(දයාරත්න ඇඹෝගම)
ශ්‍රි ලංකා නිදහස් පක්ෂය අනුරාධපුර ගල්නෑව ප්‍රාදේශීය සභාව සදහා නාමයෝජනා අද(14) අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි සහකාර මැතිවරණ කොමසාරිස් අසංක රත්නායක මහතා ඉදිරියේ බාර දුන්නේය.
අනුරාධපුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේදී ගල්නෑව නාමයෝජනා පත්‍රය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා විසින් ගල්නෑව ප්‍රාදේශිය සභාවේ කණ්ඩායම් නායක අනුරාධපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ආර්.බී ඥානතිලක මහතා වෙත භාර කෙරුණු අතර, ආර්.බී ඥානතිලක මහතා හා අනුරාධපුර නැගෙනහිර ආසන සම සංවිධායක නීතීඥ ප්‍රේමසිරි හෙට්ටිආරච්චි යන මහත්වරු අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිහිටි මැතිවරණ කාර්යාලය වෙත නාමයෝජනා පත්‍ර භාර දුන්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd