ලක්මි කුඩලිගම) හදිසියේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා බදුරලිය ඉඟුරුදළුව කඳ ඇළ පිටාර ගලා පාලම යටව තිබියද ඒ මතින් ගමන් ගත් 53 හැවිරිදි පුද්ගලයකු දියේ ගසාගන ගොස් අතුරුදහන්ව ඇතැයි බදුරලිය පොලිසිය කියයි. බදුරලිය ,ඉඟුරුදළුව පදිංචි එම්.කේ.චන්ද්‍රදාස නැමති දෙදරු පියකු තම තේ ඉඩමේ සිට නිවස බලා යමින් සිටියදි මාර්ගය හරහා ගලා ගිය සැඩ පහරට හසුව මෙසේ අතුරුදහන්ව ඇතැයි ප්රදේශවාසිහු කියති. බදුරලිය පොලිසිය සහ ප්‍රදේශවාසින් රාත්‍රිය පුරා අතුරුදහන් පුද්ගලයා සොයා ඇති නමුත් අද(15) උදෑසන වනවිටත් ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් ලැබි නැත.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd