(ඩයනා උදයංගනී)

පාසල් ළමුන් එන්නත්කරණය කිරීමත්, පාසල් ආරම්භ කිරීමත් සම්බන්ධ නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ තාක්ෂණික කමිටුවේ වාර්තා සැප්තැම්බර් මස 17 වැනි සිකුරාදා පැවැත්වෙන ජනාධිපති කාර්යසාධක බලකාය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

පාසල් නැවත ආරම්භ කිරීම සඳහා සෞඛ්‍ය නිර්ණායක සැකසීම සඳහා වූ තාක්ෂණික කමිටුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් අද රැස් වී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.

පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ අනුබද්ධව නිකුත් කළ යුතු තාක්ෂණික නිර්ණායක හා මාර්ගෝපදේශ සැකසීම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වය දරන තාක්ෂණික කමිටුව මගින් සිදුකෙරේ

පාසල් අධ්‍යාපන කටයුතු හා සම්බන්ධ ගුරුවරු, අනධ්‍යන කාර්ය මණ්ඩලය මෙන්ම පාසල් ප්‍රවාහනයට, ආපන ශාලාවලට සම්බන්ධ පිරිස් ඇතුලු පාසල් අධ්‍යාපන පරිපාලනයට සම්බන්ධ වයස අවුරුදු 20 ට වැඩි පිරිස් තම තමන්ගේ ප්‍රදේශ වලින් වහාම කොවිඩ් මර්දන එන්නත් ලබාගත යුතු බවත් එහිදී තීරණය වී ඇත.