පෙට්‍රල්, ඩීසල් හා දෙමුහුන් මෝටර් රථ 2035 වසරෙන් පසු බ්‍රිතාන්‍යයේ අලෙවි කිරීම තහනම් කිරීමට එරට රජය සැලසුම් කර ඇත.
එළඹෙන නොවැම්බර් මාසයේ බ්‍රිතාන්‍යයේ පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ දේශගුණ සමුළුවට අදාළ වැඩසටහනකට එක්වෙමින් බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් මහතා රජයේ මෙම ප්‍රතිපත්ති අනාවරණ කළේය.
මෙම තීරණයත් සමඟ විද්‍යුත් හෝ හයිඩ්‍රජන්වලින් බලගැන්වෙන රථවාහන මිලදී ගැනීමට ජනතාවට ක්‍රියාකළ යුතු වේ.
මෙම වසර පෘථිවියේ දේශගුණ වෙනස්වීම් අර්ථදක්වන වසරක් වනු ඇතැයි බ්‍රිතාන්‍ය අගමැතිවරයා මෙහිදී පැවසීය.
දේශගුණ විපර්යාසවලට එරෙහිව ගෝලීය වශයෙන් කටයුතු කිරීමේදී මෙම සමුළුව පැවැත්වීමට ලැබීම බ්‍රිතාන්‍යයට වැදගත් අවස්ථාවක් යැයි ඔහු ප්‍රකාශ කළේය.
2050 වසර වන විට කාබන් විමෝචනය ශුන්‍ය කිරීම සඳහා ක්‍රියාත්මක වන සැලසුම් මෙම වසර පුරා ක්‍රියාත්මක වන බවත් මේ සඳහා සියලු දෙනාට එක්වන ලෙසත් අගමැතිවරයා ඉල්ලා සිටියේය.
ස්කොට්ලන්තයේ ග්ලස්ගෝ නුවර පැවැත්වෙන මෙවර දේශගුණ සමුළුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්ෂික සමුළුවලින් එකකි.
-226-
(බීබීසී ඇසුරෙනි)
2025 දෙසැම්බර් මස 04
565
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
493
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2035 සිට පෙට්‍රල් - ඩීසල් වාහන බ්‍රිතාන්‍යයේ තහනම්
Nuwan Tuesday, 04 February 2020 03:01 PM
එහෙනම් අපේ රටේත් කරමු. සුද්දගේ දේවල්නේ කරන්නේ කොහොමත්... නමුත් හොඳ දේට හොඳයි කියන්නම ඕනෑ බ්‍රිතාන්‍යට.., ප්‍රංශයත් මෙවැනි තීරණයක් අරගෙන තියනවා දැනටමත්... අපි වගේ පසුගාමී රටක්... මේ 2020 වසරේත් හොරෙන් හොරෙන් විදුලිය කපනවා මෙච්චර පොඩි රටකට විදුලිය දී ගන්න බැරුව සේවකයින්, විදුලි ඉංජිනේරුවන් දහස් ගණන් තියාගෙන පොල් ගානවා විදුලි බල මණ්ඩලය. නැත්නම් අපරාදේ අර ලෝකෙම දිනුව නිසාන් ලීෆ් විදුලි කාර් එක අද කවුරුවත් නොගන්න තැනට වැටෙන්නේ නැහැ. ඔන්න ලංකාවේ ඉදිරි දැක්ම...
MaheeWednesday, 05 February 2020 12:22 AM
නුවන්ගේ කතාවට මමත් සම්පුර්ණයෙන්ම එකඟයි. රට විකුණලා හරි තමන්ගේ දරුමුණුබුරන්ට අනාගතය සලස්වා දියයුතුයි කියලා හිතන කට්ටිය හැර අපේ රටේ ඉන්නවද අනාගත පරපුර ගැන හිතන පාලකයෝ? කාබන් මොනොක්සයිඩ් වලින් හරි දුවන්න පුළුවන් වාහන තියෙනවා නම් තොග පිටින් ගෙන්නයි.
PradeepWednesday, 05 February 2020 02:52 AM
අපේ අය සුද්දා කරන දේවල් කරන්න පෙළබි සිටියට කරන්නේ අනර්ථ කාරී දේවල් විතරයි. සුද්දා කරන හොද දේවල් කරන්න පෙලබෙන්නේ නෑ. අපේ රටේ තරුණයෝ කි දෙනෙක් නම් විද්‍යුත් රථ නිෂ්පාදනය කර පෙන්වුවද.. කෝ නිසි ඇගයීමක්.. කොමිස් මුදලට වහ වැටි සිටින පාලකයින් සිටින තුරාවට අපි පරාධීන ජාතියක්..
Perera Tuesday, 04 February 2020 08:58 PM
බ්‍රිතාන්‍ය ඕවා කරද්දී මේ රට යන විදිහට ශ්‍රී ලංකාවේ අපිට නම් තව අවුරුදු 15කින් කරත්ත වලින් තමා යන්න වෙන්නේ.
wicky Wednesday, 05 February 2020 02:05 AM
මොනවා කරන්නත් කලින් මෙහෙ පොදු ප්‍රවාහන සේවය හදල ඉන්න ඕනි. හොද ප්‍රවාහන සේවයක් තිබුනානම්, පෞද්ගලික වාහන භාවිතය අඩු වෙනවා. අවශ්‍යම කෙනෙක් පමණක් තමන්ගේ භාවිතා කරාවි. ත්‍රී රෝද වලට හයරි අඩු වේවි. එතකොට කොහොමත් පොසිල ඉන්දන භාවිතය අඩු වෙනවා. ඊලගට පුළුවන් පොසිල ඉන්ධන වෙනුවට විකල්ප බලන්න. බයෝ ගෑස් වගේ දේවල් සදහා යොමු වෙන්න පුළුවන්, නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඕව කරන්න අපේ දේශපලුවොන්ට කොමිස් දෙන්න ඕනි. ඉතින් කිසිම ආයෝජනයක් කරන්න මේ රටේ කැමති නෑ
de silva Wednesday, 05 February 2020 06:40 AM
ඔය ඔක්කොම කරන්න ඉස්සරවෙලා, පෙට්‍රල් ඩිසල් විශාල ලෙස ගිලින ප්‍රාඩෝ වැනි වාහන වලට දේශපාලකයන්ට දෙන තීරුබදු රහිත බලපත්‍රය අහෝසි කරලා ඉන්න.