ඉරාකයේ බැග්ඩෑඩ් නුවර පිහිටි අන්තර්ජාතික ගුවන් තොටුපළකට එල්ල වූ රොකට් තුවක්කු ප්රහාරයකින් පුද්ගලයන් 8දෙනෙකු අද(03) මිය ගොස් තිබේ.
මෙම අවස්ථාවේදී ප්රහාර තුනක් ගුවන් තොටුපළට එල්ල වූ බව ඉරාක හමුදා ආරංචි මාර්ග ප්රකාශ කරයි.
ප්රහාරයෙන් මෝටර් රථ දෙකක්ද පිපිරී විනාශ වී තිබේ.
මේ අතර බැග්ඩෑඩ් නුවර පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය, එහි වෙසෙන ඇමෙරිකානුවන්ට ඉරාකයෙන් වහා ඉවත්වන්නැයි දැනුම් දී තිබේ.
ඉරාන සහ ඉරාකයේ ඉහළ පෙළේ නිලධාරීන් ඝාතනය කිරීමට ඇමෙරිකාව පියවර ගැනීම හේතුවෙන් ඔවුන් මෙම පියවර ගෙන ඇත.
(එන් ඩී ටී වී සහ ඒ එෆ් පී ඇසුරිනි)
16844
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකන්කාරයන් කොහෙට හරි ලෙඩක් දාලා වහාම ඉවත් වෙනවා.