අමල් වික්‍රමරත්න
පළාත් පාලන මැතිවරණය සදහා ගාල්ල දිස්ත්‍රික්කයේ පැවැත්වෙන පළාත් පාලන ආයතන 5 සඳහා නාම යෝජනා භාර ගැනීම අද(14) අවසන් කෙරුණු අතර එහිදී පිළිගත් දේශපාලන පක්‍ෂ හයකින් සහ ස්වාධීන කණ්ඩායම් හතරකින් නාම යෝජනා ඉදිරිපත් කර තිබිණි.
එක්සත් ජනතා නිදහස් සංධානය, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජනතා නිදහස් පෙරමුණ සහ ජාතික ජනතා පක්ෂය යන පිළිගත් දේශපාලන පක්‍ෂ ගාල්ල දිස්ත්‍රික්කය සදහා නාම යෝජනා භාර දී තිබිණි.
අම්බලන්ගොඩ නගර සභාව, හික්කඩුව නගර සභාව, නෙළුව බලපිටිය සහ අක්මීමන යන පළාත් පාලන ආයතන සදහා එම දේශපාලන පක්‍ෂ සහ ස්වාධීන කණ්ඩායම් ඇතුළු කණ්ඩායම් 10ක් මෙවර ගාල්ල දිස්ත්‍රික්කය සදහා තරග වැද සිටී.
එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ මැතිවරණය පැවැත්වෙන පළාත් පාලන ආයතන පහටම තරග කරන අතර එක්සත් ජනතා නිදහස් පෙරමුන අක්මීමන ප්‍රාදේශීය සභාව හැර සෙසු පළාත් පාලන ආයතන සදහා තරග කරයි.
මේ අතර ජාතික ජනතා පක්ෂය මැතිවරණ පැවැත්වෙන පළාත් පාලන ආයතන පහෙන් නෙළුව ප්‍රාදේශීය සභාවට පමණක් තරග කිරීමට අපේක්ෂකයන් ඉදිරිපත්කර ඇත.
මෙයට අමතරව අක්මීමන ප්‍රාදේශීය සභාව සහ බලපිටිය ප්‍රාදේශීය සභාවට ස්වාධීන කණ්ඩායම් දෙක බැගින් කණ්ඩායම් හතරක්ද තරග වැදීමට නාමයෝජනා භාරදී ඇත.
නාමයෝජනා අවසන්වීමෙන් පසුව විරෝධතා දැක්වීමේදී අමබලන්ගොඩ නගර සභාවට විරෝධතා දෙකක්ද , හික්කඩුව නගර සභාවට විරෝධතා තුනක්ද, බලපිටිය සහ නෙළුව ප්‍රාදේශීය සභාවට විරෝධතා 07 බැගින්ද, අක්මීමන ප්‍රාදේශීය සභාවට විරෝධතා 4 ක්ද විවිධ පාර්ශව විසින් ඉදිරිපත් කර තිබු අතර මැතිවරණ නීති රීති යටතේ ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී එස්.ටි කොඩිකාර මහතා ඒවා ප්‍රතික්ෂේප කරනු ලැබීය. ඒ අනුව ඉදිරිපත් කරනු ලැබූ සියලුම නාමයෝජනා පිළිගැනීමට ලක්විය.
2025 නොවැම්බර් මස 21
39
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
148
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1001
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ගාල්ලේ විරෝධතා ප්‍රතික්ෂේප වෙයි