(විනීතා එම් ගමගේ)
යහපාලන ආණ්ඩුවෙන් ඉවත්වන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බලකර කියා සිටීමට ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ විධායක සභාව ඒකමතිකව තීරණය කර ඇත.
මෙම තීරණය ගත් බව ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර මහතා පැවැසීය.
පවතින දේශපාලන වාතාවරණය අනුව පක්ෂයේ ඡන්ද පදනම සීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතිතැයි පෙනී යන බවත් ඊට ප‍්‍රධාන හේතුව යහපාලන ආණ්ඩුව ගැන ජනතාවගේ ඇති කළකිරීම බවත් පෙනී යන බැවින් විධායක සභාවේ දී මෙම යෝජනාව සම්මත කර ගෙන ඇතැයි ද දේවේන්ද්‍ර මහතා පැවැසීය.
මේ තත්ත්වය යටතේ හානිය සිදුවන්නේ පක්ෂයට යැයි ද හෙතෙම තවදුරටත් ප‍්‍රකාශ කළේය.
ඉදිරි දෙවසර ආණ්ඩුවෙන් ඉවත් වී කැමති කෙනෙකුට ආණ්ඩුව කරගෙන යන්නට ඉඩ දෙන්නැයි තම සංගමය පක්ෂයේ ඉහළට යෝජනා කරන බව ද ලේකම්වරයා සඳහන් කළේය.
මේ පිළිබඳව පක්ෂයේ ප‍්‍රතිචාර දෙස බලා ඉදිරි තීරණ ගන්නා බවත් පක්ෂයේ හෙට දවස වෙනුවෙන් දැඩි තීරණ ගන්නට වුවද නොපැකිළෙන බවත් දේවේන්ද්‍ර මහතා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකනේ මහත්තයෝ, වරද තියෙන්නේ රජයේ නොවෙයි. ඔබතුමාගේ පක්ෂයේ ඉහලම සිට පහලට යනකන් ඉන්න අයගේ අනවශ්‍ය කතා නිසා තමයි ඡන්ද නොවැටුණේ.
දූෂණ, වංචා බල බලා වාසි තකා හිටිය කට්ටියට අවශ්‍ය වන්නේ මුදල් පමණයි. රටෙන් වැඩක් නැහැ. දැන් මේ කරන්නේ රඟපෑමක්... ආයේ පරණ ක්‍රමයට යන්න. පරණ වංචා වහන්න ජනතාව නොමග යවනවා.