IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ඔය බල පොරයේ කිසිම කණ්ඩායමකට අපි සහාය දක්වන්නේ නෑ

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා

දිනෙන් දින උණුසුම් වන මෙරට දේශපාලනය පිළිබඳ මේ සාකච්ඡාව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සමඟයි.


• මේ ඇතිවෙලා තියෙන දේශපාලන සංකීර්ණතාව ගැන ජනතා විමුක්ති පෙරමුණ හිතන්නේ කොහොමද?


මේ මොහොතේ රටේ දේශපාලන වියවුලක් නිර්මාණය කරල තියෙන්නේ. ඒක නිර්මාණය කළේම මෛත්‍රීපාල සිරිසේනයි. ආණ්ඩුව ඇතුළේ රනිල් සහ මෛත්‍රී අතර තිබුණු බලඅරගලයත් ප්‍රතිවිරෝධයත් ඒ වගේම මෛත්‍රීගේ දේශපාලන අනාගතයට මොකක් වෙයි ද කියන අවිනිශ්චිතතාව උඩ තමයි ව්‍යවස්ථා විරෝධී, ප්‍රජාතන්ත්‍ර විරෝධී පියවරකට ගිහින් රටම අවුලකට දාල තියෙන්නේ.


මේ අවුල ලිහාගන්න බැරි නිසාම අවුල ලිහෙනව වෙනුවට තව තවත් පැටලෙනවා. පාර්ලිමේන්තුව විසුරුවනවා කියනවා, එහෙම කරන්නේ නෑ කියනවා, සල්ලිවලට මන්ත්‍රීවරු බිලී බාගන්නවා, පාර්ලිමේන්තුව කැඳවන්න බලකිරීම් තියෙනවා, ජනාධිපතිවරයා ඒකට අදිමදි කරනවා.


සලාක ක්‍රමයට ඇමැතිවරු පත්කරනවා. මේක දැන් විශාල අර්බුදයකට ගිහින් තියෙන්නේ. රටම අරාජික තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේකට මෛත්‍රීපාල සිරිසේන වගේම අයිති නැති අගමැතිකමක් භාරගත්තු මහින්ද රාජපක්ෂත් වගකියන්න ඕන. ඒ වගේම තමන්ට පැවරුණු වගකීම ඉටු නොකරමින් අවුරුදු තුනක් තිස්සේ කාලය නාස්ති කරපු රනිල් වික්‍රමසිංහත් මේ අර්බුදයට වගකියන්න ඕන.


මේ තත්ත්වයට ජනතා විමුක්ති පෙරමුණ කොයි විදියට ද මැදිහත් වෙන්නේ?


අපි පැහැදිලිවම ඔය බල පොරයේ ඉන්න කිසිම කණ්ඩායමකට සහයෝගයක් දක්වන්නේ නෑ. සමහරුන්ට පේන්න පුළුවන් අපි රනිල් වික්‍රමසිංහට පක්ෂව වැඩ කරනවා කියලා. සමහරු ඒ වගේ මතයක් හදන්න උත්සාහ කරනවා. අපිට කිසිම ඕනකමක් නෑ රනිල් වික්‍රමසිංහ හෝ එක්සත් ජාතික පක්ෂයට සහයක් දෙන්න.


රනිල් පරද්දන වැඩේ නීත්‍යනුකූලව ව්‍යවස්ථානුකූලව කළා නම් අපිත් ඒකට සහාය දෙන්න තිබුණා. මොකද අපි මීට කලිනුත් එහෙම කළා. පහුගිය දවස්වල රනිල්ට විරුද්ධව ගෙනාපු විශ්වාසභංගයේ දී අපි රනිල්ට විරුද්ධව අපේ ඡන්දය පාවිච්චි කළා. ඒක ජයග්‍රහණය කරන්න බැරි වුණේ අපි නිසා නෙවෙයි මහින්ද රාජපක්ෂලා නිසයි.


එදා මහින්ද ඇතුළු පිරිස ඒක මග ඇරියා. ව්‍යවස්ථානුකූලව රනිල්ව පරද්දන්න තිබුණු අවස්ථාව පැහැර හැරියේම රාජපක්ෂ කණ්ඩායමයි. රනිල් හෝ යූඑන්පී ආණ්ඩුව පරද්දන එක අපිට ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි ඒක කරන්න ඕන ප්‍රජාතන්ත්‍රවාදය හා ව්‍යවස්ථාවට අනුව මිසක් කුමන්ත්‍රණකාරී විදියට නොවෙයි. අපි විරුද්ධ රනිල් ඉවත් කිරීමට නෙවෙයි ඉවත් කරපු විදියට. ඒ වගේම රනිල් ඉවත් කරලා පාර්ලිමේන්තුවේ බහුතරයක් නැති මහින්ද රාජපක්ෂ අගමැති කරන්නත් බෑ. මහින්දට පාර්ලිමේන්තුවේ බහුතරය තිබුණෙ නෑ. තාමත් නෑ. මහින්දට බහුතරය තිබුණා නම් ඔහු පත් කළාට පස්සෙන්දමයි පාර්ලිමේන්තුව කැඳවන්නේ. දැන් පාර්ලිමේන්තුව කල් දමමින් කෝටි පනහට හැටට මන්ත්‍රීවරු බිලී බා ගනිමින් වෙන ගේමක් ගහන්නේ බහුතරය නැති නිසයි.


දැන් මෛත්‍රීපාල සිරිසේන ප්‍රජාතන්ත්‍ර විරෝධී කුමන්ත්‍රණකාරී ක්‍රියා පෙළක් කරමින් ඉන්නේ. මේ මෛත්‍රීපාලගෙ දේශපාලන කුමන්ත්‍රණය අනිවාර්යයෙන්ම පරාජය කළ යුතුමයි. අපි ඉන්නේ එතන.


• යහ පාලනය, ප්‍රජාතන්ත්‍රවාදය නිදහස ගැන විශාල බලාපොරොත්තුවක් දීපු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අවුරුදු තුනක් යනකොට ආපස්සට කැරකුණේ කොහොමද කියලා මිනිස්සු අහන්නේ?


අපිට නම් ආරම්භයේදීම යම්කිසි සැකයක් තිබුණා. ඔවුන් ඒ කියපු තරම් ප්‍රගතිශීලී පිරිසක් නෙවෙයි කියලා. එතැන තමයි 2015 ජනාධිපතිවරණයේදීත් කිව්වේ ඔය කඩවල් දෙකේම බඩු ෂුවර් නෑ කියලා. නමුත් ඒ වෙලාවෙ අපිට මහින්ද රාජපක්ෂ පරාජය කිරීම හැර වෙන විකල්පයක් තිබුණෙ නෑ.


අපේ අවශ්‍යතාව වුණේ මහින්ද රාජපක්ෂ පරාජය කිරීම වගේම ජනතාවාදී රජයක් පිහිටුවා ගැනීම. පළවෙනි පියවර දිනුවත් ඊළඟ මහමැතිවරණයේදී දෙවෙනි පියවර දිනන්න බැරි වුණා. ඒ නිසා තමයි මේ හවුල් ආණ්ඩුව හැදුණේ.


මෛත්‍රීට ඒ වෙලාවෙ ඉඩක් ලැබුණා රටට යමක් කරනව නම් කරන්න. ඒත් ඔහුගේ බලලෝභය සහ අදූරදර්ශීභාවය නිසා ඒ අවස්ථාව ඔහුගෙන් ගිලිහුණා. ඔහු ඔහුට ලැබුණු ඒ අවස්ථාවට පයින් ගහලා ඉතිහාසයේ ජරාජීර්ණම ජනාධිපතිවරයා විදියට කුණු කූඩයට වැටුණා.


මෙතෙක් ඉතිහාසයේ ඔහු තරම් ප්‍රජාතන්ත්‍ර විරෝධි කුමන්ත්‍රණකාරී විදියට ජනාධිපති ධුරයේ කටයුතු කළේ නෑ වෙන කවුරුවත්.


• මේ මොහොතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉහළ මිල ගණන්වලට වෙන්දේසි වෙනවා. ජවිපෙ මන්ත්‍රීවරුන්ට ආවෙ නැද්ද මේ වගේ ආරාධනා.....?


මේ වෙද්දී ඔය මන්ත්‍රීවරු මිලදී ගන්න අයයි ඒවට හවුල් බ්‍රෝකර්වරුයි කවුරුත් තේරුම් අරගෙන තියෙනවා ජනතා විමුක්ති පෙරමුණට මේ සම්බන්ධයෙන් කතා කරන එක පවා තේරුමක් නෑ කියලා. අපි එහෙම විශ්වාසයක් රටේ හදලා තියෙන්නේ. ඔය කවුරු මිලදී ගත්තත් ජවිපෙ අය මිලදී ගන්න බෑ කියලා කවුරුත් දන්නවා. කවුරු බය කළත් ජවිපෙ අය බය කරන්න බෑ කියලත් කවුරුත් දන්නවා. අවලාද වලින් බිය වැද්දීම්වලින් ජවිපෙ ගන්න තීන්දු ආපසු හරවන්න ඔය කාටවත් බෑ. අපේ රටේ ජනතාවට මේ ජරාජීර්ණ දේශපාලනය ඇතුළෙ ජවිපෙ දේශපාලනය පිළිබඳ පැහැදිලි විශ්වාසයක් තියෙනවා.


• ඉදිරි පාර්ලිමේන්තු සැසි වාරයේදී ජවිපෙ මොකද කරන්නේ?


ඊළඟට පාර්ලිමේන්තුව කැඳවන දවසට මොකක් වෙයි ද කියලා අපි කවුරුවත් හරියට දන්නේ නෑ. පාර්ලිමේන්තුව කැඳවන දවසෙත් ගාලගෝට්ටියක් වෙන්න පුළුවන්. වාඩිවෙන්නෙ කොයි පැත්තෙද කියන එකත් එක්කම ගැටුම පටන් ගන්න පුළුවන්. පාර්ලිමේන්තුව කල් යයි ද දන්නෙත් නෑ. ඒ මොකක් වුණත් අපේ ස්ථාවරය තමයි පාර්ලිමේන්තුව කැඳව්වම අපිට ලැබෙන පළවෙනි අවස්ථාවෙදීම මේ කුමන්ත්‍රණය පරද්දන්න මැදිහත් වෙන එක.


අපි​ මෛත්‍රී පත් කරපු අගමැතිව පිළිගන්නේ නෑ. ඒ වගේම ඒ ඇමැති මණ්ඩලය පිළිගන්නෙත් නෑ. දැනට අපිට තීරණය කරන්න බෑ හරියටම මොකද්ද කරන්නේ කියලා එන විදියට මුහුණ දීලා මේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළ පරාජය කරනවා.


• ඔබලා කියලා තිබුණා ඉදිරියේ දී එන විශ්වාසභංගයකට පක්ෂ වෙනවා වගේම අයවැයට විරුද්ධ වෙනවා කියලා. දැකලවත් නැති අයවැයකට ජවිපෙ දැන් තියාම විරුද්ධ වෙලා කියලත් ඒකට ප්‍රතිචාර දක්වලා තිබුණා සමහරු......


සාමාන්‍යයෙන් ඔය ධනේෂ්වර ආණ්ඩු ගේන අයවැය අමුතුවෙන් දකින්න ඕන නෑ. අපි ඒවා ඇති තරම් දැකලා තියෙනවා. ඒවා ජනහිතකාමී නෑ. ඉතිහාසය පුරාම අපි ඒ වගේ අයවැය යෝජනාවලට විරුද්ධ වෙලා තියෙනවා. ඒක නිසා මේක අපිට අලුත් තීන්දුවක් නොවෙයි. මහින්ද රාජපක්ෂලා නීති වි​රෝධී ලෙස හෝ අයවැයක් ගෙනා​වොත් ඒක පරාජය කරන්න අපි කටයුතු කරනවා. මේ අයට රට හදන්න පුළුවන් ජාතියේ අයවැයක් ඉදිරිපත් කරන්න බෑ. ඉතිහාසය පුරා ඒක ඔප්පු කරලා තියෙනවා.


රනිල් වික්‍රමසිංහ පරාජය කරන්න ගෙනාපු විශ්වාසභංග යෝජනාවට පක්ෂවත් අපි ඡන්දය දුන්නා. ඒකට එදා පක්ෂ නොවී මග ඇරලා ගියේ මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායමයි. ඒ වගේම ජනවරමක් නැතුව කුමන්ත්‍රණකාරී විදියට අගමැතිකම ගත්තු මහින්ද රාජපක්ෂට විරුද්ධව ගේන විශ්වාසභංගයකටත් අපි පක්ෂව ඡන්දය දෙනවා. මොකද අපි ඔහු අගමැති ලෙස පිළිගන්නේ නෑ.


• මේ ඇතිවෙලා තියෙන තත්ත්වය පිළිබඳව ජේවීපී එකයි ටීඑන්ඒ එකයි පහුගියදා සාකච්ඡා කළා. මොනවද කතා කළේ?


අපි සාකච්ඡාවක් පටන් ගත්තා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කරපු මේ කුමන්ත්‍රණකාරී ක්‍රියාව නිසා බරපතළ ලෙස අනතුරට ලක්වෙලා තියෙන්නෙ අපේ ප්‍රජාතන්ත්‍රවාදයයි.


මේක සරලව හිතන්න හොඳ නැහැ. විධායක බලය පාවිච්චි කරලා පාර්ලිමේන්තුව පැත්තකට දාලා තනි මතයට කරපු බරපතළ කුමන්ත්‍රණයක්. ඒ කුමන්ත්‍රණය තාම ඉවර නෑ. පාර්ලිමේන්තුව කල් තිව්වා. පාර්ලිමේන්තුව විසුරුවන්න හදනවා. අපි දන්නෙ නෑ හෙට තව මොනවා කරයි ද කියලා. මෛත්‍රී ද මහින්ද ද රනිල් ද කියන එක නොසලකා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් එකතු කරන්න පුළුවන් බලවේග අපි එකතු කරනවා.


එ් අය එක්ක සාකච්ඡා කරනවා. ඒකෙ පියවරක් විදියට ටීඑන්ඒ එකත් එක්කත් කතාබහ කළා. ප්‍රතිචාර ඉතා හොඳයි. සාකච්ඡා ඉවර නෑ. ඒ අයත් ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කළ යුතුයි කියන මතයේ ඉන්නවා.


• මේ මොහොතේ කථානායකවරයාගේ භූමිකාව ගැන ජවිපෙ මතය කොයි වගේද?


මේ සිදුවීම් මාලාවම මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් සිදුවුණු කුමන්ත්‍රණයක් නේ. කථානායකවරයත් ඒක ඒ විදියට පිළිඅරන් තියෙනවා. කථානායකවරයාගේ ස්ථාවරය නිවැරදියි කියලා අපි හිතනවා. ඔහුගේ ස්ථාවරය පිළිබඳව ජවිපෙට ගැටලුවක් නෑ.

 

 

 

ප්‍රියන්ත කොඩිප්පිලි

 



අදහස් (0)

ඔය බල පොරයේ කිසිම කණ්ඩායමකට අපි සහාය දක්වන්නේ නෑ

ඔබේ අදහස් එවන්න

දේශපාලන

ගෝඨාභය තමයි ලංකා ඉතිහාසයේ ලොකුම පාවාදීම කළේ
2024 අප්‍රේල් මස 26 9 0

රටේ දේශපාලන තත්ත්වය පිළිබඳව හා අනාගත ක්‍රියාමාර්ග ගැන විමසමින් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා සමග කළ සාකච්


රට විකුණන්න කලින් දෙසැරයක් හිතන්න
2024 අප්‍රේල් මස 10 1083 7

මේ රට කාගේවත් පෞද්ගලික බූදලයක්, පෞද්ගලික කොම්පැනියක් හෝ පවුලේ දේපළක් කියා විශ්වාසයෙන් කටයුතු නොකරන්නැයි අනතුරු අගවන බව නිදහස ජනතා සභාවේ නායක පාර්ලිම


ආර්ථික අර්බුදයට වගකිවයුත්තේ දේශපාලනඥයන් පමණක් නෙවෙයි
2024 අප්‍රේල් මස 01 61 0

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි මැතිවරණ සූදානම කෙබඳුද? මේ ඒ ගැන විමසමින් එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවි කරුණානායක මහත සමග කළ සාකච්ඡාවකි.


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන්න බෑ ඒක මිථ්‍යාවක්
2024 මාර්තු මස 19 448 0

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගත් දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සම


ජනපතිවරණයට කලින් මහ ඡන්දය තැබිය යුතුමයි
2024 මාර්තු මස 19 936 0

ඇමෙරිකාවේ මාස කිහිපයක් ගත කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රෝහණ රාජපක්ෂ මහතා ඉකුත්දා මෙරටට පැමිණියේය. මේ ඒ මහතාගේ පැමිණීමෙන් පසු ශ්‍රී ලා


මහ බැංකුව වැටුප් වැඩිකර නොගත්තා නම් හොඳයි
2024 පෙබරවාරි මස 26 91 0

මහ බැංකු නිලධාරීන් සිය වැටුප සියයට 70 කින් වැඩිකර ගැනීම සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්‍රයේත් සමාජයෙත් දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. මේ ඒ ගැනත් නව දේශපාලන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1732 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site