IMG-LOGO

2024 මැයි මස 08 වන බදාදා


මම කතානායක වුණාට පසු කවදාවත් සිරිකොතට ගියේ නෑ

මේ දිනවල වඩාත්ම කතාබහට ලක්වන චරිතයක් වන කතානායක කරු ජයසූරිය මෙවර “මුහුණට-මුහුණ” සංවාදයට එක්වේ.

 


● ඔබ කතානායකවරයා විදියට පත්වෙද්දි ඒ ධුරයට වටිනාකමක් එකතු කරයි කියලා රටේ මිනිස්සු අතරෙ පොඩි විශ්වාසයක් ඇතිවුණා. හැබැයි දැන් ඒක පළුදුවෙලා වගේ....
මම මෙච්චර කාලයක් කතානායකවරයා විදියට කටයුතු කළේ හෘද සාක්ෂියට අනුව. විපක්ෂය සහ ආණ්ඩු පක්ෂය කියන දෙපැත්තෙම සමහරු මට චෝදනා කරනවා. විපක්ෂෙ අය කියනවා මම ආණ්ඩු පක්ෂයට උදව් කරනවා කියලා. ආණ්ඩු පක්ෂෙ සමහරු කියනව මම විපක්ෂයට උදව් කරනවා කියලා. මගෙ හෘද සාක්ෂියට එකඟව මිසක් කාටවත් පක්ෂග්‍රාහීව මම කටයුතු කරන්නේ නෑ. මම පාර්ලිමේන්තු සම්ප්‍රදායට ගරු කරමින් හැමදෙනාටම සාධාරණ ආකාරයට කටයුතු කරන්නයි උත්සාහ කරන්නේ. ඕනෑ කෙනෙකුට ඒක ඕනැ ඕනෑ විදියට අර්ථකථනය කරගන්න පුළුවන්. නමුත් මම වගකීමෙන් කියනවා මම මෙතෙක් ගත්තු සියළු තීන්දු ස්ථාවර නියෝග අනුව පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගරු කරමින් ගත්තු ඒවා කියලා.

 


● ඔබ කතානායක වුණත් යූඑන්පී කාරයෙක් කියන කෑල්ලෙන් ගැලවෙන්න බැරිවෙලා වගේ.... 
මම මේ පදවිය බාර ගන්නකොටම කියපු දෙයක් තමයි නියමාකාරයෙන් ප්‍රජාතන්ත්‍රවාදීව ක්‍රියා කරන්න ඕනැ නම් බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවෙ සම්ප්‍රදාය අනුගමනය කළ යුතුයි කියලා. ඒ කියන්නේ මොන පක්ෂෙන් කතා නායකයා පත්වුණත් ඒ පුද්ගලයා එතැන් සිට පක්ෂ දේශපාලනයෙන් ඈත් වෙනවා. මමත් අනුගමනය කරන්නේ බි්‍රතාන්‍ය සම්ප්‍රදාය. මම මේ තනතුරට පත් වුණාට පස්සෙ කිසිම පක්ෂ දේශපාලන වැඩකට හවුල් වුණේ නෑ. මම එක්සත් ජාතික පක්ෂයෙන් පත්වුණු එක ඇත්ත. හැබැයි එහෙම වුණා කියලා මට කිසිම පක්ෂයකට ගැති වෙන්න බෑ මේ පුටුවෙ ඉන්නකම්. මම ඒක අවබෝධ කරගෙන ඉන්නේ.

 


● රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගෙන් ඔබට බලපෑම් එනවද?
කිසිම අවස්ථාවක එතුමා මට එහෙම බලපෑමක් කරලා නෑ. ජාතික වැදගත්කමින් යුතු වැඩ ගැන අපි කතා බහ කරනවා. එහෙම නැතුව ඔහු මට කිසිම දෙයක් ගැන බලපෑමක් හෝ අනවශ්‍ය ඉල්ලීමක් කරලා නෑ මේ වනතුරු.

 


● එතකොට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එහෙම
එතුමාගෙනුත් මට කිසිම බලපෑමක් නෑ. ජාතික වශයෙන් වැදගත් වැඩවලදී අපි මුණ ගැහෙනවා. එහෙම නැතුව කතානායකවරයා විදියට මම වැඩ කරන්න ඕනැ කොහොමද කියලා කවදාවත් එතුමා මට උපදෙස් දීලා නෑ.

 


● පාර්ලිමේන්තු සභාවෙ මන්ත්‍රීවරුන් අතරේ නොසන්සුන්තාවයක් ඇතිවුණාම සුළු වෙලාවකට පාර්ලිමේන්තුව කල් තියනවනේ. ඒ වෙලාවට ඔබ ඔබේ කාමරේට ගියාම ඔබේ පස්සෙන් යූඑන්පී මන්ත්‍රීවරුත් ඔබේ කාමරේට රිංගනවලු. මේ කතාව ඇත්තද? බොරුද?
ඔය කතාව සම්පූර්ණ අසත්‍ය කතාවක්. මේ වගේ වෙලාවට මම කරන්නේ පක්ෂ නායකවරුන්ගේ සාකච්ඡා පවත්වන එක. ඒකට හැම පක්ෂයකටම අයත් නායකයින් සම්බන්ධ වෙනවා. එහෙම නැතුව මම යූඑන්පී එකේ අය විතරක් මගේ කාමරේට ගන්නේ නෑ. පාර්ලිමේන්තු නිලධාරින් එක්ක නම් මේ වගේ වෙලාවට මම සාකච්ඡා කරලා අවශ්‍ය තීරණය ගන්නවා. එහෙම නැතුව මම යූඑන්පී එකේ අයට ඕනෑ තීරණ ගන්නෙ නෑ.

 


● පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ඔබව කතානායක පුටුවෙන් බස්සන්න කැම්පේන් එකක් අරන් යනවා නේද? 
මේ පුටුවට මම බලෙන් ආපු කෙනෙක් නෙවෙයි. මම මේ පුටුවට පත් කළේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු 106කුත්, එක්සත් ජාතික පක්ෂයේ නොවන මන්ත්‍රීවරු 118කුත් විසින්. ඒ අයගෙ විශ්වාසය තියෙනතාක් මම මේ පුටුවෙ ඉන්නවා. මම මේ පුටුවට සුදුසු නෑ කියලා පාර්ලිමේන්තුවෙ බහුතරය තීන්දු කරපු දාට මම මේ පුටුවෙන් බැහැල යනවා. මම කතානායක නිළ නිවසේ හිටියත් සූට් කේස් දෙකක් සූදානම් කරගෙන ඉන්නේ. එතන තියෙන්නෙ මගේ ඇඳුම්. අනිත් එකේ බිරිඳගෙ ඇඳුම්. මේ සූට් කේස් දෙක අරගෙන පාරට බහින්න ඕනැ වෙලාවක සූදානම්.

 


● කරු ජයසූරිය කියන්නෙත්, දිනේෂ් ගුණවර්ධන කියන්නෙත් ඉහ නිකට පැහිච්ච දේශපාලනඥයොනේ. පාර්ලිමේන්තුවෙ ඔබල හැප්පෙන හැටි දැක්කම රටේ මිනිස්සුන්ට “අනේ අපොයි” කියවුණා. ඇයි මෙහෙම වෙන්නේ?
අපේ රටේ පාර්ලිමේන්තුවට අවුරුදු හැත්තෑවක් විතර වෙනවා. මේ කාලය තුළ පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරිත්වය දිහා බැලුවම ජයග්‍රහණය වගේම පසුබෑම් දකින්න පුළුවන්. මම පාර්ලිමේන්තුවෙ කතානායක වුණේ බහුතර කැමැත්තට. මම මේ තනතුරට පත්වුණාට පස්සෙ කිසිම වෙලාවක පාර්ලිමේන්තුවෙ ගෞරවයට හානිවෙන ආකාරයට ක්‍රියා කරලා නැ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පිරිසක් විපක්ෂයේ කණ්ඩායමක් ලෙස වෙනම කටයුතු කරන්න පටන් ගත්තට පස්සේ විවිධ අර්බුද පටන් ගත්තා. ඒ අය චෝදනා කරනවා ඒ අයගෙ අයිතීන් නිසි පරිදි ලැබෙන්නේ නෑ කියලා. පාර්ලිමේන්තුවෙ කතා කිරීමේ කාලය වෙන් කිරීමේ ක්‍රමවේදයක් තියෙනවා. ඒ අනුව තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඔය දිනේෂ් ගුණවර්ධන ප්‍රමුඛ කණ්ඩායම මේවා නොදන්නවා වගේ කතා කිරීම පුදුමයි. මුලදි මේ වගේ ප්‍රශ්න ආවත් ඒවා කතාබහ කරලා විසඳගත්තා. මේ අලුත්ම අර්බුදය මතු වුණේ විමල් වීරවංශ ඇතුළු පිරිස ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කරන්න ඉල්ලීමත් එක්ක. මටත් වඩා කාලයක් පාර්ලිමේන්තුවෙ අත්දැකීම් තියෙන දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා මීට වඩා පරිණත ආකාරයට කටයුතු කළානම් හොඳයි. මේ ප්‍රශ්නයේදිත් මම කටයුතු කළේ පිළිගත් පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුගමනය කරමින් මිසක් නොහික්මුණු පුද්ගලයෙක් විදියට නෙවෙයි.

 


● එදා ඔබ විපක්ෂයේ ඉද්දි පනතක් ගේන්න හදද්දි දිනේෂ් ගුණවර්ධන ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස ඊට බාධා කරපු සිදුවීම ඔබ පහුගියදා පාර්ලිමේන්තුවෙදි මතක් කළා. 
දිනේෂ් අහන්නේ එකට එක කිරීමක්ද මේ කරන්නේ කියලා.
එහෙම එකට එක කිරීමක් නෑ. මගේ ළඟ ඒ වගේ වැඩ නෑ. මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා වූ පාර්ලිමේන්තු ස්ථාවර කාරක සභාවේ සභාපතිත්වය දිනේෂ් ගුණවර්ධනට දිය යුතුයි කියලා මමයි යෝජනා කළේ. එහෙම කරපු මට දිනේෂ්ට එකට එක කරන්න ඕනැකමක් නෑ. ඒත් මම මතක් කරලා දුන්නේ එදා තොරතුරු පනත ගේන්න හදද්දි ඔවුන්ගේ බාධා මැද මම නිහඬ වෙලා වාඩි වුණත් අද දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවෙ කටයුතු අවුලකට ගෙනියනවා කියලා. එතුමගේ බාධා කිරීම් ඉවසලා මම එදා වාඩි වුණත් මෙදා එතුමා මට පාර්ලිමේන්තුව පවත්වගෙන යන්න බැරි තරමට බාධා කළා. මම ඒකයි මතක් කළේ. එහෙම නැතුව පරණ සිදුවීම් ඇදගෙන එකට එක කරන්න තරම් පරිණත නැති පුද්ගලයෙක් නෙවෙයි මම.

 

● දිනේෂ් ගුණවර්ධනගෙ පාර්ලිමේන්තු තහනම් කාලය තුළ ඒ තැන ඩලස් අලහප්පෙරුමට ලැබීමත් ඔබ අවහිර කළා. ඒ ඇයි? 
ඒකට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කණ්ඩායම් නායක නිමල් සිරිපාල ද සිල්වගේ අනුමැතිය ලැබුණේ නෑ. මම නිමල් සිරිපාල ද සිල්වාගෙන් මේ ගැන විමසුවම ඔහු කිව්වේ ඒ සඳහා කිසිම අනුමැතියක් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නෑ කියලා. 

 


● පාර්ලිමේන්තුව ඇතුළෙදි ඔබට කණ්ඩායමක් “පඹයා” කියද්දි තව කණ්ඩායමක් “ඒකාධිපතියා” කියනවා. මොකක්ද මේ තත්ත්වය?
කවුරු කොහොම කිව්වත් මම කිසිම පාර්ශ්වයකට අගතියක් හෝ අසාධාරණයක් නොවෙන්න තමයි කටයුතු කරන්නේ. විපක්ෂයේ සමහරු මම ආණ්ඩුවේ න්‍යාය පත්‍රයට වැඩ කරනවා කියද්දි ආණ්ඩු පක්ෂයේ සමහරු මම විපක්ෂයට වැඩි ඉඩක් දෙනවා කියලා පාර්ලිමේන්තුවෙන් නැගිටලා යනවා. ඕවා ඔහොම තමයි. හැබැයි හිතට එකඟව වැඩ කරනවා මිස මම කාගෙවත් න්‍යාය පත්‍රවලට යටවෙන්නේ නෑ කියල නම් කියන්න ඕනෑ.

 


ඔබ අපක්ෂපාතියි කියලා ඔප්පු කරන්නද කතානායක වුනාට පස්සෙ සිරිකොත පැත්තෙවත් ගියේ නෑ කියන්නේ?
මම අපක්ෂපාතියි කියලා අමුතුවෙන් ඔප්පු කරන්නවනත් කිය කිය යන්නවත් ඕනැ නෑ. මේ තාක් වැඩ කරපු ආකාරයෙන් මම ඒක ඔප්පු කරලා තියෙනවා. සිරිකොත කියන්නේ අපේ පක්ෂ මූලස්ථානය. ඒක අපේ පක්ෂයේ හදවත. ඒ තැන පිළිබඳව මගේ හිතේ තියෙන ගෞරවයේ කිසිම අඩුවක් නෑ. මම කතානායකවරයා වුණාට පස්සේ පක්ෂ මූලස්ථානයට ගියොත් මගේ ස්වාධීන බව ප්‍රශ්න වෙන නිසා තමයි එතෙන්ට නොගියේ. ඒත් මම කතානායකවරයා දක්වා රැගෙන ආ මගේ දේශපාලන ගමනේ සුවිශේෂී තැනක් විදියට සිරිකොතට මගේ ආදරය සහ ගෞරවය එදා වගේම අදත් තියෙනවා.

 


● කතානායකවරයා විදියට මීට පෙර ඉඳපු අයට වඩා ඔබට කොන්ද පණ නෑ කියලා මන්ත්‍රීවරු ඔබේ මූණටම කියද්දි මොකද හිතෙන්නේ?
කතානායකවරයාට කොන්ද විතරක් තිබිලා මදි. හෘද සාක්ෂියක් වගේම ඕනෑම දෙයක් ඉවසීමේ ශක්තියක් තියෙන්න ඕනැ. දේශපාලනයේ අපරිණත අය මොනවා කිව්වත් දේශපාලනයේ පරිණත මට ඒවාත් ඉවසන්න පුළුවන්? මම හොඳට බුදු දහම ප්‍රගුණ කරන කෙනෙක්.

 


● ඔබ වෙනුවට ඔය පුටුවට සරත් ෆොන්සේකා වාඩිකරවීමේ යෝජනාවක් ගැනත් අහන්න ලැබෙනවා. මේ ගැන ඔබට අදහසක් තියෙනවද?
වසර ගණනාවක් පැවැති යුද්ධය උපක්‍රමශීලීව තමන්ගේ හමුදාව මෙහෙයවලා සටන් කරලා ජයග්‍රහණය කරපු පුද්ගලයෙක් විදියට සරත් ෆොන්සේකා මැතිතුමාට ඕනෑම තනතුරක් දැරීමේ හැකියාවක් තියෙනවා කියලයි මම හිතන්නේ.

 


● ඔබ කිව්වා අපේ පාර්ලිමේන්තුවට අවුරුදු හැත්තෑවකට ආසන්නයි කියලා. ඒත් ඊයෙ පෙරෙයිදා බෙල්ලන්විල විමලරතන හාමුදුරුවො කිව්වෙ මේක පිස්සන් කොටුවකටත් අන්තයි වගේ කතාවක්?
අපේ පාර්ලිමේන්තුව ලෝකයේ පාර්ලිමේන්තු අතර වැදගත් තැනක තියෙනවා. විවිධ මූලාශ්‍ර මගින් ඒක සනාථ වෙනවා. අපි පාර්ලිමේන්තුවට ඉහළ වටිනාකමක් අත්කරදීමට හැමවිටම කටයුතු කරනවා. ඒත් යම් යම් අවාසනාවන්ත සිදුවීම් වෙනවා. ඒක නිසා බෙල්ලන්විල හාමුදුරුවන්ගෙ කතාව බොරු කියන්නත් බෑ. අපි මීට වඩා වගකීමෙන් වැඩ කළ යුතුයි. 

 


● රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා වෙනුවට ඒ තැනට ඔබ ගේන්න යම් මෙහෙයුමක් ක්‍රියාත්මක වෙනවා කියලා කියවෙනවා. මේ ගැන ඔබ දන්නවද?
ඔය කතාව මම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. මට එහෙම ඕනැකමකුත් නෑ. අපි ලංකාව වටේම ගිහින් වරමක් ඉල්ලුවෙ පොදු අපේක්ෂකයා විදියට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති කරන්නත්, රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති කරන්නත්. ඒක මුල ඉඳලම තිබුණු එකඟතාවයක්. ඒ වරම ජනතාව දුන්නා වසර පහකට. ඒ වරම වෙනස් කරන්න අවශ්‍ය නෑ. අනික මම මීට වඩා පදවි තානාන්තර බලාපොරොත්තු වෙන්නෙත් නෑ. මේ පදවි තානාන්තර තුළ මම සෑහීමකට පත්වෙනවා. ඊට පස්සේ මගේ බලාපොරොත්තුව විශ්‍රාම යන එක.

 


● හැබැයි ඔබ නේද පොදු අපේක්ෂකයගෙ කතාබහ තුළ මුලින්ම නම කියවුණු චරිතය?
අපි ඒ කතාබහ තුළ කාලයක් තිස්සේ සාකච්ඡා කළේ මේ දේශපාලන ක්‍රමය වෙනස් කරන්න සුදුසු චරිතයක් පිළිබඳව. ඒ සඳහා අවසාන වශයෙන් තෝරාගත්ත පුද්ගලයා වුණේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. ඒත් අපි ඒ මොහොත වනතුරු විවිධ අයගෙ නම් සාකච්ඡා කළා. ඒ අතරෙ මගේ නමත් කියවුණා තමයි. හැබැයි මම ඒක ඉල්ලපු දෙයක් නෙවෙයි. මට ඒ තැනට එන්න ඕනෑ කමක් තිබුණෙත් නැ. මම සතුටු වෙනවා තිරය පිටුපස ඉඳලා ඒ මෙහෙයුමේ කොටස් කාරයෙක් වීම ගැන. අපේ ඒ උත්සාහය අද සාර්ථක වෙලා තියෙනවා. ඒකෙන් රටට ජයග්‍රහණ රාශියක් ලැබුණා.

 


● එක්සත් ජාතික පක්ෂයේ ඉඳපු වි.ජ.මු. ලොකු බණ්ඩාර කතානායකවෙලා ඉඳලා දන්නෙම නැතුව මහින්ද රාජපක්ෂ හිතවාදියෙක් වෙලා ඒ කඳවුර පැත්තෙ ලැගුම් ගත්තා. කරු ජයසූරියත් එක වතාවක් ඒ කඳවුර පැත්තට ගිහින් ආවට ආපහු එහෙම කරන එකක් නෑනේ?
කීයටවත් නැ. එහෙම කිසිම අදහසක් නෑ මට. මේ තනතුරට වඩා තනතුරු බලාපොරොත්තුවකුත් නෑ මගේ. මගේ මේ ජීවිතේ අන්තිම කාලේ තව දේශපාලන කඳවුරක් වෙත යන්න අදහසක් නෑ. මින් පස්සෙ දේශපාලනය කිරීමටත් වඩා මම දේශපාලනයෙන් විශ්‍රාම ගැනීම ගැනයි කල්පනා කරන්නේ. මම අන්තිම මොහොත දක්වා යූඑන්පී කාරයෙක් විදියට ඉන්නවා.

 


● ඔබ මුලින්ම ජාතික දේශපාලනයට එද්දි ගෙනාපු “ස්ලෝගන්” එක තමයි “ආවොත් කරු පායයි හිරු” කියන එක. කාලයක් දේශපාලනයේ මහත්තයෙක් කියලා අහගත්තු ඔබ අද ලබන අපහාස, උපහාස ගැන හිතද්දි අප්සෙට් වගේ නැද්ද? 
මම ඉතා හොඳ බෞද්ධයෙක්. මම අටලෝදහම හොඳට දන්නවා. නින්දා, ප්‍රශංසා මට හොඳට පුරුදුයි. මට මේ හැමදේම දරා ගන්න ශක්තිය තියෙනවා.

ප්‍රියන්ත කොඩිප්පිලි 

 



අදහස් (0)

මම කතානායක වුණාට පසු කවදාවත් සිරිකොතට ගියේ නෑ

ඔබේ අදහස් එවන්න

දේශපාලන

ගෝඨාභය තමයි ලංකා ඉතිහාසයේ ලොකුම පාවාදීම කළේ
2024 අප්‍රේල් මස 26 62 0

රටේ දේශපාලන තත්ත්වය පිළිබඳව හා අනාගත ක්‍රියාමාර්ග ගැන විමසමින් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා සමග කළ සාකච්


රට විකුණන්න කලින් දෙසැරයක් හිතන්න
2024 අප්‍රේල් මස 10 1100 7

මේ රට කාගේවත් පෞද්ගලික බූදලයක්, පෞද්ගලික කොම්පැනියක් හෝ පවුලේ දේපළක් කියා විශ්වාසයෙන් කටයුතු නොකරන්නැයි අනතුරු අගවන බව නිදහස ජනතා සභාවේ නායක පාර්ලිම


ආර්ථික අර්බුදයට වගකිවයුත්තේ දේශපාලනඥයන් පමණක් නෙවෙයි
2024 අප්‍රේල් මස 01 73 0

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි මැතිවරණ සූදානම කෙබඳුද? මේ ඒ ගැන විමසමින් එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවි කරුණානායක මහත සමග කළ සාකච්ඡාවකි.


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන්න බෑ ඒක මිථ්‍යාවක්
2024 මාර්තු මස 19 464 0

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගත් දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සම


ජනපතිවරණයට කලින් මහ ඡන්දය තැබිය යුතුමයි
2024 මාර්තු මස 19 952 0

ඇමෙරිකාවේ මාස කිහිපයක් ගත කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රෝහණ රාජපක්ෂ මහතා ඉකුත්දා මෙරටට පැමිණියේය. මේ ඒ මහතාගේ පැමිණීමෙන් පසු ශ්‍රී ලා


මහ බැංකුව වැටුප් වැඩිකර නොගත්තා නම් හොඳයි
2024 පෙබරවාරි මස 26 95 0

මහ බැංකු නිලධාරීන් සිය වැටුප සියයට 70 කින් වැඩිකර ගැනීම සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්‍රයේත් සමාජයෙත් දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. මේ ඒ ගැනත් නව දේශපාලන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 547 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2000 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1775 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site