(ඉංගිරිය - නිමාලි කහවල සහ බණ්ඩාරගම - බිමල් ශ්‍යාමන් ජයසිංහ)
“අපි දේශපාලනය දන්න මිනිස්සු. මේ රටේ ජාතිවාදීන්ට ආගම්වාදීන්ට මේ රටේ පොදු ජනතාව අත්කරදුන් ඉරණම ගැන අපිට හොඳ අවබෝධයක් තිබෙනවා. අපේ රජයේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය කරන සියලු දෙනාගේ කැමැත්ත තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඒකාබද්ධ විපක්ෂයේ පොහොට්ටුවේ පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට එන එක” යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා ඉකුත්දා පැවසීය. බණ්ඩාරගම එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පසුගියදා පැවති පක්ෂ ක්‍රියාකාරීන්ගේ ජන හමුවක් අමතමින් ඒ මහතා එසේ කීය.
එහිදී රාජ්‍ය අමාත්‍යවරයා අදහස් දක්වමින් මෙසේ ද කීවේය.
“හුඟක් දෙනෙක් කතා කරනවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ඇමරිකන් පුරවැසිකම ඉවත්කරගන්න තිබෙන අමාරුකම ගැන. ඉතින් අපි කිව්වද එතුමාට ඇමරිකන් පුරවැසිකම ගන්න කියලා. ඇමරිකන් පුරවැසිකම අරගෙන, ඇමරිකන් පුරවැසියෙක් ලෙස දිවුරුම් දීලා, ඇමරිකන් ව්‍යවස්ථාවට අතගහලා මම ඇමරිකන් පුරවැසියෙක් කියලා ආඩම්බරකමට කියපු මනුස්සයෙක් දැන් අඬලා වැඩක් නැහැ, ‘මේ මගේ පුරවැසිකම මේගොල්ලො අතහරින්නෙ නැහැනෙ, මගේ මේ පුරවැසිකම අතහැරලා මට ඡන්දෙ ඉල්ලන්න දෙන්නෙ නැහැනෙ’ කියලා. පරාද කරන්න බැහැ කියපු මහින්ද රාජපක්ෂවත් අපි 2015 දී පරාජය කළා. මේ රටේ තිබෙන ප්‍රශ්න වගේම මේ රටේ ඡන්දදායකයාගේ හැසිරීම ගැනත් අපිට හොඳ අවබෝධයක් තිබෙනවා.
එසේම පසුගිය දිනවල අර ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවෝ මේ රටේ නීතියේ ආරක්ෂාව සපයන අධිකරණයකට ගිහිල්ලා ඒ අධිකරණයට අභියෝග කරලා පැමිණිලිකාරයාට තර්ජනය කරලා මහා ගාලගෝට්ටියක් ඇතිකළා. මම ඇත්ත වශයෙන්ම කනගාටු වෙනවා බෞද්ධ භික්ෂූන් වහන්සේ කෙනකුට සිර දඬුවමක් නියම කිරීම ගැන. එය අපි හැමෝටම කනගාටුවට හේතුවක්. හැබැයි මේ රටේ නීතිය ඉස්සරහ ගිහියෙක් වුණත්, භික්ෂුවක් වුණත් මොන තරාතිරම දැරුවත් රටේ නීතියට යටත් විය යුතුයි. ඒ සියලු දෙනාටම නීතිය එක හා සමානව ක්‍රියාත්මක විය යුතුයි.
හැබැයි මේ රටේ හැමෝම හඬ නඟන්න ඕනෑ ඥානසාර හාමුදුරුවන්ට නීතිය ක්‍රියාත්මක කළා වගේ එක්නැලිගොඩ මරපු, එක්නැලිගොඩ මරන්න කුමන්ත්‍රණය කළ අයටත් ඒ හා සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි කියා. අපි ඒ ගැන ආණ්ඩුවටම බලකරන්න ඕනෑ. නීතිය සමානව ක්‍රියාත්මක වීම ගැන මිනිසුන්ට හැඟීමක් ඇතිවෙන්නෙ එතකොට. අපි අධිකරණයේ ගෞරවය ආරක්ෂා කළයුත්තේ අධිකරණ භූමිය තුළ පමණක් නොවෙයි, ඒ මුළු වටපිටාව තුළම ඒ ගෞරවය ආරක්ෂා කරගත යුතුයි. අපරාධ වින්දිතයන්ට, සාක්ෂිකාරයන්ට, ඒ වගේම වරදකට අත්අඩංගුවට ගත් සැකකරුට, විත්තිකරුට පවා ඒ නීතියේ රැකවරණය එක ලෙස ලබාදිය යුතුයි” යැයි ද පැවසීය.
මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා
අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ
අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල
ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග
මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය කරන හැමෝගෙම කැමැත්ත ගෝඨාභය දේශපාලනයට ගෙනඒම
Raveendra Tuesday, 19 June 2018 06:17 AM
“අපි දේශපාලනය දන්න මිනිස්සු..."......... අනේද? කියන්නේ... ඇත්ත අපිත් ෆුට්නොට් කටිටිය ගැන හොදටම දන්නා සාමාන්‍ය ජනාතාව.
emerson Tuesday, 19 June 2018 06:21 AM
ඔක්කොටම ඉස්සරවෙලා මහා බැංකුව කඩපු තමුන්ගේ මිත්‍ර සමාගමට නිතිය ක්‍රියාත්මක කලොත් නරකද . සාක්ෂිත් ඕන තරම් තියෙන්නේ . බයිලා කියන්න එපා මහත්තයෝ .
Tampering Tuesday, 19 June 2018 09:28 AM
මේ වගේ අය ඉන්නකම් රටකට හරියන්නේ නෑ... එක්නැලිගොඩ ගැන හොයන්න කලින් රිච්ර්ඩ ද සොයිසට, ප්‍රේමකිර්තිට මොකද වුනේ කියලා හොයලා බලන්න...
Raveendra Tuesday, 19 June 2018 11:41 AM
ලිව්වත් පාද සටහන් "හනුමල" බේරන්න... පත්තු උනා "වලිගය" අපේ නැතිවෙන්න... දැන් මක්කරන්නද පිච්චුණ හැම තැනම... උත්සහ කරනවා නැවතත් මුන් රවටන්න....
Lal Wednesday, 20 June 2018 02:27 AM
රටට යමක් කරන්න පුළුවන් දක්ෂයින්ට මොඞයෙක්වගේ අපහස කරන්න එපා.මේවන තුරු මොනවද ඔහෙලා මේරටට කලේ.රට කාබාසිනියා කලා මිසක්.
NishanthaSaturday, 30 June 2018 11:12 PM
බදුර්දීන්ට අධිකරණ අදාළ නැද්ද
GAYAN Thursday, 21 June 2018 02:27 AM
"භික්ෂුවක් වුණත් මොන තරාතිරම දැරුවත් රටේ නීතියට යටත් විය යුතුයි. ඒ සියලු දෙනාටම නීතිය එක හා සමානව ක්‍රියාත්මක විය යුතුයි."
kalani Monday, 25 June 2018 05:39 AM
"අපිත් දේශපාලනය දන්නා ගෑනු " එ්කනේ පළාත් පාලන මැතිවරණයේදී බණ්ඩාරගම ආසනෙන් ඔබතුමා පරාජය කළේ...
kalani Monday, 25 June 2018 05:39 AM
"අපිත් දේශපාලනය දන්නා ගෑහැණු " එකනේ පළාත් පාලන මැතිවරණයේදී බණ්ඩාරගම ආසනෙන් ඔබතුමා පරාජය කලේ.