(රංජන් කස්තුරි සහ යොහාන් බාසුර)

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ  2020 විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් කැඳවන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

විභාග දෙපාර්තමේන්තුවේ https://www'doenets.lk යන වෙබ් අඩවියට පිවිස ‘‘අපගේ සේව‘‘ යටතේ ඇති මාර්ග ගත අයදුම්පත් ‘‘පාසල් විභාග“ මත කිල්ක් කිරීම මගින් හෝ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල ජංගම දුරකතන යෙදවුම වන DOE වෙත පිවිස මාර්ග ගත අයදුම්පත් (පාලස් විභාග) මත ක්ලික් කිරීම මගින් අයදුම්පත් යොමුකළ හැකි බව ද විභාග දෙපාර්තමේන්තුව කියයි.

අයදුම් පත් බාර ගන්නා අවසාන දිනය මේ මස 25 වැනි දින වන අතර වැඩිදුර තොරතුරු 011- 2785231 හෝ 011-2785216 යන දුරකතන අංක ඔස්සේ ලබාගත හැකියි.