
(හර්ෂණ තුෂාර සිල්වා)
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය, ජපානය සහ ඉන්දියාව අතර 2019 වසරේ මැයි මාසයේ අත්සන් තැබුණු ත්‍රෛපාර්ශවීය අවබෝධතා ගිවිසුම කඩිනමින් ක්‍රියාත්මක කරනු ඇතැයි ඉන්දීය රජය බලාපොරොත්තු වන බව එරට කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.
නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා වරාය අධිකාරියට පැවරීමට ශ්‍රී ලංකා රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයෙක් අද (1) ඒ බව පැවැසීය.
ශ්‍රී ලංකා අදාළ ගිවිසුමට අදාළ ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නායකත්ව මට්ටමින් ද මීට පෙර ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇතැයි හෙතෙම කීය.
විදෙස් ආයෝජකයන් සමඟ මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යෑමට ශ්‍රී ලංකා ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය මීට මාස තුනකට පෙර තීන්දුවක් ගත් බව ද ඔහු කීවේය.
සියලු පාර්ශව දැනට ඇති ගිවිසුමට අදාළ අවබෝධතා සහ වගකීම්වලට බැඳී සිටින බව ද හෙතෙම තවදුරටත් සඳහන් කළේය.
COMMENTS
කොහොමද තර්ජනය ..? දැන් සැපද?
කාලා වරෙන්කෝ, දැන්....
ඇසිඩ් පරීක්ෂණයක්...!!!
ඔබ අවවාද දෙන්නේ මුලු රටේම විරෝධතා දකිමින් ඒවාට උඩින් යන අය නේද?
දැන් කාලා වරෙන්කෝ...
ඉන්දියානු ව්‍යාප්ත වාදයට ලංකාව යටත් වෙනවාද?
විදේශ රටවල සිටින අපේ තානාධිපතිවරුනුත් මේ වගේ උපදෙස් දෙනවද?
මෙන්න ජනාධිපතිගේ එඩිතර බව පෙන්නන්න අවස්ථාව... මෙතැනදී ක්‍රියා කරන ආකාරයෙන් රටම දැන ගනී සිංහයෙක්ද සිංහ වෙස් ගත් කැනහිලෙක්ද කියලා...?
යහපාලනය තවත් මොන ගිවිසුම් අත්සන් කරලද දන්නේ නැහැ. දැන් තමා එළියට එන්නේ... ඒ කාලෙ සද්දයක් නැතිව හිටපු ජෙප්පො දැන් නින්දෙන් ඇහැරිලා - තවමත් යහ පාලනයට ආවඩනවා.
2019 මැයි මාසයේ යහපාලකයින් ගිවිසුම් අත්සන් කරනකොට මේ ජෙප්පන් හා මදුරුවන් කොහෙද හිටියේ?
දෙගොල්ලන්ම එකතුවෙලා වැඩේ කලේ ...
කොන්ද පණ නැති නායකයින්... මේ අය කවුද අපේ රටේ තීන්දු තීරණ ගැන බල කරන්න..?
හරිහැටි කරුණු කාරණා පැහැදිලි නොමැති මේ ගිවිසුම් ගැන අටුවා ටීකා කියන්න අප දන්නේ නැහැ. ඒවා කෙසේ වෙතත්, වරාය කියන්නේ නම් තනිකරම හොර ගුහාවක් බව නම් කිවයුතුව ඇත. බොහෝ සේවකයන් මෙතෙක් පැවති රජයන් හා දේශපාලකයින්ගේ සුවච, කීකරු හෙන්චයියන්. එය තමයි අමිහිරි සත්‍යය. මෙතන ඔවුන් පෙන්වන පොදු දෙයට වඩා පවතින්නේ වරාය තමන්ගේ ග්‍රහණයෙන් මිදීමෙන් තමන්ට වන පුද්ගලික හානියයි.
අද ගම්මන්පිල ඇමති කියනවා බටහිර ජැටියට ඉන්දියන්, ජපාන සහ ශ්‍රී ලංකා කලින් පරිදි ගිවිසුමක් අත්සන් කරනවා කියලා. එතකොට බටහිර, නැගෙනහිර මොකක් වුණත් 69 ලක්ෂයක් දේශප්‍රේමියන් පත්කරපු ආණ්ඩුව කරන්නේ ඒ අයම දේශද්‍රෝහී කියලා යවපු රනිල්ගේ යහපාලන ආණ්ඩුව කරපු දේම නෙමෙයිද? එතුමා යෝජනා කරපු පරිදි ජැටියේ ඉතුරු මීටර 600 හදන්න ඉතා අඩු පොලියට ජපන් ණය අරගෙන ලංකාවට 51% සහ ඉතුරු 49% ජපානය සහ ඉන්දියාව සමග සමාගමක් මගින් ඉන්දියාවටම ප්‍රතිඅපනයනය කළා නම් මෙච්චර ඇන ගන්නේ නෑ නේද? අපේ ප්‍රධාන අසල්වැසියා සමග... වැඩේ වුනේ හම්බන්තොට වරාය බදුදීම විකිණීමක් ලෙස බොරුව ජනගත කොට බලයට පැමිණීම පාරාවලල්ලක් වීම...
මේකේ අදහස් දාන අයට චීනයේ ලොකුසර් සෙල්ලම් දානකොට කිසි කතාවක් නැහැ. යුද හමුදා මූලස්ථානය සින්නක්කර චීනෙට දුන්නේ ජනතාවද? හම්බන්තොට දුන්නේ ජනතාවද? හැම කෙනාම රට විකුණන එක තමයි කරන්නේ. ඒක නන්දසේන කළත්, රනිල් කළත්, මහින්ද කළත් වැරැදියි. මෙයාලා එන්නේ රට රකින්න නොවෙයි. රට විකුණන්න.