නාලක සංජීව දහනායක
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයගත් මහ නගර සභා,නගර සභා හා ප‍්‍රාදේශීය සභා සඳහා නගරාධිපතිවරුන්, උපනගරාධිපතිවරුන්, සභාපතිවරුන් හා උපසභාපතිවරුන් පත් කිරීමේදී මීට පෙර එම තනතුරු හෙබවූ පුද්ගලයන්ට ප‍්‍රමුඛතාවය දීමට එම පෙරමුණ තීරණය කර තිබේ.
ඔවුන්ට එම තනතුරු ලබාදීමේදී දේශපාලන පළපුරුද්ද, නායකත්වයේ හැකියාව හා ජනාධිපතිවරණ පරාජයෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ දේශපාලනය කිරීම ආදී නිර්ණායකයන් කිහිපයක් පිළිබඳව සළකා බැලූබව පොදුජන පෙරමුණේ ප‍්‍රකාශකයකු පැවසීය.
කොට්ඨාශ මට්ටමින් වැඩිම ඡන්ද ප‍්‍රතිශතයක් ලබාගත් අපේක්‍ෂකයන්ට තනතුරු ලබාදිය යුතු බවට යෝජනාවී තිබීම හේතුවෙන් ගැටලූකාරී තත්ත්වයක් හටගෙන තිබිණි. එම ගැටලූකාරී තත්ත්වයන් විසදීම සඳහා පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමල් රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කමිටුවක්ද පත්කිරීමට පොදුජන පෙරමුණ තීරණය කළේය.
මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට ආයතන 239 ජය හිමිවූ අතර ඒ ආයතනවල බලය මීට පෙර එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිව තිබුණි. එම ආයතනවල හිටපු සභාපතිවරුන් මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ මැතිවරණයට ඉදිරිපත්ව ජය අත්කර ගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක හොඳයි. නවත්වපු තැනින් ගසා කෑම පටන් ගන්න පුළුවන්. පස් ලොරි, වැලි ලොරි වලින් කප්පම් ගැනීම, වෙන්දේසි ඉඩම් අනුමත කිරීම්වලින් පගා ගැනීම අපේ සභාපතිතුමා ජයටම කරගෙන ගියානේ...
"මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ දේශපාලනය කිරීම" තවත් මොටද කතා? අපිට දෙවි සරණයි !! බැරි වුණු ඒවත් එක්ක අල්ලයි... වැඩ දන්නවනේ !!!
තාම පාඩමක් ඉගෙනගෙන නැ.
අපේ ගමේ අය පොහොට්ටුවට ඡන්දය දුන්නේ පර්මිට් නැතිව ගස් කපන්න, වැලි අදින්න, පස් කපන්න, අනවසර ඉදිකිරීම් කරන්න පොහොට්ටුවෙන් පත්වෙන සභාපතිතුමා අවසර දෙන නිසාලු...... ගමට බුදු සරණයි......
ඔව් අර උත්සව පවත්වපු මිනිස්සු... සංචාරකයා මරල ඔහුගේ බිරිඳට අතවර කරපු පුද්ගලයින්, පස් මුදලාලිලා හැමෝම නැවත පත්කර ගනිමු. පසුගිය ඡන්දේදි මහින්ද මහත්මයා පරාද වුනේ මේ පුද්ගලයින්ගේ කල්ක්‍රියාව සාධකයක් විදිහට ජනතාව කල්පනා කිරීම නිසා බව අමතක කරන්න එපා. කරුණාකර උගත්, බුද්ධිමත්, පෙර වැරදි නැති අවංක පුද්ගලයන් පත්කරන්න. මේ පාර මිනිස්සු පොහොට්ටුවට ඡන්දෙ දුන්නේ යුද්ධය දිනපු එකට මහින්ද මහත්මයට ගරු කිරීමත්, දැනට තිබෙන ආණ්ඩුව ඡන්ද පොරොන්දු ඉටු නොකිරීමත් නිසාය. නැතුව පරණ හොරු රැළ බලයට ගෙන එන්න නොවේ.
ඒ දේ කරන්න එපා. හලාවත ප්‍රාදේශීය සබාවේ කලින් හිටපු උප සබාපති මේ සැරේ තුන් වෙනියා. ඊට වඩා හොද කෙනෙක් ඉන්නවා පාරිස් කියල. එයාව සබාපති කරන්න. එයා හොදයි. ලොකු සේවයක් කරපු කෙනෙක්. වසර 20ක් දේශපාලනේ කරපු කෙනෙක්.