
මෙම ආණ්ඩුව ඉදිරිපත් කර ඇති අයවැය යෝජනාවට අනුව 2021 වසර අවසන් වන විට ශ්‍රී ලංකාව ට්‍රිලියන 18 ක ණය කන්දක හිරවන බවත් ඒ සඳහා විකල්ප ලෙස නැවත ණය ගැනීම හෝ සල්ලි අච්චු ගැසීම බවත් ජාතික ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී විජිත හේරත් මහතා අද (19) පාර්ලිමේන්තුවේදී පැවසීය. එය අසමත් බවේ ලක්‍ෂණයක් ලෙසින් ද විජිත හේරත් මහතා විසින් හඳුන්වන ලදි.
ආණ්ඩුව ඉදිරිපත් කළ 2021 අයවැය පිළිබඳව විවාදයට එක්වෙමින් විජිත හේරත් මහතා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.
“රටක් හැටියට 2021 වසර අවසන් වන විට අපි ට්‍රිලියන 18 ක ණය කන්දක හිරවෙනවා. මෙයට විකල්ප දෙකයි තියෙන්නේ. එකක් ණය ගන්න එක. අනිත් එක ඔබතුමන්ලා යෝජනා කරන්නේ සල්ලි අච්චු ගහන එක. ණය ගැනීමයි, සල්ලි අච්චු ගැසීමයි කියන්නේ අසමත් කමනේද?”
“ආණ්ඩුව ඉදිරිපත් කරපු අයවැයේ ඉතා පැහැදිළිව කියලා තියෙනවා ආදායම බිලියන 1961 කියලා. ඒ වගේම වියදම බිලියන 3500 කියලා. මේ අදායම සොයාගන්නා උත්පාදන ක්‍රමයක් ගැන සඳහන් කතරලා නෑ”
“ආණ්ඩුව ඉතා පැහැදිළිව මේ අයවැය තුළ යෝජනා කරලා තියෙන්නේ තවත් බිලියන 3000 ක් අලුතෙන් ණය ගන්න. 2020 තුළ බිලියන 2000 ක් දැනටමත් ණය අරන් තියෙනවා. පාර්ලිමේන්තුවේ අනුමැතියක් නැතුවත් මේ ආණ්ඩුව බිලියන 2000 ක් ණය අරගෙන තියෙනවා. දැන් යෝජනා කරනවා තවත් බිලියන 3000 ක් ණය ගන්න. ඒ කියන්නේ මේ අවුරුදු දෙකට පමණක් 2020 සහ 2021 ට අවුරුදු දෙකට පමණක් මේ අසමත් ආණ්ඩුව බිලියන 5000 ක් ණය ගන්න යෝජනා කරනවා. ඒ කියන්නේ ටි්‍රලියන 5 ක්”
“සේමසිංහ ඇමතිතුමා කිව්වා 2014 වන විට ටි්‍රලියන හතක ණය බරක් තිබුණා කියලා. එක්සත් ජාතික පක්‍ෂය ඒක ට්‍රිලියන 13 දක්වා වර්ධනය කරා කියලා. ඒ අවුරුදු පහ තුළ ට්‍රිලියන හයකින් ණය බර වැඩි කළා කියලා. ඔබතුමන්ලා අවුරුදු දෙකක් ඇතුළත ට්‍රිලියන පහකින් මේ ණය බර වැඩි කරනවා. ඒක හරිද?
“මේ කරන්නෙත් නැවත ණය කන්දක රට හිරකරන එක නේද? එදා එක්සත් ජාතික පක්‍ෂය බලයට එනවිට කිව්වා රාජපක්‍ෂ පාලනය රට ණය කළා ඒකෙන් රට මුදොගන්න කියලා. නමුත් එතුමන්ලා කළෙත් රට ණය උගුලක පැටලීමයි” යැයි ද හේරත් මහතා වැඩි දුරටත් පැවසීය.
-048
COMMENTS
මෙලෝ වැඩකට නැති ආර්ථික විශේෂඥයා.
ණය කියලා දෙයක් නෑ පුතා, ඔය ගන්න ඔක්කොම අදායම තමයි. ඕවා ගෙවන්න ඕන නැහැ. අපිත් දිනුම් රටත් දිනුම්...
ආර්ථික ඔස්තාර්....
නිකන් බොරුවට කියවන්නේ නැතුව ගෙවන්න පුළුවන් ක්‍රමයක් හදලා ආණ්ඩුවට කිව්වානම් හොඳයි.
හරි ඉතින් පඬි වදන් දෙන්න කලින් මේකට කරන්න ඕන දේ කියන්නකෝ කෙලින්ම.
නය ගන්නෙ නැතුව රට කරන හැටි ඔබතුමා කියන්නකෝ. ලෝකෙ ගොඩාක් රටවල් ඉන්නවා එහෙම දෙයක් ඉල්ලන. ඔබතුමාට නොබෙල් ත්‍යාගය උනත් ලැබෙන්න පුලුවන්.
ඉතින් විකල්පය මොකක්ද?
අවුරුදු 5ක් තිස්සේ ඔබ රනිල් එක්ක එකතුවෙලාකරපු දේවල් තමයි. ණය බර ගිය අවුරුදු 5 ලොකු ගාණකින් වැඩි වුණා. ඒ මදිවට රටේ වටිනාම සම්පත් චීනාට දුන්නා.
ඔබගේ විසඳුම කුමක්ද?
ආර්ථික ඔස්තාර් යටත් විජිත.. මෙ දවස්වල අත යට බුරුස් නැති නිසා බොරු කියනවා වියරු වැටිලා...
ජෙප්පන්ට බලය ලැබුනොත් ණය නැතිව රට ගෙනියන්න පුලුවන්ද? හැබැයි කොමියුනිස්ට් ක්‍රමයට මිනිසුන්ගේ තැන්පත් මුදල් බලෙන් අත්පත් කරගන්න වත් විදේශීය ගිණුම් අත්පත් කරගන්නවත් අපි ඉඩදෙන්නේ නැහැ. එදාට දෙගොල්ලන්ම ටයර් සෑයවල යාවි. ඔහෙලගේ මූලික අරමුණ අපි දන්නවා. හැබැයි ඒ අරමුණට යාමේ ක්‍රමය පමණක් වෙනස් වෙලා. ලේ සැලෙන විප්ලව දැන් කරන්න බැහැ. ඒ හරක් විකුණලා බොහොම කල්...