IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


‘‘60ට වැඩි නම් අනිවාර්යයෙන්ම එන්නත් ගන්න‘‘

(විනීතා එම් ගමගේ)

කොවිඩ් 19 ආසාදිතව මිය ගිය පිරිස දෙස බලද්දී එහි අති බහුතරය අවුරුදු 60 ට වැඩි පුද්ගලයන් වන අතර එම පිරිස එන්නත ලබා නොගත් අය බව පෙනී යන බැවින් එන්නත ලබා ගැනීමට උනන්දු වන්නැයි අවුරුදු 60 ට වැඩි ජනතාවගෙන් හා ආබාධිත පුරවැසියන්ගෙන්, සෞඛ්‍ය අමාත්‍යංශයේ තරුණ වැඩිහිටි හා ආබාධිතවූවන් සඳහා වන ඒකකයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය දීපා විතාන මහත්මිය ඉල්ලීමක් කරයි.

මිය ගිය පිරිස ගෙන් සියයට 91 ක්ම එන්නත් ලබානොගත් අය වන අතර එයින් 78.5ක් අවුරුදු 60 ට වැඩි අය බව ද ඇය පෙන්වා දුන්නාය.

නිවසේ රැඳී සිටින නිසා එන්නත් අවශ්‍ය නොවන බව වැඩිහිටියන් හා ආබාධිත වූවන් කල්පනා කරන බවත් එහෙත් නිවසේ රැඳී සිටියත් නිවෙසේ සිටින අනෙක් අය නිවසින් පිටතට යන්නේ නම් අවදානම සියයට සියයක් පවතින බැවින් අනිවාර්යයෙන්ම ඔවුන් එන්නත් ලබා ගත යුතු යැයි ද ඇය කියා සිටියාය.

මේ මස 31 වැනිදා වනවිට මෙරට වැඩිහිටි ජනගහනය සියයට සියයක් එන්නත්කරණයට ලක් කර අවසන් කිරීමේ රජයේ ඉලක්කයට ලඟා වීම සඳහා මෙතෙක් එන්නත් නොකළ වැඩිහිටියන් හෝ ආබාධිත අයවලුන් සිටියි නම් ළඟම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට දන්වන්නැයි ද විතාන මහත්මිය ඉල්ලා සිටියාය.

පදිංචි ස්ථානය දැනුම් දීමෙන් පසු අවශ්‍යනම් නිවසට පැමීණ එන්නත් ලබා දීමට කටයුතු කරනු ඇතැයි පැවැසූ ඇය මේ වනවිට නිවසට ගොස් එන්නත් ලබා දීම ආරම්භ කර ඇතැයි ද කීවාය. ‌

 



අදහස් (2)

‘‘60ට වැඩි නම් අනිවාර්යයෙන්ම එන්නත් ගන්න‘‘

දෙවන එන්නත Thursday, 26 August 2021 09:33 PM

දෙවන එන්නතට දැනුම් දෙනව කිව්වා. නැති නිසා ගිහින් බැලුවම ඉවර වෙලා. ඒ ගොල්ලන්ට ටෙලිෆෝන් උත්තර දෙන්න අපහසු නිසා MOH කාර්යාලයෙ ෆේස් බුක් පණිවිඩ බැලුවත් මුකුත් නෑ. පැහැදිලිවම එන්නත් මිලියන එකයි දශම තුන දිස්ත්‍රික් සියල්ලටම දුන්නම දෙවන එන්නත ගන්න ඉන්න අයට මදි ඇති. රෝගය පැතිරීගන යන නිසා මේ පිළිබද හැටට වැඩි අයට තැති ගැන්මක් තියනවා. හැටට වැඩි අයට ගහ ගන්න කියල කිව්වාට යාන්ත්‍රණයෙ ගැටළුවක් තියනවා. උත්තර දෙන දුරකථන නැති එකයි ප්‍රශ්නෙ.

:       0       4

අබිලින් Friday, 27 August 2021 09:04 AM

එන්නත් ගන්න කියනවා. ඇහුවම ග්‍රාම නිලධාරී විමසන්න කියනවා .ග්‍රාම නිළධාරි දුරකථනය විසන්ධි කරගෙන ඉන්නවා .මොකක්ද කරන්න ඕන .කියලා දෙන්න

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 592 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site