IMG-LOGO

2025 පෙබරවාරි මස 15 වන සෙනසුරාදා


‘‘5 ශ්‍රේණිය ඉංග්‍රීසි පෙළ පොතේ ඓතිහාසික උරුමයන් විකෘති කරලා ‘‘

(නාලක සංජීව දහනායක)

පසුගිය රජය මුද්‍රණය කර ඇති පහ ශ්‍රේණියේ ඉංග්‍රීසි පෙළ පොතේ පළාත් හඳුන්වාදීමේදී උතුරු හා නැගෙනහිර පළාත් වෙන් නොකොට එකම වර්ණයකින් වර්ණ ගන්වා තිබෙන බව ජාතික උරුමයන් සුරැකීමේ මහා සම්මේලනයේ කැඳවුම්කරු ජානක බෝධිනන්ද ගුණතිලක මහතා අද (25) පැවැසීය.

මේ ආකාරයට උතුරු හා නැගෙනහිර පළාත් එකම වර්ණයකින් වර්ණ ගන්වා හඳුන්වා තිබීම අනාගතයේදී රට විනාශ කිරීමේ මූලාරම්භය විය හැකි බවටද ඔහු චෝදනා කළේය.

කොළඹදී අද (25) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කර සිටියේ එම පෙළ පොතෙහි උතුරුමැද පළාතේ ළමයකු පාපන්දුවක් පාගාගෙන සිටින ආකාරයේ සිතුවමක් ඇතුළත් කර තිබෙන බවත් එමගින් දරුවාට රට පිළිබඳව අභිමානයක් ඇති නොවන බවත්ය.

උතුරුමැද පළාත හඳුන්වාදීමට එම ප‍්‍රදේශයේ ඓතිහාසික සිද්ධස්ථානයක ඡායාරූපයක් ඇතුළත් කළ යුතු බවත් ඔහු කිය.

මෙරට ජාතික උත්සව පිළිබඳව හඳුන්වාදීමේදී සිංහල හා හින්දු අලුත් අවුරුද්ද පිළිබඳව කිසිවක් ඇතුළත් කර නැති බවත් එය හිතා මතාම කළ බරපතළ වැරැද්දක් බවත් ඔහු චෝදනා කළේය.

රටේ ඓතිහාසික උරුමය විකෘති කරමින්, පළාත් පිළිබඳව වැරදි අවබෝධයක් ලබාදෙමින් පසුගිය ආණ්ඩුව මුද්‍රණය කර ඇති මෙම පහ ශ්‍රේණියේ ඉංග්‍රීසි පෙළ පොත අධ්‍යයනය කරන මෙන් වත්මන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් ජාතික උරුමයන් සුරැකීමේ මහා සම්මේලනය සඳහන් කළේය.

 



අදහස් (15)

‘‘5 ශ්‍රේණිය ඉංග්‍රීසි පෙළ පොතේ ඓතිහාසික උරුමයන් විකෘති කරලා ‘‘

Mahee Wednesday, 25 December 2019 03:45 PM

උතුර නැගෙනහිර එකම වර්ණයකින් තියන්න ඇත්තේ අනාගතය ගැන හිතලයි. මමත් කැමති යෝජනාවක් කරන්න. අර පාපන්දුව හැම පළාතක්ම ආවරණය කරන්න යෙදුවට කමක් නෑ, ඒ මොකද රටේම ඉන්න මිනිස්සුන්ට පයින් ගහන එකත් එහෙම කරලා බෝලෙ පාස් කරන එකත් හැම පළාතකටම ගැලපෙන හින්දා. උතුර, නැගෙනහිරට පුරාවස්තු පින්තූර ඇතුළත් කරමු..

:       62       128

arunaThursday, 26 December 2019 05:58 AM

මම අපේ දුවගේ පොත් පසුගිය කාලේ කියෙව්වා. ඒවා තනිකර ඊල‍ාම්වාදීන්ට ඕනෑ විදියට හදලා තියෙන්නේ. අපි ගෙදරදී හරිදේ කියලා දුන්නට හැමෝටම එ්ක කරන්න දැනුම නැහැ.

:       4       94

ranjith Wednesday, 25 December 2019 03:54 PM

මෙයාව පහේ පන්තියට දාන්න ඕනේ ඉස්සෙල්ලාම... ජාතික උත්සව නෙමෙයි, ආගමික උත්සව අස්සේ සිංහල අවුරුදු ගහන්නේ මොකටද?... සිංහල අවුරුදු කියන්නේ ජාතික උත්සවයක්..

:       133       154

Praba Wednesday, 25 December 2019 03:58 PM

අනේ එතුමා කියන වැරැද්ද හදන්න වහාම... අපේ ළමා පරපුර පටස් ගාලා ජාති හිතෛෂී වෙයි.

:       88       66

අසංක Wednesday, 25 December 2019 05:24 PM

ඉංග්‍රීසි පෙළ පොතෙහි උතුරු හා නැගෙනහිර පළාත් එකම වර්ණයකින් වර්ණ ගන්වා තිබීම මත ජාතිවාදය ගෙනහැර දැක්වීම පමණක් නොව ගුරුවරුන් පාසල් සිසුන්ගේ මව්පියන් පවා ප්‍රශ්නයක් නොවුණු පාසල් පොත්වල සඳහන් අධ්‍යාපන විශේෂඥයින් පවා අනුමත කල ඉගැන්වීමේ පාඩම සමහර හමුදුරුවන්හට ප්‍රශ්නයක් වූයේ මන්ද? මහජනයා මුලාකිරීම මොනතරම් පාපකර්මයක්ද?

:       245       190

Champa Wednesday, 25 December 2019 05:37 PM

අනිවාර්යයෙන්ම පහුගිය අවුරුදු 5 ඇතුළත මුද්‍රණය කරපු පාසල් පොත් වෙනස් කරන්න හෝ තහනම්ම කරන්න ඕනේ. උතුරු නැගෙනහිර පළාත් දෙක, දෙකක් නෙමෙයි එකක් විදිහට තමයි මේ 5 පොතෙන් කුඩා කාලෙම දරුවන්ගේ මනසට කාවදන්න උත්සාහ කරලා තියෙන්නේ. උතුරු මැද පළාතේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිරත් ඇතුළුව බෞද්ධාගමික සිද්ධස්ථාන වල පින්තූර සියලු පළාත්වල පෙන්වන්න ඕනේ. හොඳට නිරීක්ෂණය කළොත් දැකගන්න පුළුවන් ලංකාවේ සියලු උස් ස්ථාන සහ වෙරළබඩ ස්ථාන වල බෞද්ධ විහාර, බුදු පිළිම සහ චෛත්‍යයන් ඉඳි කරලා තියෙනවා. සම්පූර්ණයෙන් මුහුදෙන් වට වෙච්ච රටක් විදිහට මුහුදෙන් හෝ අහසින් එනකොට දකින්න ලැබෙන ප්‍රධාන දේ තමයි වෙහෙර විහාර. අනිත් අතට බක් මාසය උත්සව මාසයක් විදිහට සලකන්නේ ගහකොළ මල් සහ ඵල වලින් බරවෙන, වී අස්වැන්න ගෙදරට ගෙනත් තියෙන අවුරුද්දේ සශ්‍රිකම මාසය විදිහට සහ සිංහලයන් සියලු වාද භේද අමනාපකම් දුරුකොට එකමුතුවෙන, කෙලි සෙල්ලම් වල නියැලෙන, ආහාර පාන හැමෝටම බෙදාදෙන, කොටින්ම ජාතියක් විදිහට සිංහලයන් එකමුතු වෙන ජාතික උත්සවයක් පවත්තන මාසය විදිහට... සිංහල අවුරුදු උත්සවය මේ පොතට ඇතුළත් නොකළේ වහල් ආණ්ඩුවේ හිටියේ විජාතික මනසක් තිබ්බ පරගැතියන් නිසා...

:       465       1369

SurathWednesday, 25 December 2019 07:56 PM

ඔබේ වටිනා අදහස් නුරුස්සන අයත් ඉන්නවා

:       5       125

Champa Wednesday, 25 December 2019 05:52 PM

මීට අමතරව මැදගොඩ අභයතිස්ස හාමුදුරුවෝ පෙන්නලා දීල තියෙනවා හතේ පන්තියේ පොතක් ගැන. අධ්‍යාපන අමාත්‍යංශය වහාම ඒ පොත ලංකාවේ සියලු පාසල් වලින් නැවත ගෙන්වා ගෙන විනාශ කරලා දාන්න ඕනේ. පහුගිය අවුරුදු 5ක කාලයේ ලංකාවේ තිබ්බේ තනිකරම විකෘති පාලනයක්. වහල් ආණ්ඩුවේ කිසි කෙනෙක් රටක්, ජාතියක්, ආගමක් ගැන හැඟීමක් තිබ්බ පිරිසක් නෙමෙයි. ඒ හින්දා කුඩා කාලෙදීම දරුවන්ගේ හිතට විකෘති සහ අශෝභන අදහස් ඇතුල් කරන්න උත්සාහ කළා. ලෝකේ ඉස්සරහට යනකොට අපිත් ඒ වේගෙට යන්න ඕනේ කියලා, අපේ සංස්කෘතික හරයන්ට සම්පූර්ණයෙන්ම පටහැනි බටහිර රටවල තියෙන සංස්කෘතිය අපේ රටේ ජනප්‍රිය කරන්න, කරන්න පුළුවන් සියලු දේ කළා. පාසල් දරුවෝ සහ ගෙදර බුදුන් හැටියට සලකන අම්මාවරු තමයි ඒ සංස්කෘතියේ ලොකුම ගොදුරු වුනේ. අවුරුදු 10, 15 කිරි දරුවන්ටත් සමාජ රෝග හැදුණා කියලා අහන්න ලැබුණු හරිම අවාසනාවන්ත අවුරුදු 5 ක කාලයක් ලංකාව පහු කලේ.

:       2203       2171

MOHANThursday, 26 December 2019 05:36 AM

චම්පා, මුලින්ම ඔබ ඔය හතේ පොත කියවා සිටින්න. තම නිවෙස් තුළ සමීපතමයින් අතින් කුඩා දරුවන් දහස් ගණනක් දවසකට අපයෝජනය වෙනවා මේ රටේ. ඒ නිසි ලිංගික අධ්‍යාපනයක් නොමැති නිසා. දරුවන් මෙවැනි අධ්‍යාපනයක් ලබා සිටියොත් නොදැනුවත්ව සිදුවන දූෂණයෙන් කොහොම හරි ගැලවෙන්න පුළුවන්. මට පුදුම ඔබ කාන්තාවක් නම් මෙයට විරුද්ධ වන්නේ කෙසේද යන්නයි.

:       8       165

ChampaThursday, 26 December 2019 10:12 AM

පොත් දෙන්න ඕනේ දරුවන්ට නෙමෙයි වැඩිහිටියන්ට. ඔය පොත කියවලා වැඩිහිටියන්ගේ අතවර වලින් ගැලවෙච්ච එක ළමයෙක්ගේ ගැන කියන්න පුලුවන්ද? තම නිවෙස් තුළ සමීපතමයින් අතින් කුඩා දරුවන් දහස් ගණනක් දවසකට අපයෝජනයට පත් වෙන්නේ නිසි ලිංගික අධ්‍යාපනයක් නැති හින්ද නෙමෙයි, මේ රටේ නීතිය පිරිමින්ට ලිහිල් හින්ද. ස්වභාවයෙන්ම අපේ රටේ දරුවන් වැඩිහිටියන්ට බයයි. දරුවන්ගේ බයෙන් වැරදි ප්‍රයෝජන අරගෙන වැඩිහිටියන් දරුවන් අපයෝජනය කරනවා. අනිත් එක අපයෝජනයට ලක් වෙන දරුවන්ට එයින් ගැලවිලා යන්න තැනකුත් නැහැ. ඔය පොත හින්ද වෙලා තියෙන්නේ ඉතා අඩු වයසේ පාසල් දරුවෝ ලිංගික ක්‍රියාවලි අත්හදා බලන්න යාම.

:       76       30

Pathum Wednesday, 25 December 2019 06:34 PM

සමහර හෙන්චයියොත් ඉන්නවා මේවා පිටුපස...

:       4       110

Dhammika Thursday, 26 December 2019 05:44 AM

විග්ගේෂ්වරන්ලා මේ රට සිංහල බෞද්ධ රටක් නොවේ, ඒ සඳහා ඓතිහාසික සාක්ෂි තියනවා කියලා ලෝකෙටම කියන්නේ මේ වගේ වැඩකරලා තමයි. මේවා කලේ නායකයෝ ඇමතියෝ බලයේ හිටි කාලේ. පුදුමේ කියන්නේ මේ වැඩේට කැමති සාමාන්‍ය මිනිස්සුත් ඉන්නවනේ තවමත්.. ඉහත කොමෙන්ට් කියෙව්වම පේනවා. කරුණාකරලා මේ රටින් පලයල්ලා.

:       154       453

ධම්ම Thursday, 26 December 2019 07:40 AM

කොල්ලුපිටියට කොල්පෙට්ටි, මුතුවැල්ලට මුට්වොල්, කොටුවට ෆෝර්ට්, පිටකොටුවට පෙටා, බම්බලපිටියට බම්බා ආදිය ලෙසින් කියනකොට, අලුතින් හැදුන හැදෙන ලිබර්ටි ප්ලාසා, මිලේනියම් සිටි, මරීනා මෝල් , සිටි සෙන්ටර්, ආදී ලෙසින් නම් කරනකොට අනාගතයේ මේ නගරය අපේයැයි කීමට වෙනත් ජාතියක් ඉදිරිපත් වුවහොත් අප පුදුම වියයුතු නැත.

:       3       26

Walter White Thursday, 26 December 2019 01:54 PM

ඉතිහාසේ කෙසේ වෙතත්, ඉස්කෝලෙදි ආගම් උගන්වන්නේ ඇයි? එක ආගමක තියෙනවා ලෝකේ මවලා අවුරුදු 6000ලු, තව ආගමක තියෙනවා අපි හඳවටේ කැරකෙනවලු, තවත් ආගම් කියනවා කවුදෝ දෙවියෙක් ලෝකේ මැව්වලු, තව කෙනෙක් කියනවා එහෙම දෙවියෙක් නැහැ... දෙවියන් කෝටිගාණක් ඉන්නවා කියලා, තව අය තවතව ඉපදෙන එක නවත්තන්න අමුතු කතා කියනවා. ඕවා මත්තේ නැහිලා දුක් විඳලා ගුටි කෙළගෙන මැරෙන්නේ ඇයි? නිකම් තියෙන ජීවිතේ නාස්ති කරගන්නවා, ඉන්න කාලයේ හිත සතුටෙන් ඉන්න, ආගම් පිස්සුව අතාරින්න... මගේ යාළුවන් කියනවා ඔය ඔක්කොම ආගම්වලට අනුව මම යන්නේ අපායටලු, එහෙනම් හරි සන්තෝෂයෙන් අපායට යන්නේ...

:       0       17

ටෂ්මි සියාර Monday, 01 November 2021 02:30 PM

මට ඉංග්‍රීසි පොටේ පිටු අංක 77, 78, 79, 80.... පෙන්වන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

මහාචාර්ය සනත් නන්දසිරි වෙනුවෙන් සමරු මුද්දරයක්
2025 පෙබරවාරි මස 15 266 0

දිවංගත මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතාගේ 83 වැනි ඡන්ම දිනය වෙනුවෙන් තැපැල් දෙපාර්තමේන්තුව මගින් සමරු මුද්දරයක් උඩහමුල්ල සිරි ජිනරතනාරාම වි


දරුවන් අතරමං නොවන අධ්‍යාපන ක්‍රමයක් ඇති කරනවා
2025 පෙබරවාරි මස 15 259 0

දරුවන් අතරමං නොවන අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීම වර්තමාන ආණ්ඩුවේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.


මිනුවන්ගොඩ වෙඩි තැබීමට දෙකක් සැක පිට
2025 පෙබරවාරි මස 15 444 1

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පාසලක් අසලදී කරවල ව්‍යාපාරිකයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත


විද්‍යා පීඨ ගුරු පුහුණුව හොඳ කළක් යයි
2025 පෙබරවාරි මස 15 1118 1

විද්‍යාපිඨ තුලින් දෙන ගුරු පුහුණු අධ්‍යාපනය වසර 15කින් වෙනස්වී නොමැති බවත් ගුරුවරුන්ගේ වෘත්තීයභාවය වර්ධනය කරමින් නවීණ අධ්‍යාපන දැනුමින් සන්නද්ධ කි


කඩවත ගනේමුල්ල පාරේ ගිනිගත් මළ සිරුරක්
2025 පෙබරවාරි මස 15 1773 0

කඩවත මංගල මාවත ආසන්නයේ පිහිටි ලඳු කැලෑවක තිබී සිරුරට ගිනි ඇවිලනු මළ සිරුරක් අද (15) හමුවූ බව කඩවත පොලිසිය පවසයි.


මාර්ග අධිකාරිය අයිති නැති වැඩට කෝටි 14000ක් පුදලා
2025 පෙබරවාරි මස 15 1404 3

මාර්ග සංවර්ධන අධිකාරිය තම විෂය පථයට අයත් නොවන මාර්ග ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් කෝටි දා හතර දහස් හත්සිය පහළොවක් (14715ක් ) වැය කර ඇතැයි ජාතික විගණන කාර්යා


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 222 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 133 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 953 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site