IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ජනතා මතයට බයේ අප සංවිධායක තනතුරුවලින් ඉවත් කළා

ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වෛද්‍ය රමේෂ් පතිරණ හා අධිනීතිඥ මොහාන්ද සිල්වා යන මහත්වරුන් ආසන සංවිධායක ධුරවලින් ඉවත් කර තිබේ. ඒ ඇයි? මින් පසු කරන්නේ කුමක්ද? යන ප්‍රශ්න මතු කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සමඟ කළ සාකච්ඡාවකි. 



ප්‍රශ්නය: අක්මීමන ආසන සංවිධායක ධුරයෙන් ඔබව අයින් කළාද?
පිළිතුර:
ඔව්. 


ප්‍රශ්නය: මොකද හිතෙන්නේ
පිළිතුර:
ඇත්තටම කනගාටු වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උන්නතිය අභිවෘද්ධිය වෙනුවෙන්  කටයුතු කරන නායකයන් නම් මහජනයා අතර ඉන්න මහජනයාගේ අභිලාෂයත් ඉටු කරන්න කැප වෙච්ච විනය විරෝධී සමාජ විරෝධී කිසිම කටයුත්තක් නොකරපු මාවත්, ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් සිල්වා මැතිතුමාවත් සංවිධායක ධුරවලින් ඉවත් කරලා තියෙනවා. මේක පක්ෂයේ සුබ සිද්ධිය වෙනුවෙන් කළ දෙයක් කියලා පක්ෂයේ කිසිම කෙනෙක් පාක්ෂිකයෙක්  හිතන්නේ නෑ.


ප්‍රශ්නය: සංවිධායක ධුරයෙන් ඉවත් කළේ ඇයි කියලා ඔබට හිතෙන්නේ මොනවද?
පිළිතුර:
මේ මොහොතේ අපට ඇතිවන සැකය තමයි ජනතාව සමඟ ඉන්න අප වැනි සංවිධායකයන් ඉවත් කිරීමෙන් අපට ඡන්දය දුන්න ජනතාවගේ අභිලාෂ යන් නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කිරීම හරහා එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් වෙනවා. ඒක සැක සහිතයි. ඒ නිසා මේ ව්‍යාපෘතියේ අවසන් ප්‍රතිඵලය ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දුර්වල කිරීමක්. ඒ හරහා ඊළඟ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය බලයට පත් කිරීමේත් ව්‍යාපෘතියක් දියත් වෙනවා කියලා අපට පැහැදිලි සැකයක් ඇති වෙනවා. 


ප්‍රශ්නය: ඔබලා සමගම හිටපු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධනත් ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කරලා. ඒත් ඔබ ඒ ගැන කතා කළේ නෑ.
පිළිතුර:
ඇත්තටම සජින්ද වාස් ගුණවර්ධන මේ සංවිධායක ධුරයෙන් ඉවත් කරලා බොහෝ කාලයක්. ඊට පස්සේ ඔහු යහපාලන ආණ්ඩුව එක්ක එකතු වෙලා. විවිධ ව්‍යාපෘතිවලටත් සම්බන්ධ වෙලා හිටියා. මෙයට පෙර ඔන්න සාලිය මෙන්ඩිස් නැමැති කෙනෙක්ව  සංවිධායක හැටියටත් පත් කළා. සජින් තවමත් යහපාලන ආණ්ඩුවත් සමඟ කටයුතු කරනවා. ආසන සංවිධායක ධුරයෙන් ඔහු ඉවත් කරලා ගොඩාක් කල්. 


ප්‍රශ්නය: ඔබලා මෙහෙම ආසන සංවිධායක ධුරවලින් ඉවත් කරන්න ආසන්නම හේතුව හැටියට ඔබ දකින්නේ?
පිළිතුර:
25 වැනිදා ඒකාබද්ධ විපක්ෂයේ පළමු දිස්ත්‍රික් රැස්වීම හබරාදූවේ සංවිධානය කළා. දකුණු පළාතේ ජනතාවගේ දැවැන්ත ආණ්ඩු විරෝධය කුළුගන්වන්න අපි කටයුතු සංවිධානය කළා. 


ප්‍රශ්නය: රැස්වීමේ අරමුණ?
පිළිතුර:
ජනතා පීඩනයට එරෙහිව ජනතාවගේ විරෝධය පළ කිරීමයි. විශේෂයෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයෙන් මේ ආණ්ඩුවට සම්බන්ධවෙලා ඉන්න පිරිස මේ මහජන රැලිය සම්බන්ධයෙන් බරපතළ විදියට භීතියට පත්වෙලා ඉන්නවා. ඒ නිසා ජනතාව එකතුවීම වැළැක්වීම සඳහා අපි නීත්‍යානුකූල විදියට අවසර අරගෙන කරගෙන ගිය රැස්වීම සංවිධාන කටයුතු වැළැක්වීමට පොලිසිය හරහා පුදුමාකාර උත්සාහයක් ගත්තා. ඒ ජනතා මතයට බයේ තමයි ඔවුන් අපිව සංවිධායක ධුරවලින් පවා ඉවත් කළේ.


ප්‍රශ්නය: ඔය ඔබ සංවිධානය කළ රැස්වීම ආණ්ඩු විරෝධී රැලියක්. 
පිළිතුර:
නියම වශයෙන්ම ඔව්. දැන් බලන්න රටේ මතුවෙලා තියෙන දේශපාලන පළිගැනීම්. විශේෂයෙන්ම කිසිම නීතිමය පදනමක් නැතිව දින 75කට වැඩි  කාලයක් සිරගත කරලා තියෙනවා. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 16 දෙනකුට වැඩි පිරිසක් විවිධ අවස්ථාවල සිරගත කරලා තියෙනවා. ඊට අමතරව මේ රට ව්‍යවස්ථාමය උගුලකට හසු කිරීම සඳහා කුමන්ත්‍රණ කරමින් ඉන්නවා. ඒ වගේම ආණ්ඩුවේ අඛණ්ඩ ශිෂ්‍ය මර්දනය පරාජය කළ යුතුයි. හොරකම වංචාව, නාස්තිය, දූෂණය ඉහවහා ගිහින් තියෙනවා. අනික් අතට අධික ජීවන බර රාජ්‍ය දේපොළ විකිණීම ආදියට එරෙහිව දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට ආසනයෙන් ආසනයට ගමින් ගමට ගෙයින් ගෙට යමින් අපි ජනතාව පෙළ ගස්සනවා. 


ප්‍රශ්නය: ඔබම කියනවා ඔබ සංවිධානය කරන්නේ ආණ්ඩු විරෝධී රැලියක් කියලා. ආණ්ඩුවේ නායකයා ඔබේ පක්ෂයේ නායක ජනාධිපති මෛත්‍රී. ඔබේ පක්ෂයේ අයත් ආණ්ඩුවේ ඇමැතිධුර අරගෙන ඉන්නවා. එතකොට ඔබලාගේ වැඬේ පක්ෂ නායකයාට හා පක්ෂයට ද්‍රෝහිවීමකින් වෙනස් නොවන්නේ කොහොමද?
පිළිතුර:
බොහොම පැහැදිලිවම සිරිසේන ජනාධිපතිතුමා  මූලික අවස්ථාවේදී අපට ඡන්දය දීපු ජනතාවට සේවය කරන්න ඒ ජනතාවගේ අභිලාෂයන් අනුව කටයුතු කරන්න ඒකාබද්ධ විපක්ෂයේ ඉඳිමින් කටයුතු කරන්න අවස්ථාව ලබා දුන්නා. හැබැයි එහෙම අවස්ථාව ලබා දුන්නාට පසු කාලයේදී එතුමා තේරුම් ගන්නවා ඇති තමන්ගේ රාජ්‍ය නායකත්වය යටතේ මේ රාජය නියමිත නිවැරදි දිශාව ඔස්සේ ගමන් කරන්නේ නෑ කියලා. ඒ නිසා එතුමා විශ්වාස කරනවා ඇති එය නැවතත් ඔහුගේ අතට ගන්නනම් ඒකාබද්ධ විපක්ෂය මර්දනය කළ හැකියි කියලා. ඒ නිසා එතුමා ඒ තීන්දුවට ඇවිත් ඉන්නවද කියන සැකය අපට මතු වෙනවා. අපේ පක්ෂයේ පිරිසක් ආණ්ඩුවට සම්බන්ධවෙලා ඉන්නවා. දැන් මම ඔබෙන් අහනවා මේ ආණ්ඩුවට එකතු වෙච්ච පිරිස නිසා මේ රටට ජනතාවට වෙච්ච සෙත මොකක්ද කියලා. ආණ්ඩුව හරි මාර්ගයේ යනවා නම් විපක්ෂයේ ඉඳගෙන අපට සහයෝගය දෙන්න පුළුවන්. එහෙම අපි සහයෝගය  දුන්නා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට. ඒ හරහා රටට හරි දේ කරන්න ආණ්ඩුවට ගිහිල්ලා තාන්න මාන්න ලබා ගන්න අපට කිසිම අදහසක් නෑ කියලා කිව යුතුයි. 


ප්‍රශ්නය: පක්ෂයක සාමාජිකයා කවුරු වුණත් පක්ෂයේ විනයට එරෙහිව කටයුතු කරනවා නම් ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගත යුතුයි.
පිළිතුර:
අපි පක්ෂයේ විනයට එරෙහිව කටයුතු කරලා නෑ. අපි විපක්ෂය නියෝජනය කරන්නේ  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ලබාදීපු අවසරය මතයි. අපි පක්ෂයේ කිසිම නීති විරෝධී කටයුත්තකට දායක වෙලා නෑ. 


ප්‍රශ්නය: ඉතින් එහෙමනම් ඇයි ඔබලා ඉවත් කරන්නේ? 
පිළිතුර:
මම මුලින්ම කිව්වා වගේම මේක ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්. අපේ පක්ෂයට ඉතාම අභාග්‍ය සම්පන්න යුගයක් උදාවී ඇති බව පැහැදිලියි. අපි විශ්වාස කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිවැරදි මාර්ගයට ගැනීම මෙවැනි කටයුතුවලින් බැහැ කියලා. මෙයට පෙරත් ජනතාව සමඟ සිටි අපේ පක්ෂයේ සංවිධායකවරු කීප දෙනෙක් ඉවත් කළා. අපි  හිතුවා ඊට පස්සේ පක්ෂය නිවැරදි මාර්ගයට ගන්න. ජනතා හිතවාදී අණ්ඩුවක් බිහි කරන්න මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම සමඟ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා රටට ආදරයක් තියෙනවා නම් යම්කිසි  පියවරක් ගනී කියලා. නමුත් ඒ විශ්වාසය  දිනෙන් දින බිඳ වැටෙනවා. එතුමාට එවැනි අවශ්‍යතාවක් නොමැති බවත් එතුමා ඉටු කරන්නේ එතුමා බලයට ගෙන ඒමට කටයුතු කළ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ යහ පාලනයේ අවශ්‍යතාව බවත් අපට දිනෙන් දින ප්‍රත්‍යක්ෂ වෙමින් පවතිනවා. 


ප්‍රශ්නය: ජනපති මෛත්‍රී ඇතුළු කණ්ඩායම් ඒකාබද්ධ   විපක්ෂයට සහෝදරත්වයේ දෑත් දිගු කරනවා. ඒකාබද්ධ විපක්ෂය ඒ  අත්හැරීම නේද මෙතැන වෙලා තියෙන්නේ. 
පිළිතුර:
අප අතර යම් යම් සාකච්ඡා ඇතිවුණා. එතැනදී බොහොම පැහැදිලිව කිව යුතුයි එම සාකච්ඡාවලදී අපි මූලික විදියට ඉදිරිපත් කරන කාරණය තමයි මේ ...... පාලනය පෙරළා දැමීම සඳහා රට පිළිගන්නා  නායකයකු මේ රටේ අගමැතිවරයා ලෙස පත් කරන්න අවශ්‍ය යැයි කියන කාරණය. නමුත් මේ කරුණුවලට අපේ පක්ෂයෙන් ඇමැතිකම් අරගෙන ඉන්න පිරිස් එකඟ වෙලා නැහැ. ඒ සම්බන්ධයෙන් එකඟතාවකට ආවොත් අපට පුළුවන් එතැනින් එහාට ඒ සාකච්ඡාව මෙහෙයවන්න. 


ප්‍රශ්නය: ඔබ ඉල්ලන්නේ මහින්ද රාජපක්ෂ අගමැති කරන්න කියලයි? 
පිළිතුර:
ඉතාම පැහැදිලිවම. එදා අපේ මැතිවරණ පරාජයට හේතු වෙච්ච ප්‍රධාන කාරණයක් තමයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  මැතිතුමා කළ ප්‍රකාශය. ඒ තමයි ජනතාව ඡන්දය දුන්නත් මහින්ද රාජපක්ෂ මැතිතුමාට අගමැතිකම දෙන්නේ නෑ කියන කාරණය. ඒනිසා තමයි ආසන 10ක වෙනසකින් එක්සත් ජාතික පක්ෂය බලයට ආවේ. ඒ වැරැද්ද නිවැරදි කරන්න අවශ්‍යයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන  සාතිශය බහුතරයකගේ මතයට ගරු කරමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කටයුතු කළ යුතුයි.


ප්‍රශ්නය: ඔබ හිතනවද ජනාධිපති මෛත්‍රී කැමති වෙයි  කියලා මහින්ද රාජපක්ෂට අගමැතිකම දෙන්න.
පිළිතුර:
දැනට පෙනෙන තත්ත්වය යටතේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා තුළ එයට කැමැත්තක් නැති බව තමයි පේන්නේ. ඒ නිසා තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා සමඟ සිටින කණ්ඩායමට අඛණ්ඩව රිදවීම් කරන්නේ. ඒක ඉතාම කනගාටුදායක තත්ත්වයක්. 


ප්‍රශ්නය: මහින්ද නොවන වෙනත් රාජපක්ෂ කෙනෙක් ගැන ඔවුන් උනන්දුයි නේද?
පිළිතුර:
මේ රටේ ජනතා කැමැත්ත වගේම ජනතාවගේ ඉල්ලීම මහින්ද රාජපක්ෂ මැතිතුමයි. එතුමා තමයි අපි පිළිගන්න සැබෑ ජනතා නායකයා. එතුමා තමයි අපේ නායකයා. ඒ නිසා අපි එතුමාගෙන් පිට කටයුතු කරන්නේ නෑ. ඒනිසා මහින්ද රාජපක්ෂ මැතිතුමා සමඟයි ඒ සාකච්ඡාව කළ යුත්තේ. 


ප්‍රශ්නය: හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කිව්වා 2017 දී ආණ්ඩුව පෙරළනවා කියලා. අප්‍රේල් මාසයත් එළැඹෙනවා. 
පිළිතුර:
ආණ්ඩුව පෙරළනවා කියන එකෙන් අදහස් කළේ ජනතා විරෝධය කුළු ගන්වලා තීරණාත්මක තැනකට ගෙන එනවා කියන එකයි. 2017 වසරේදී පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතුයි. පළාත් සභා මැතිවරණය පළාත් පාලන මැතිවරණය වගේ කල් දාන්න බැහැ. ඒ නිසා අපි විශ්වාස කරනවා 2017 වසර මැතිවරණ වසරක්. ඒ මැතිවරණවලදී ජනතා මතය නිරූපණය වුණාට පස්සේ ආණ්ඩුව එක්ක ඉන්න අපේ පක්ෂයේ අය වගේම දැනට ආණ්ඩුව ගැන කලකිරිලා ඉන්න යූඑන්පියේ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් ඉන්නවා. ඒ සියලු දෙනාගේම එකතුවෙන් පාර්ලිමේන්තුවේ බල තුලනයක් කරන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. 


ප්‍රශ්නය: කුමන්ත්‍රණවලින් ආණ්ඩු පෙරළන්න දෙන්නෙ නෑ කියලා ජනාධිපති මෛත්‍රී ඒකාන්ත විශ්වාසයෙන් කියනවා. 
පිළිතුර:
මෙතැන කිසිම කුමන්ත්‍රණයක් නැහැ. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 43ක් හිටින එක්සත් ජාතික පක්ෂයේ නායකයා අගමැති බවට පත් කිරීම. එහෙම නම් කුමන්ත්‍රණයක් නොවෙයිද? එනිසා එවැනි කුමන්ත්‍රණ නොවෙයි. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තුළ බහුතර මන්ත්‍රීවරුන්ගේ කැමැත්තෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැතිවීම ඒකාන්තයි. 


ප්‍රශ්නය: ඔබලාව සංවිධායක  ධුරවලින්  ඉවත්  කළා වගේ දඬුවම් එනකොට අනිත් අය මෙල්ල වෙයි. 
පිළිතුර:
ඉතින් අපි මෙල්ල වෙයිද? මීට පෙර ඉවත් කරපු අය මෙල්ල වුණාද? අපි තව තවත් ශක්තිමත් වෙලා මේ දුර්දාන්ත ආණ්ඩුව පෙරළා දැමීමේ සටන වේගවත් කරනවා මිසක් බිඳකුදු බියවීමක් වෙන්නේ නැහැ. 

සාකච්ඡා කළේ - ප්‍රසන්න සංජීව තෙන්නකෝන්

 



අදහස් (0)

ජනතා මතයට බයේ අප සංවිධායක තනතුරුවලින් ඉවත් කළා

ඔබේ අදහස් එවන්න

දේශපාලන

ගෝඨාභය තමයි ලංකා ඉතිහාසයේ ලොකුම පාවාදීම කළේ
2024 අප්‍රේල් මස 26 8 0

රටේ දේශපාලන තත්ත්වය පිළිබඳව හා අනාගත ක්‍රියාමාර්ග ගැන විමසමින් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා සමග කළ සාකච්


රට විකුණන්න කලින් දෙසැරයක් හිතන්න
2024 අප්‍රේල් මස 10 1082 7

මේ රට කාගේවත් පෞද්ගලික බූදලයක්, පෞද්ගලික කොම්පැනියක් හෝ පවුලේ දේපළක් කියා විශ්වාසයෙන් කටයුතු නොකරන්නැයි අනතුරු අගවන බව නිදහස ජනතා සභාවේ නායක පාර්ලිම


ආර්ථික අර්බුදයට වගකිවයුත්තේ දේශපාලනඥයන් පමණක් නෙවෙයි
2024 අප්‍රේල් මස 01 61 0

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි මැතිවරණ සූදානම කෙබඳුද? මේ ඒ ගැන විමසමින් එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවි කරුණානායක මහත සමග කළ සාකච්ඡාවකි.


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන්න බෑ ඒක මිථ්‍යාවක්
2024 මාර්තු මස 19 448 0

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගත් දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සම


ජනපතිවරණයට කලින් මහ ඡන්දය තැබිය යුතුමයි
2024 මාර්තු මස 19 936 0

ඇමෙරිකාවේ මාස කිහිපයක් ගත කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රෝහණ රාජපක්ෂ මහතා ඉකුත්දා මෙරටට පැමිණියේය. මේ ඒ මහතාගේ පැමිණීමෙන් පසු ශ්‍රී ලා


මහ බැංකුව වැටුප් වැඩිකර නොගත්තා නම් හොඳයි
2024 පෙබරවාරි මස 26 91 0

මහ බැංකු නිලධාරීන් සිය වැටුප සියයට 70 කින් වැඩිකර ගැනීම සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්‍රයේත් සමාජයෙත් දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. මේ ඒ ගැනත් නව දේශපාලන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site