(ප්‍රසන්න පත්මසිරි)
බදුල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 11කට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාමයෝජනා බදුල්ල දිස්ත්‍රික් ලේකම් තේරිම්බාර නිලධාරි නිමල් අබේසිංහ මහතා වෙත බාරදීම අද (11) සිදු විය.
ඌව මහ ඇමැති චාමර සම්පත් දසනායක මහතා විසින් නාමයෝජනා බාරදීම සිදුකරන ලදී.
ලුණුගල, ඇල්ල, බදුල්ල, හල්දුම්මුල්ල, මිගහකිවුල, කන්දකැටිය, ස්වරණාතොට යන ප්‍රාදේශිය සභා වලට සහ බදුල්ල මහ නගර සභාව හා හපුතලේ නගර සභාව යන කොට්ඨාස වලින් නාමයෝජනා බාර දිම සිදුකැරිණි.
ප්‍රවාහන ඇමැති නිමල් සිරිපාල, විද්‍යා හා තාක්ෂණ ඇමැති ලක්ෂමන් සෙනවිරත්න යන මහත්වරු එක්වුහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd