IMG-LOGO

2025 නොවැම්බර් මස 24 වන සඳුදා


අලියා වැටිලා තැලුණු කාර් එකෙන් අම්මයි-දුවයි බේරැණු හැටි

 

මේ දිනවල රජරටට බලපා ඇති දැඩි නියඟය හේතුවෙන් වනඅලින් ආහාර හා ජලය සොයා යෑම නිසා අනුරාධපුර පාදෙණිය ප්‍රධාන මාර්ගයේ තලාව මොරගොඩ ප්‍රදේශය හා අඹන්පොළ ගල්ගමුව අතර කොටස නිතරන්තරයෙන් වනඅලි ගැවසෙන ප්‍රදේශයක් බවට පත්ව තිබේ. මෙම ප්‍රදේශවල විදුලි වැටක් සවිකර තිබුණද, වනඅලි රංචු පිටින් පැමිණ අලිවැටවල් කඩා දමමින් ප්‍රධාන මාර්ගයට ඇතුළු වන අතර, පසුගිය කාලය පුරා වනඅලින්ගේ පහර දීම්වලට ලක්ව එම ප්‍රදේශවල ගම්වැසියන් විස්සකට වැඩිප්‍රමාණයක් පසුගිය කාලය පුරා ජීවිතක්ෂයට පත්ව ඇතැයි ගම්වැසියෝ පැවසූහ.   


එමෙන්ම එම මාර්ගයේ ගමන් ගන්නා බස්රථ, යතුරු පැදි, මෝටර් රථ ඇතුළු රථවාහන බොහෝමයකට වනඅලි පහරදීමේ හා එම වාහන වනඅලින්ගේ ගැටී අනතුරට ලක්වන අවස්ථා ද පසුගිය කාලය පුරා සුලබව වාර්තා විය.   


පසුගිය 12 දා ගැබිනි ගුරුවරියක් තම වයස අවුරුදු තුනහමාරක කුඩා දරුවා සමඟ මෝටර් රථයෙන් ගමන් කරමින් සිටිය දී අලුයම 5.45ට පමණ මාර්ගය හරහා ගමන් කළ වනඅලියකුගේ ගැටී එම වනඅලියා ඔවුන් ගමන්ගත් මෝටර් රථය මතට ඇද වැටී එම රථය පෙරළී යාම මීට ආසන්නම සිදුවීමය. මෙම අනතුර තලාව - මොරගොඩ ප්‍රදේශයේ තේක්ක රක්‍ෂිතය අසල දී සිදුව තිබුණි.   


මෝටර් රථය මතට සද්ධන්ත වනඅලියා ඇද වැටීම හේතුවෙන්, එම රථයේ වර්ගය පවා හඳුනා ගැනීමට අපහසු වන සේ තැලී, පොඩි වී ගොස් තිබුණි. බැලූ බැල්මට රථයේ ගමන් කළ කිසිවෙකුගේ හෝ ජීවිත බේරී ඇතැයි සිතීමටවත් නොහැකි තරම්ය.   


විශාල ශබ්දයක් නඟමින් මෙම අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථය මතට ඇද වැටුණු අලියා සැණෙකින් නැගිට කෑ ගසමින් කැළයට දිව ගොස් ඇති අයුරු අසල්වැසියකු තම ජංගම දුරකථනයෙන් පටිගත කරගෙන ද තිබුණි. එක් අතකට පෙරළී ගිය මෝටර් රථයෙන් කෑ ගැසිල්ලක් ඇසී ප්‍රදේශවාසීන් ඒ දෙසට දිව ගොස් මහත් පරිශ්‍රමයක් දරා රථය සෙමෙන් හරි අතට පෙරළා, සිරවී සිටි මව හා කුඩා දරුවා එළියට ගෙන තිබේ. ගල්නෑව මධ්‍ය විද්‍යාලයේ ගුරුවරියක වන අනෝමා වික්‍රමසිංහ (33) නමැති අය හා ඇගේ වයස අවුරුදු තුනහමාරක් වූ උමේලි අකේන්‍යා යන දැරිය ද මෝටර් රථය තුළ සිට ඇත. එම දැරිය මෝටර් රථයේ පිටුපස අසුනේ නිදි කරවා ගෙන තඹුත්තේගම පිහිටි මවගේ නිවසට යමින් සිටිය දී මෙම බිහිසුණු අනතුරට මුහුණ පා තිබේ.   


මෝටර් රථයට බරපතළ හානි සිදුව විනාශ වී තිබුණත්, රථයේ සිරවී සිට, එළීයට ගත් එම ගැබිනි ගුරු මාතාවට හා ඇගේ දරුවාට කිසිදු තුවාලයක් නොතිබූ බව කළ සොයා බැලීමේ දී දැන ගන්නට ලැබුණ බවත්, සිරීම් තුවාලයක් හෝ නොමැතිව එම ජීවිත බේරුණේ හාස්කමකට යැයි ප්‍රදේශවාසීහු පවසති.   


කෙසේ වෙතත්, මව සහ දරුවා කම්පනයට ලක්ව තිබීම හේතුවෙන් රෝහල්ගත කිරීමට ප්‍රදේශවාසීන් කටයුතු කර තිබුණි.   
එම ගුරුවරිය මුහුණ පෑ බිහිසුණු අත්දැකීම පිළිබඳව විමසා බැලීම සඳහා ඇය පදිංචිව සිටින අනුරාධපුර නව නගර දුම්රියපොළ අසල විමුක්ති මාවතේ පදිංචිව සිටින ඇගේ සැමියා වන අනුරාධපුර ශාන්ත ජෝශප් විද්‍යාලයේ ගුරුවරයෙකු වන ඉෂාන් සංජීව මහතා (33) සඳහන් කළේ තම බිරිඳ දරුවා සිටි කොටසේ මෝටර් රථයේ වහලය පහත වේයැයි බියෙන් අත් දෙකෙන් වහළය ඔසවා තැබීමට ගිය අවස්ථාවේ දී මස්පිඬු ඇදීමකට ලක්ව අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවය.   


අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන ගැබිනි ගුරු මාතාව වන අනෝමා වික්‍රමසිංහ බිහිසුණු අත්දැකීම පිළිබඳව මෙසේ විස්තර කළාය.   


මා සෑම සඳුද‌ා දිනකම දරුවා සමඟ අනුරාධපුරයේ සිට තඹුත්තේගමට මෝටර් රථයේ ගොස්, දරුවා මවගේ ගෙදර නවතා තඹුත්තේගම සිට බස් රථයකින් ගල්නෑවට ගමන් කරනවා. අනෙක් දිනවල දරුවා අනුරාධපුරයේ පෙර පාසලට සැමියා රැගෙන යනවා. 12 වැනිද‌ා සඳුද‌ා දිනයක් වූ නිසා දරුවා සමගින් තඹුත්තේගමට යන්න පිටත් වූවා. වෙනද‌ා අනුරාධපුරයෙන් අලුයම 05ට පිටත් වූවත්, සිද්ධිය වූ දින මෝටර් රථයේ ඉන්ධන නොමැති වීම නිසා මදක් පරක්කු වූවා.   


රථය මොරගොඩ ප්‍රදේශයේ වතුර ටැංකිය පසු කරනවාත් සමඟම එකවරම මාර්ගය අයිනේ සිට මාර්ගය දෙසට පැමිණි අලියකුගේ හැපුණා. ඉන් පසු අලියා රථය උඩට ඇද වැටුණා. එම ඇදවැටීම නිසා පාලනය කර ගැනීමට නොහැකි වූ රථය එක් අතකට පෙරළී ගියා. පසුව බියට පත් වූ මා හට මුලින්ම මතක් වූයේ පිටුපස අසුනේ සිටින මාගේ දරුවා. මෝටර් රථයේ නළාව ශබ්ද කරගෙනම සිටි නිසා අලියා කැළයට දිව ගියා. පසුව ප්‍රදේශවාසීන් පැමිණ මහත් පරිශ්‍රමයක් දරා දරුවා සමඟ මා එළියට ගත්තා. පසුව දැන ගත්තා අලි හය දෙනෙකුගෙන් පමණ වන රංචුවක් ඒ අසල සිටි බව. ප්‍රදේශවාසී සියලු දෙනාට ස්තුති කිරීමට මා මෙය අවස්ථාවක් කර ගන්නවා. මස් පිඬු ආබාධයකට ලක්වීම නිසා මාස දෙකක් පමණ දරුවා ලැබෙන තෙක් එක් තැන්ව සිටින ලෙස වෛද්‍ය උපදෙස් ලබා දී තිබෙනවා. මා ගල්නෑව විද්‍යාලයේ උසස් පෙළ ළමුන් හට තොරතුරු හා සන්නිවේදන තක්ෂණය විෂය උගන්වනවා.

අමතර ගුරුවරයෙකුද එම විෂයට විද්‍යාලයේ නොමැති නිසා මා හට තිබෙන ලොකුම ගැටලුව තමයි තව මාස දෙකකින් උසස් පෙළ විභාගයට මුහුණ දෙන සිසු දරුවන්ගේ විෂය ආවරණය කිරීම. ළමයි ගෙදරට ගෙන්වාගෙන හරි එම විෂය ධාරාවේ ඉතිරි කොටස් ඉගැන්වීමට කටයුතු කරනවා යැයි ඇය පැවසුවාය.  

සටහන ඡායාරෑප 
අනුරාධපුර චතුරංග
 සඳරැස්ගම)   

 



අදහස් (0)

අලියා වැටිලා තැලුණු කාර් එකෙන් අම්මයි-දුවයි බේරැණු හැටි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 67 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 167 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1018 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site