(නිමල කොඩිතුවක්කු)
ඉදිරි පළාත් පාළන මැතිවරණයෙන් පසු ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගන්නා බව කම්කරු වෘත්තීය සමිති සබඳතා සහ සබරගමුව සංවර්ධන අමාත්‍ය ඩබ් ඩී ජේ සෙනෙවිරත්න මහතා ලංකාදීපයට අද(24) පැවසීය.
පළාත් පාළන මැතිවරණයේ කටයුතු අවසන් වූ විගස ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රුස්වී තවදුරටත් ජාතික ආණ්ඩුවේ සිටිනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණය කරන බවද අමාත්‍යවරයා කියා සිටියේය.
දෙසැම්බර් 31 වනදාට පෙර මේ සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට නියමිතව තිබුණද පළාත් පාළන මැතිවරණයට මුලික අවධානය යොමු කිරීම හේතුවෙන් ඒ පිළිබඳ තීන්දුවක් ගැනීම පසුවට කල්තැබූ බවද ඔහු පැවසීය.
ජාතික ආණ්ඩුවේ සිටින ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන්ට දෙසැම්බර් 31 වනතෙක් ආණ්ඩුවේ රුදී සිටින ලෙසත් ඉන්පසුව තීන්දුවක් ගන්නා බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මෙයට පෙර ප්‍රකාශ කර තිබිණි.
COMMENTS
මොකද පැණි වරකාවට කොල්ලෝ කුරුට්ටෝ අලවංගුවෙන් වත් ගහලද?
ඇස්බැස්ටෝස් තහනම, පොලිතින් තහනම , ඡන්දෙට කලින් පසුගිය ආණ්ඩුවේ සිටි හොරුන්ට දඩුවම් කිරීමට ගත්ත තීන්දුව , ශ්‍රීලනිපයේ විනය කඩන සාමාජිකයන්ට දඩුවම් කිරීමට ගත් තීන්දු වගේ සිරිසේන මහතය ගත්ත කලින් තීන්දු වගේ මේ තීන්දුවත් අර අධිකරණයේ තිබෙන ඉඩම් නඩු වගේ දින නියමයක් නොමැතිව කල් යනවා සිංහල ප්‍රස්ත පිරුලක් තිබෙනවානේ " බාලගිරි දෝෂය අද නො වේ හෙට " කියලා.
ඔබතුමාලා දේශපාලනයෙන් සමුගත්ත දවසට රටට හොදකලක් උදා වේවි..........
පළාත් පාලන ඡන්දෙන් පස්සේ පළාත් සභා ඊට පස්සේ මහා මැතිවරණෙන් ඊට පස්සේ ජනාධිපතිවරණය..... කාවද මේ රවටන්න හදන්නේ.... ඇත්තටම පිස්සු.
අපිට නම් දැන් කා ගැනවත් බලාපොරොත්තුවක් නැහැ. අපි ලොකු බලාපොරොත්තු තියාගෙන සිටියා මේ සමගි ජාතික රජය ගැන. දැන් නම් ඒ සැම දෙයක්ම සෝදා පාලුවට ලක්වෙලා. දැන් නම් කවුරු ආණ්ඩු හැදුවත් අපිට තව බලාපොරොත්තු වෙන්න කිසිවක් ඉතිරි වී නැත.
ඔබතුමා ඇතුළු පාර්ලිමේන්තු සගයන් ගෙන් වැඩි හරියක් දැනට දශක කිහිපයක් සිට පාර්ලිමේන්තු මන්ත්‍රීකම්, ඇමතිකම් දරණවා නමුත් රටේ ආර්ථිකය අවුරුද්දෙන් අවුරුද්ද පිරිහෙනවා , මොන ආණ්ඩු හැදුවත් අන්තිමට එහි ලොකු පුටුවල ඉන්නේ ඔබතුමා වැනි පුද්ගලයන් නම් රටේ ප්‍රගතියක් බලාපොරොත්තු විය නොහැක.......තරුණ කාලෙ කරන්න බැරිවුණා වැඩ හැට පැන්නට පස්සේ කරන්න බැරිය. ආණ්ඩුවේ නම වෙනස් වුනාට එකේ තිබෙන්නේ පරණ ඔළුගෙඩි ටික නම් පලක් නැත කරුණාකර විශ්‍රාම යන්න..........
2020 වෙනකල් මෙයාලට බාලගිරිදොසේ.........කවුද අප්පා අකමැති වරදාන වරප්‍රසාද අතාරින්න ..........මහජන බදු මුදල්වලින් සුරසැප විඳින්නෝ
ශ්‍රී ල නි ප , එජාප , ඒකාබද්ද විපක්ෂය යන කණ්ඩායම් තුනම පසුගිය අවරුදු 2 1/2 ම ගතකලේ තම දේශපාලන බලය සහ තම අදායම් මාර්ග රැකගැනීමටය . ඔවුන් ජනතාව මුලා කරන්න බොරු දේශප්‍රේමයක් මවා පාමින් සුරඟන කතා කිවුවට අපි රැවටෙන්න නරකය , කාලයක් විපක්ෂයේත් , කාලයක් පාලන පක්ෂයේ භූමිකාව රඟපෑවත් එකම නළුවන් බව අප පිළිගත යුතුය , ඔවුන් ගෙන් 90% දේශපාලනයට පැමිණෙන කොට තිබුන දෙපලත් දැන් තිබෙන දෙපලත් සන්සන්ධනය කරනකොට පරතරය ඩොලර් කොටි කිහිපයක් බව පැහැදිලිව පෙනෙනු ඇත .
ඉස්සර එක ජෝන් බාස් කෙනෙක් විපක්ෂේ ඉන්න කොට අනිත් ජෝන් බාස් පාලක පක්ෂේ සිටියේය , දැන් ජෝන් බාස්ල දෙන්නම කැබිනෙට්ටුවේ සිට රට පාලනය කරති , එම නිසා මුළු රටම "ජෝන් බාස්ට " ගොස් ඇත.
ලංකාවේ දේශපාලනය කරපු අය තමන්ට යමක් කරගත්ත මිසක් රටට කලේ මොනවාද ? අන්තිමට අවසාන මොහොත වනවිට, පක්ෂ පාට නොබලා රට ගැන හිතමු කියල නේද බොහෝ දෙනෙක් පාරට බැස්සේ ? කොහොම හරි බලන්නේ ඡන්දය ගන්න විතරයි. මේ රටට සියලු දෙවි පිහිටයි!
ඒ පැත්තට හැරුණොත් එහාට පනිනවා. මේ පැත්තට පෙරළුනොත් මෙහාට වෙලා ඉන්නවා. කොහොම හරි මහීපාල එක්ක බිස්නස් එක කරගෙන යන්න බලය විතරයි... ඕනේ නැද්ද මම අහන්නේ?
මේ දේශපාලකයෝ ඔක්කෝම කරන්නේ උන්ගේ ජාමේ බේරගන්න එකයි... රටට හෙණ ගහලා ගියත් කමක් නැහැ.. හරියට වැඩක් කරන්නත් බැහැ...රට දියිණු නොවී එකතැන පල් වෙනවා......මේ අයට ප්‍රතිපතිතියක් නැහැ.. ඡන්දේ තිබිබට පස්සේ පක්ෂ එකතු කරන්න වැඩේ ඇත්තටම.... ඡන්ද දායකයන්ව රුවටීමක්...
රටට මොක වුනත් මොකෝ, අපේ හතරවරිගයට වැඩක් වෙනවනම්. කන්න ලැබෙනවනම් බොන්න ලැබෙනවනම් තව මොනවද ඕන කියන්නේ.