
(ඩයනා උදයංගනී)
කුඩා ගැහැණු ළමුන්ගේ ඡායාරූප ඇතුළත් කරමින් පවත්වාගෙන ගිය ෆේස්බුක් පිටුවක් පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ජාතික ළමා රක්‍ෂක අධිකාරියේ සභාපති උදයකුමාර අමරසිංහ මහතා පැවසීය.
ජාතික ළමා රක්‍ෂක අධිකාරියේ 1929 ළමා උපකාරක දුරකතන සේවය වෙත ඉකුත් 13 වැනිදා ලැබුණු පැමිණිල්ලක් අනුව අධිකාරියේ ‘විමර්ශන හා අන්තර්ජාල ආවේක්‍ෂණ ඒකකය’ සහ ‘පොලිස් විමර්ශන ඒකකය’ එම ෆේස්බුක් ගිනුම පවත්වාගෙන යන සැකකරුගෙන් ප්‍රකාශයක් ද සටහන් කරගෙන ඇතැයි සභාපතිවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට දැනුම් දී මෙම ෆේස්බුක් ගිනුම අක්‍රීය කිරීමට ද අධිකාරිය පියවර ගත් බව සභාපතිවරයා කීවේය.
ජාතික ළමා රක්‍ෂක අධිකාරියේ පනතෙහි ඇති ප්‍රතිපාදන අනුව විමර්ශන නිලධාරීන් අදාළ සැකකරුගේ පරිශ්‍රයට ඇතුළු වී පරීක්‍ෂා කර බලා එහි තිබූ සැකකටයුතු උපකරණ කිහිපයක් ද අධිකාරිය භාරයට ගත් බව හෙතෙම පැවසීය.
මෙම විමර්ශන පිළිබඳව අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යන බවත්, ළමයින්ගේ ඡායාරූප යොදාගෙන පවත්වාගෙන යන තවත් ෆේස් බුක් පිටු පිළිබඳ තොරතුරු දන්නේ නම් ඒ පිළිබඳව 1929 ළමා උපකාරක දුරකතන සේවයට දැනුම් දෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලා සිටින බවත් උදයකුමාර අමරසිංහ මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd