IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


රජයේ වැඩපිළිවෙළ ගැන සෑහීමකට පත්වෙන්න බෑ

(***අංජුල මහික වීරරත්න)

මාරාන්තික කොරෝනා වයිරසයෙන් ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ නිලධාරීන් කැඳවීම සම්බන්ධයෙන් ගැටලුවක් නැති වුවද ඒ නිලධාරීන්ගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් රජය අනුගමනය කර ඇති වැඩ පිළිවෙළ ගැන කිසිසේත් සෑහිමකට පත්විය නොහැකි බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහ ලේකම් හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

කොරෝනා වයිසරයට අදාළව පනවා ඇති ඇඳිරි නීතිය ඇතුළු නිරෝධායන නීති අමු අමුවේ උල්ලංඝනය කරමින් දේශපාලන බලය අතට ගත් හා ආණ්ඩුවට සම්බන්ධ ඇතැමුන් කටයුතු කරන්නේ නීතියේ ආධිපත්‍යය හා සාධාරණත්වය පිළිබඳ බරපතළ අවිශ්වාසයක් නිර්මාණය කරමින් බවත් මේ තත්ත්වය නිසා වඩාත්ම පීඩාවට පත් වන්නේ ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ රණවිරුවන් බවත් රුවන් විජයවර්ධන මහතා සඳහන් කර සිටී.

විශේෂ ප්‍රකාශයක් කරමින් වැඩිදුරටත් අදහස් දක්වන රුවන් විජයවර්ධන මහතා මෙසේද පවසා සිටී.

කොරෝනා වයිරසය ව්‍යාප්තියත් සමග ත්‍රිවිධ හමුදාව සහ පොලිසියේ නිලධාරීන්ගේ ජීවිත බරපතළ අවදානමකට ලක්ව තිබේ. මෙහි ඇති අවාසනාවන්ත තත්ත්වය වන්නේ ඔවුන්ගේ පවුල්වල ජීවත්වන දුවා දරුවන් ඇතූළු සාමාජිකයන්ගේ ජීවිත ද අවදානමට ලක්වීමයි.

රජය විසින් කරන කොරෝනා මර්දන වැඩසටහන්වලදී  ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ නිලධාරීන් ඒ සඳහා යොදා ගැනීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය ආරක්ෂණ පිළිවෙත් සම්බන්ධයෙන් මේ වනවිට බරපතළ ගැටලුවක් මතුව තිබේ. දිනෙන් දින ඉහළ යන කොරෝනා ආසාදිතයන්ගෙන් වැඩි පිරිසක් ත්‍රිවිධ හමුදා සාමාජිකයන් වීම බරපතළ  ප්‍රශ්නයකි. ගෝලීය වංසගත තත්ත්වයක් ලෙසින් ව්‍යාප්ත වන මාරාන්තික කොරෝනා වයිරසය සඳහා මුහුණ දෙමින් රටේ ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ නිලධාරීන් කැඳවීම සම්බන්ධයෙන් ගැටලුවක් නොමැති වුවද එම නිලධාරීන්ගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් රජය අනුගමනය කර ඇති වැඩපිළිවෙළ සම්බන්ධයෙන් කිසිසේත් සෑහීමකට පත්විය නොහැකි බව අවධාරණය කිරීමට කැමැත්තෙමු.

නාවික හමුදා සාමාජිකයන් 4000කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට වැලිසර නාවික හමුදා කඳවුර කේන්ද්‍ර කර ගනිමන් නිරෝධායන ක්‍රියාවලියකට ලක්කර ඇති බවට තොරතුරු වාර්තා වේ. එමෙන්ම රජයේ පාසල් රැසකද නිරෝධායන මධ්‍යස්ථාන ආරම්භ කර ඇත. ඉන් බොහෝමයක් වෙන්කර ඇත්තේ හමුද‌ා නිලධාරීන් වෙනුවෙනි. මේ වනවිට ඇතැම් පුද්ගලයන්ගේ වගකීම් විරහිත ක්‍රියාකාරකම් හේතුවෙන් ගුරුවරුන්ගේ ජීවිත පවා අවදානමකට ලක්වී ඇත.

කෙසේ වෙතත් අඩු පහසුකම්වලින් යුක්ත මෙම මධ්‍යස්ථානවලදී කොරෝනා ආසාදිත වූ සහ නොවු භේදයකින් තොරව සියලු දෙනා නිරෝධායන නීති බැහැර කරමින් ඒකරාශී කර තැබීම ඔවුන්ගේ ජීවිත සම්බන්ධයෙන් බරපතළ අනාරක්ෂිත තත්ත්වයක් නිර්මාණය කිරීමකි.

අද ඔවුන් වෙනුවෙන් හඬ නගන්නට කිසිවෙක් නැත.  දේශපාලන සංදර්ශන බවට පත් වූ රණවිරුවන් වෙනුවෙන් කෑගැසූ විරෝධතා උද්ඝෝෂණ, මාධ්‍ය සාකච්ඡා අද නොපැවත්වේ. නමුත් සත්‍ය වශයෙන්ම අද ඔවුන්ට තමන්ගේ පමණක් නොව තමන්ගේ දරු පවුල්වලද ජීවිත අවදානමේ හෙළමින් කටයුතු කරන්නට සිදුවී ඇත්තේ රජයේ අදූරදර්ශී ඇතැම් වැඩපිළිවෙළ හේතුවෙනි.

රණවිරුවන්ගේ දීමනා රැසක් කප්පාදු කර ඇත. ඔවුන්ගේ වැටුප් පවා කප්පාදු කරන තත්ත්වයට ආණ්ඩුව කටයුතු කරමින් සිටී.
නිරෝධායනයට ලක්ව සිටින වැලිසර නාවික හමුදා කඳවුරේ නාවික හමුදා නිලධාරීන් පර්යේෂණාගාර මීයන්ගේ තත්ත්වයට පත්කර ඇති බවට රජයට චෝදනා එල්ල වේ. දුම් ඇල්ලීම සඳහා මුට්ටි ලබාදීම කැඳ පෙවීම වැනි අවිධිමත් සහ අනාරක්ෂිත ක්‍රම එම කඳවුර තුළ අත්හදා බලන බවට රණවිරුවන්ගෙන් ම චෝදනා එල්ල වේ. මේ පිළිබඳ හඬ නගන්නට කිසිවකු නොමැත. රජය මුනිවත රකමින් සිටී.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරන්නේ සමාජය තුළ කොරෝනා ආසාදිතයන් වාර්තා නොවන බවයි. අපට ඇයගෙන් විමසීමට ඇත්තේ රණවිරුවන් සහ විදේශගතව සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් මෙරට ජන සමාජයට අයත් නොවන පිරිසක්ද යන්නයි.

ත්‍රිවිධ හමුදාවේත් පොලිසියේත් රණවිරුවන් මුහුණ දෙන අනෙක් අභාග්‍ය සම්පන්න කරුණ වන්නේ දේශපාලන බලය අනීතික ලෙස හසුරුවමින් හැසිරෙන ආණ්ඩුවට සම්බන්ධ දේශපාලනඥයන්ගේ සහ ඔවුන්ගේ ඥාතීන්ගේ ද ඕනෑ එපාකම් අනුව තම වෘත්තියේ ගෞරවය සහ අභිමානය හෑල්ලුවට ලක් කිරීමට ඉඩදී බලා සිටීමට සිදුවීමයි.

කොරෝනා වයිරසයට අදාළව පනවා ඇති ඇඳිරි නීතිය ඇතුළු නෛතික තත්ත්වයන් සියල්ල සහ නිරෝධායන නීති රීති පවා අමු අමුවේ උල්ලංඝණය කරමින් දේශපාලන බලය අතට ගත් ආණ්ඩුවට සම්බන්ධ පිරිස් කටයුතු කිරීම රටේ නීතියේ ආදිපත්‍යය පිළිබඳ සහ සාධාරණත්වය පිළිබඳ බරපතළ අවිශ්වාසයක් නිර්මාණය කිරීමට සමත්ව තිබේ.

නීතියක් තිබෙනවා නම් එය සියල්ලන්ටම සමාන විය යුතුය යන පිළිගැනීම අද වනවිට විහිළුවක් බවට පත් කර තිබේ. මෙම අභාග්‍ය සම්පන්න තත්ත්වයේදී දැඩි පීඩාවට ලක්වන්නේ ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ සහ සිවිල් ආරක්ෂක බළකායේ රණවිරුවන් බව අමුතුවෙන් සිහිපත් කළ යුතු නැත.

මෙම තත්ත්වය තුළ රටේ නීතිය, රණවිරුවන්ගේ වෘත්තීය ගෞරවය රණවිරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීම සඳහා වහා පියවර ගන්නා ලෙස අප රජයට දැනුම් දෙන අතර මේ සම්බන්ධයෙන් විපක්ෂය ලෙස අපි දැඩි අවධානයකින් පසුවන බවද සිහිපත් කරමු.



අදහස් (4)

රජයේ වැඩපිළිවෙළ ගැන සෑහීමකට පත්වෙන්න බෑ

Kavinda Tuesday, 02 June 2020 07:04 PM

සහරාන්ගේ ප්‍රහාරය වෙනකොට ඔබතුමා කොහෙද හිටියේ?

:       9       2

vipula Friday, 05 June 2020 06:05 AM

එකල රජය ආරක්ෂක ලේකම් සහරාන් බෝම්බ ගැන හොයන්නේ නැතුව දැන් බයිලා කියවනවා. අපේ හුඟක් දේශපාලකයින්ට හොඳට කතාකරන්න පුළුවන් වුණාට රටේ සුභසිද්ධියට වැඩ කරන්න දන්නේ නැහැ. නමුත් ගෝඨාභය ජනපති කතා නොකළාට වැඩ කරන්න දන්නවා. ඒකයි වෙනස...

:       18       1

THILAK Friday, 05 June 2020 02:35 PM

මේ ලබා තිබෙන ප්‍රතිපල වලින් සාමාන්‍ය ජනතාව සැහීමකට පත්වෙලා ඉන්නවා.. හැබෑ දේශපාලුවන්ට තේරෙන්නේ නැහැ..

:       0       0

Bamunuarachchi Saturday, 06 June 2020 12:06 PM

ඔබේ සැහීම අපිට සතේකට වැඩක් නැහැ. රටේ ලක්ෂ 69 දැනට සෑහීමකට පත්වෙනවා. ලබන චන්දෙන් අපි එක ලක්ෂ 75 කින් ඔප්පු කරන්නම්.

:       0       0

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 207 5

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1190 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 978 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2322 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2169 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3694 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site