(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවේ ණය අර් බුදය විසඳීම සඳහා ඉටුකළ  යුතු  වැඩ කොටස ඉටු කිරීමට ජපානය සූදානම් වුවත් චීනය සහ ඉන්දියාව වැනි ශ්‍රී ලංකාවේ අනෙකුත් ණය හිමියන්ද ශ්‍රී ලංකාවේ ණය ප්‍රශ්නය විසඳීම සඳහා තම තමාගේ වැඩ කොටස ඉටුකළ යුතු බව ජපාන මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි මහතා පැවසුවේය.

ජපාන මුදල් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ  ආසියානු සංවර් ධන බැංකුවේ මහ බැංකු අධිපතිවරුන්ගේ වාර් ෂික සමුළුවට සහභාගීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ජපාන මුදල් අමාත්‍යවරයා මෙම අදහස් දක්වා සිටියේ ඊ (29) ජනපති රනිල් වික්‍රමසිංහ සමඟ  සාකච්ඡාවකින් අනතුරුව වීමත් විශේෂත්වයකි.

ඉකුත් බ්‍රහස්පතින්දා පැවති රැස්වීමේදී ණය හිමියන්ගේ සහයෝගය ලබා ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු සපයන ලෙසත්, චීනය, ඉන්දියාව සහ අනෙකුත් ණය හිමියන් සම්බන්ධ කර ගැනීමට ශ්‍රී ලංකාව ස්ව උත්සාහයක් ගත යුතු බවත් තමා ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටි බව සුසුකි මහතා පැවසුවේය.

එය මෙම ක්‍රියාවලියේ පාරදෘෂ්‍යභාවයට වැදගත් වන බව ජපාන මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි මහතා අවධාරණය කර ඇත.

ශ්‍රී ලංකාව පූර් ව කොන්දේසි ඉටු කිරීමට සමත් වන්නේ නම් ජපානය සිය කාර් යභාරය ඉටු කිරීමට සුදානම් බව සුසුකි මහතා එහිදී ප්‍රකාශ කර ඇතත් පූර් ව කොන්දේසි මොනවා දැයි සඳහන් නොකළ බව ජපාන මාධ්‍ය වාර් තා කළේය.