විශ්වාසභංගයට ශ්‍රීලනිපය ඉක්මන් තීන්දුවක් ගත යුතුයි

(නාලක සංජීව දහනායක)
ජනතාව ගැන කිසිදු අනුකම්පාවක් නැති රජය තවදුරටත් ජනතාව පීඩාවට පත්කිරීමේ අරමුණින් බඩු මිල ඉහළ දැමීමට සූදානම්ව සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඊයේ (26) පැවැසීය. 

ජනතාව පීඩාවට පත්කරන රජය  ගෙදර යැවීම සඳහා අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉතාම ඉක්මනින් තීන්දුවක් ගත යුතු යැයි ද මහාචාර්යවරයා කීය.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී ඊයේ (26) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහාචාර්යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මෙසේ ද පැවැසීය.

“අග්‍රාමාත්‍යවරයා සම්බන්ධයෙන් ජනතාවගේ විශ්වාසය දැනටමත් කඩා වැටිලා ඉවරයි. ඒ බව පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පෙන්නුම් කර තිබෙනවා. අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීම හරහා අපි කරන්නේ ජනතාවගේ මතය පර්ලිමේන්තුව තුළ ඉදිරිපත් කිරීම පමණයි.

අගමැතිවරයා සමඟ ආණ්ඩුවේ සිටිය නොහැකි බව මුලින්ම ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජෝන් සෙනෙවිරත්න, සුසිල් ප්‍රේමජයන්ත, ඩිලාන් පෙරේරා වැනි අමාත්‍යවරුන් කණ්ඩායමයි. ඒ නිසා මුලින්ම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළ යුතුව තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසිනුයි. ඔවුන්ගේ ඒ ප්‍රකාශ ක්‍රියාවට නංවන්න සුදුසු වේලාව දැන් එළැඹී තිබෙනවා. විශ්වාසභංග යෝජනාවට සහාය නොදී අගමැතිවරයාට විරුද්ධව කතා කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අමාත්‍යවරුන්ට කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ දේශපාලනය සම්ප්‍රදායානුකූලවම එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රතිපත්තිවලට විරුද්ධයි. දැන් ඒ දේශපාලන භූමිකාව ඉටුකරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. ඒ බව පළාත් පාලන මැතිවණ ප්‍රතිඵලයෙන් තහවුරු වුණා. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඡන්ද පදනම දෙදරා ගිහිල්ලා. මැතිවරණ ප්‍රතිඵලය අනුව ආයතන 152ක බලය පිහිටුවීම සම්බන්ධයෙන් අපිට කිසිම ගැටලුවක් නැහැ.

නමුත් මන්ත්‍රී ධුර සංඛ්‍යාවෙන් සියයට 50ක් සම්පූර්ණ කරගන්න බැරිවුණු ආයතන 71ක බලය පිහිටුවීම සම්බන්ධයෙන් අපි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඇතුළු දේශපාලන පක්‍ෂ සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. එකසත් ජාතික පක්‍ෂයට බලය හිමිව තිබූ ගාල්ල හා මීගමුව මහනගර සභාවල නගරාධිපති ධුරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවුණා. අපි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නාගරික මන්ත්‍රීවරුන් මුදලට අපේ පැත්තට නම්මවා ගත්තේ නැහැ. ඒ මන්ත්‍රීවරුන් ජනතාවගේ මතය පිළිබඳව හැඟීමකින් කටයුතු කර තිබෙනවා.

ආණ්ඩුවට ජනතාව ගැන කිසිම අනුකම්පාවක් නැහැ. ජනතාව සම්බන්ධයෙන් අනුකම්පාවක් තිබෙන රජයක් නම් මේ විදියට බඩු මිල වැඩි කරන්නේ නැහැ. මේ වනවිට ආණ්ඩුව අවසන් හුස්ම පොද හෙළන්නට සූදානමින් සිටිනවා. ඒ නිසා අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉතාම ඉක්මනින් තීන්දුවක් ගත යුතුයි. 

එක්සත් ජාතික පක්‍ෂය රජය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ සහයෝගයෙන් කටයුතු කරන්නේ නැහැ. සක්‍රීය බැරකම් කළමනාකරණ පනත් කෙටුම්පත බදාදා දිනයේදී පාර්ලිමේන්තුවේ සම්මත නොකරන බව ජනාධිපතිවරයා දැනුම් දුන්නා. නමුත් එක්සත් ජාතික පක්‍ෂය හදිස්සියේම ඒ පනත සම්මත කර ගත්තා. 

විශ්වාසභංග යෝජනාවේදී අගමැතිවරයාට එරෙහිව කරුණු 14ක් ඇතුළත් කර තිබෙනවා. ඉන් කරුණු 11ක්ම තිබෙන්නේ මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙනුයි. ඉතිරි කරුණු හතර ඇතුළත්ව තිබෙන්නේ තෙල්දෙණිය ප්‍රදේශයේ ඇතිවූ     ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධවයි. මේ වනවිට අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහිව උසාවිය මඟින් වරෙන්තු නිකුත් කර තිබෙනවා. එවැනි තත්ත්වයක් මත ඔහුගේ අත්සන මෙරට මුදල් නෝට්ටුව මත තිබීමෙන් ආයෝජකයන්ගේ විශ්වාසය බිඳවැටෙනවා.     

ත්‍රිවිධ හමුදාව සම්බන්ධ විමර්ශන කටයුතු සඳහා විදේශීය විනිසුරුවරුන්ගෙන් සමන්විත දෙමුහුන් අධිකරණ පිහිටුවන බව රජය ජිනීවා මානව හිමකම් කවුන්සිලයේදී පොරොන්දු වුණා. එහෙත් රජය ඒ පොරොන්දු ඉටු නොකරන බැවින් තමන් මෙම ක්‍රියාව අරඹන බව නියෝජ්‍ය මානව හිමිකම් කොමසාරිස්වරයා ප්‍රකාශ කර තිබෙනවා.

නමුත් අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව එවැන්නක් සිදු කළ නොහැකි බව විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා මානව හිමිකම් කවුන්සිලයට දැනුම්දී තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කටයුතු නොකරන රජයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ආරක්‍ෂා කරන්නේ කෙසේදැයි නියෝජ්‍ය මානව හිමිකම් කොමසාරිස්වරයා විදේශ අමාත්‍යවරයාට පවසා තිබෙනවා” යැයි ද ඔහු කීය.

 



අදහස් (2)

අගමැතිගේ විශ්වාසභංගයට ශ්‍රීලනිපය ඉක්මන් තීන්දුවක් ගත යුතුයි

Chandra Tuesday, 27 March 2018 11:09 AM

අනේ ඔව් මේ ගොල්ලන්ට ඉක්මනට නඩු ටිකෙන් බේරෙන්න , ඉක්මන් කරන්න.

:       0       118

Chanak Los angeles Wednesday, 28 March 2018 01:12 AM

ඔය විශ්වාසභංගයෙන් රනිල් ජයග්‍රහණය කරනවා වගේම මේ විශ්වාසභංගය නිර්මාණය කරපු ආප්පයටම කඩා පාත්වෙනවා සිකුරුයි ...

:       0       143

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30589 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12588 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10909 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 798 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 244 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 889 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site