
ඇමෙරිකාවේ පුරවැසිභාවය ලබා සිටින බැසිල් රාජපක්ෂ මහතාට පර්ලිමේන්තු මන්ත්‍රිධූරයක් හෝ අමාත්‍ය ධූරයක් දැරීමට නොහැකි බවට පවසමින් උලපනේ සුමංගල හිමියන් පවරා ඇති නඩුව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට නොතීසි බාර දෙන ලෙස පෙත්සම්කාර පාර්ශ්වයට අභියාචනාධිකරණය අද (12) නියම කළේය.
සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ යන මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේ අදාල නොතිසි බාර දෙන ලෙස පෙත්සම්කරුවන්ගේ පාර්ශවයට නියම කළේය.
මෙම පෙත්සම ලබන හත්වැනිදා යළි කැඳවීමට විනිසුරු මඩුල්ල නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩු තීන්දුව බොහෝවිට මෙහෙම වෙන්න ඉඩ තිබෙනවා. ‘‘චූදිතයා නිදොස් කොට නිදහස් කිරීමට මේ ගරු අධිකරණය ඒකමතිකව තීරණය කළා.‘‘ මල්වානේ හිමිකරුවකු නැති මන්දිරයේ ‘‘අහිමිකරුවූ‘‘ කෙනාට තව නඩු කීයකින් ‘‘සුදු‘‘ වුණාද කියා දන්නෝ දනිති... !!!
මේක බැසිල්ට එරෙහිව ගොනු කළ පුද්ගලික නඩුවක්. එහෙම නැතුව මුදල් අමාත්‍යංශයට එරෙහිව නොවේ. බලමු නීතිපති බැසිල් වෙනුවෙන් මේ නඩුවට පෙනී සිටිනවාද නැද්ද කියලා...?