
(ජයන්ත සමරකෝන්)
වැලිකඩ බන්ධනාගාරයේ බේකරි නිෂ්පාදන අලෙවිසලේ තිබෙන ඇතැම් කෙටිකෑම වර්ග හොරපාරෙන් බන්ධනාගාර නිලධාරීන්ගේ නිල නිවාසවලට සැපයෙන බව බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කරයි.
ඇතැම් නිලධාරීන්ගේ නිවාසවලට දිනපතාම පාහේ නොමිලේ කෙටි ආහාර වර්ග සැපයීමට සිදුවීම නිසා අලෙවිසලේ ආදායමට විශාල පාඩුවක් සිදුවන අතර එම පාඩුව පියවා ගැනීම සඳහා එම කෙටි ආහාර වර්ගවල මිල ඉහළ නැංවීමට පවා සිදුව තිබෙන බවද පැවසේ.
ඊට අමතරව එම කෙටි ආහාර නිෂ්පාදනයෙන් පසුව අලෙවිසලට යැවීමට පෙර ප්‍රමිතීන් පරීක්ෂාකිරීමට යැයි පවසමින් සාම්පල් තැටි 10 ක් පමණ නිලධාරින් වෙත යැවෙන බවද සඳහන් වේ. එම එක් සාම්පල් තැටියකට රුපියල් 300 ක පමණ වටිනාකමින් යුත් කෙටි ආහාර වර්ග ඇතුළත් වෙන බවද සඳහන් වේ.
සිරකරුවන්ට අවශ්‍ය පාන් බනිස් ආදිය බන්ධනාගාර බේකරිය මගින් සැපයෙන අතර ඇතැම් කෑම වර්ග විකිණීමෙන් ලැබෙන ආදායම රජයේ අරමුදලට බැරකිරීම ප්‍රතිපත්තිය වේ.
2025 දෙසැම්බර් මස 16
57
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
853
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
612
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වැලිකඩ ලොක්කෝ බේකරි කෑම හොරෙන් කාලා