(විනීතා එම් ගමගේ)
කොවිඩ් 19 ආසාදිතව මිය ගිය පිරිස දෙස බලද්දී එහි අති බහුතරය අවුරුදු 60 ට වැඩි පුද්ගලයන් වන අතර එම පිරිස එන්නත ලබා නොගත් අය බව පෙනී යන බැවින් එන්නත ලබා ගැනීමට උනන්දු වන්නැයි අවුරුදු 60 ට වැඩි ජනතාවගෙන් හා ආබාධිත පුරවැසියන්ගෙන්, සෞඛ්‍ය අමාත්‍යංශයේ තරුණ වැඩිහිටි හා ආබාධිතවූවන් සඳහා වන ඒකකයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය දීපා විතාන මහත්මිය ඉල්ලීමක් කරයි.
මිය ගිය පිරිස ගෙන් සියයට 91 ක්ම එන්නත් ලබානොගත් අය වන අතර එයින් 78.5ක් අවුරුදු 60 ට වැඩි අය බව ද ඇය පෙන්වා දුන්නාය.
නිවසේ රැඳී සිටින නිසා එන්නත් අවශ්‍ය නොවන බව වැඩිහිටියන් හා ආබාධිත වූවන් කල්පනා කරන බවත් එහෙත් නිවසේ රැඳී සිටියත් නිවෙසේ සිටින අනෙක් අය නිවසින් පිටතට යන්නේ නම් අවදානම සියයට සියයක් පවතින බැවින් අනිවාර්යයෙන්ම ඔවුන් එන්නත් ලබා ගත යුතු යැයි ද ඇය කියා සිටියාය.
මේ මස 31 වැනිදා වනවිට මෙරට වැඩිහිටි ජනගහනය සියයට සියයක් එන්නත්කරණයට ලක් කර අවසන් කිරීමේ රජයේ ඉලක්කයට ලඟා වීම සඳහා මෙතෙක් එන්නත් නොකළ වැඩිහිටියන් හෝ ආබාධිත අයවලුන් සිටියි නම් ළඟම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට දන්වන්නැයි ද විතාන මහත්මිය ඉල්ලා සිටියාය.
පදිංචි ස්ථානය දැනුම් දීමෙන් පසු අවශ්‍යනම් නිවසට පැමීණ එන්නත් ලබා දීමට කටයුතු කරනු ඇතැයි පැවැසූ ඇය මේ වනවිට නිවසට ගොස් එන්නත් ලබා දීම ආරම්භ කර ඇතැයි ද කීවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවන එන්නතට දැනුම් දෙනව කිව්වා. නැති නිසා ගිහින් බැලුවම ඉවර වෙලා. ඒ ගොල්ලන්ට ටෙලිෆෝන් උත්තර දෙන්න අපහසු නිසා MOH කාර්යාලයෙ ෆේස් බුක් පණිවිඩ බැලුවත් මුකුත් නෑ. පැහැදිලිවම එන්නත් මිලියන එකයි දශම තුන දිස්ත්‍රික් සියල්ලටම දුන්නම දෙවන එන්නත ගන්න ඉන්න අයට මදි ඇති. රෝගය පැතිරීගන යන නිසා මේ පිළිබද හැටට වැඩි අයට තැති ගැන්මක් තියනවා. හැටට වැඩි අයට ගහ ගන්න කියල කිව්වාට යාන්ත්‍රණයෙ ගැටළුවක් තියනවා. උත්තර දෙන දුරකථන නැති එකයි ප්‍රශ්නෙ.
එන්නත් ගන්න කියනවා. ඇහුවම ග්‍රාම නිලධාරී විමසන්න කියනවා .ග්‍රාම නිළධාරි දුරකථනය විසන්ධි කරගෙන ඉන්නවා .මොකක්ද කරන්න ඕන .කියලා දෙන්න